නාවුල කඩවත ඇලගමුව මහා විදුහලේ ඉගනුම ලබන අයියයි මල්ලියි තනිවම කුඩා පැල්පතක ජිවත් වෙති.
චාමර අජිත් කුමාර 13 වැනි වසරේ උසස් පෙළ විභාගයට සූදානම් වෙයි.
චමල් අරුණ සාමාන්‍ය පෙළ විභාගයට මෙවර ලියන්නට උගෙන ගනී. මේ දරුවා ඉපදී දින 15ක් ගත වෙද්දී සිය මව මිය ගියාය. පසුව මිත්තනිය ළග හැදුණු මේ දරුවන් දෙදෙනාගේ පියාද වෙනත් ප්‍රදේශයක ජිවත් වෙයි. මිත්තනිය අංශ බාග රෝගයකට ගොදුරු වී සිටින්නීය.
ඉගෙනීමට ආශාව ඇති නිසා මේ දෙදෙනා පාසල අසල කුඩා නිවසක ජීවත් වෙති. නිවාඩු දිනවල කුලී වැඩක් කරති.
මෙම ළමයින්ට කතාකරන්න 0778423122, විදුහල් පති - 0770867636, කාංචන 0773416157
(විදුහල්පති)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරකාර තාත්තලට මේවා පෙන්නේ නැද්ද දන්නේ නෑ. මම රුපියල් 35,000/ ක මාසික පඩියක් ගන්න කෙනෙක් ඒ වුණත් පුලුවන් විදියට මේ සහෝදරයෝ දෙන්නට උදවුවක් කරනවා. (අ)
අනේ! මේ දරුවන්ට අපි හැමෝම එකතුවෙලා ඉන්න කාමරයක් හදලා දෙන්න උදව් වෙමු. හැකියාවක් ඇත්නම් ලංකාදීපය එසැණ පාඨක ගිණුමක් ආරම්භ කරන්න (නි)
මම කැමති උදව්වක් කරන්න..! (අ)
මේ දරුවන්ට උදවු කරන විදිහක් කියන්න..... (නි)
ඔය දරුවෝ දෙදෙනාට නම් වරදින්නෙ නැහැ කවදාවත්, වරද්දන්නත් බැහැ. හිත ඇත්නම් පත කුඩාද (නි)
කියනවට වඩා පෙනෙනවට වඩා තවත් යමක් මෙතන තියනවා වගේ (නදී)
ඔය පාසලේ ගුරු දෙගුරු සමිතිය,ගමේ සුභසාධක සමිතිය.විහාරස්ථ දායක සභාව,ගමේ ප්‍රභූන් ,ප්‍රාදේශීය සභාව ,පළාත් සභාව,කොට්ඨාශය නියෝජනය කරන මන්ත්‍රී,ඇමතිවරු දැන් දොස් කියයි ඇයි අපිව මේ දරුවන් දෙන්නා ගැන මුලදීම දැනුවත් කිරීමක් නොකළේ කියා (නි)
අර තප්පුලන් නැති බලධරයාගේ අධ්‍යාපන ක්‍රමයේ ආස්චර්යක්වත්ද? (නදී)
මහා බැංකුවේ වාර්ථා අනුව වාර්ෂික ඒක පුද්ගල ආදායම රුපියල් ලක්ෂ හතරකටත් වැඩියි. ඒත් රටේ තත්වේ මේකයි (නදී)
අල්ලට සිගාවත් රසනැති කැවිලි කකා, වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා, කල්ගිය රෙදි වැරලි ඇග දැලි කුණෙන් වකා, ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා. (ස)
