විදුහල්පතිනියක හා සම්මාන ලාභී ගත්කතුවරියක වු අයිලින් සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වුවාය. ඇය නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විදුහලේ හා කොළඹ විශාකා විදුහලේ හිටපු විදුහල්පතිනියකි. ඇය පරිවර්තන කිහිපයක් ද ලියා පළ කළාය.
මිය යන විට ඇය 87 වැනි වියේ පසු වූවාය.
ඇය මාතර වේරගම්පිට ඉපදුණාය. කොළඹ විශ්වවිද්‍යාලයට බැඳී උපාධියට සිංහල, ඉංග්‍රිසි හා පාලි විෂයන් හැදෑරුවාය. සිය අනාගත සැමියා ඇයට හමුවුයේ එහිදීය.
අයිලින් මුලින්ම මොරටුව වේල්ස් කුමර විදුහලේ ගුරුවරියක වුවාය.
බලන් හරිනි කඩතුරාව නව කතාවට 1984 ආරම්භ වර්ෂෙය් දී ඇය ඩී. ආර්. විජයවර්ධන ත්‍යාගය දිනා ගත්තාය. ඇය තුන් දරු මවකි. දියණිය සයිරිනි ඔක්ස්ෆර්ඩ් සරසවියේ නීතිය හදාරා නීතිවේදිනියක වී සිටින්නීය. ලොකු පුතා පරිගණක විශාරදයෙකි. බාල පුතා ව්‍යාපාරිකයෙකි. ඔහු සංගීතය ද හදාරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගඟ අද්දර (බ)
ගුරු මාතාවනි,ඔබ තුමියට උතුම්වූ නිවන් සුව අත්වේවා.(අ)
ශ්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ බිහිවූ ඉතාම උගත් ,බුද්ධිමත් ,වැදගත් " ගුරු දේවතාවියක් ". ඔබතුමියට උතුම්වූ නිවන් සුවය අත්වේවා. (බ)
නිහඬ ජාතික සේවයක් කළ ඔබට නිවන් සැප ලැබේවා (බ)