පව් දුකයි එත් මේ වෙලාවේ උදව් කරන ක්‍රමයක් නැති එක ඊට වඩා දුකයි. මගේත් රස්සාව ඉවරයි. මේ වගේ දරුවන්ට උදව් කරන එක ලොකු පිනක්. එහෙම උදව් කරන්න උත්සහ කරන ඔයාලට බුදු සරණයි. (නදී)
සම්බන්ධ කර ගත හැකි අංක දාල තියෙද්දිත් මොනවද තවත් ඉල්ලන්නේ. (නදී)
කොහොමද මේ රටේ අස්චාර්ය. සමහර පුත්තුන්ගේ සපත්තු දෙක ලක්ෂ ගණන්. ඔන්න මේ රට අරන් තියන සම්මානය (නදී)
මේ නොම්මරවලට මම දැන් කෝල් ගන්නවා එකක්වත් වැඩ නෑ. මාත් කැමතියි උදව් කරන්න පුතේ. මටත් පුතාලම 3 දෙනෙක් ඉන්නේ (නදී)
අපේ රටේ ලොකු ලොක්කෝ රටේ සංවර්ධනය මනින්නේ පාවිච්චිකරන ටෙලිෆෝන් ප්‍රමාණයෙන් බව අපි අහල තියනවා. මේ දරුවන්ගේ ටෙලිෆෝන් දෙකත් එ්කට එකතු ඇති. දරුවන්ගේ පියා ජිවතුන් අතර ඉඳලත් දරුවන්ට මෙවන් ඉරණමක් අත් වීම පුදුමයට කරුණක්. තමන් මෙලොවට බිහිකළ දරුවන් ගැන පියවරුන්ට ලොකු වගකීමක් ඇති බව වටහා ගත යුතුයි. (නදී)
මේක සිරි ලංකාවේ වෙන්න බැහැ. අප්‍රිකාවේ රටක් වගේ. සිම්බාබ්වේ, ගානා, නැත්තන් නයිජීරියා වත් ද. කොහොමත් පත්තරේ මහත්තයට බොහොම ස්තුතියි. (නදී)
අපි වෙන රටකින් වෙලාව වෙනස බලලා ලංකාවට කතා කළත් මේ අයව සම්බන්ධ කරගන්න අමාරුයි. (නි)
තාරුණ්‍යට හෙටක් කෙසේ වෙතත් අදක්වත් තියෙනවාද කියන ප්‍රශ්නයට උත්තර දෙන්නේ මෙයින් එක ඡායාරූපයක් වුණත් සෑහෙනවා. මහජනතාවට අයිති පාරවල් "මහා" ජනතාව වෙනුවෙන් වසාගෙන මෝටර් රථ ධාවන තරඟ පවත්වන දරුවන් සිටින රටක හෙටක් වෙනුවෙන් අකුරු කරන මේ දිරිය පුතුන් දෙන්නාට ඉදිරියටම යාමට වාසනාව ලැබේවා! (නි)
මමත් කැමතියි මේ දරුවන්ට උදව් කරන්ඩ (නදී)
මෙන්න නිදහස් අධ්‍යාපනය (නදී)
මම කැමතියි මේ පුතාලා දෙන්නට උදව් කරන්න. එයාලට කතා කරන්න එයාලගේ දුරකතනය සම්බන්ද කරගන්න බැහැනේ (නදී)
ලංකාදීපයට බොහෝ ස්තුතියි මේ කරන මාධ්‍ය මෙහෙවරට. (නදී)
මේ දරුවන් සඳහා උපකාර කිරීමට මම කැමති. මුලින්ම දරුවන්ගේ නිවස සාදාගැනීමටත් ක්‍රමයක් ගැන දැනුවත් කරන්න. (නදී)
එයාලගේ වයසේම ඉන්න යාලුවෝ ටික එකතු උනානම් එයාලට ඉන්න තැන ටිකක් පිළිවෙලකට හදා ගන්න තිබුන නේද. විදුහල්පති තුමා මේ ගැන මැදිහත්ව කටයුතු කලානම් මම අවශ්‍ය දේ ගන්න මුදලින් ආදර කරන්නට පුළුවන්. මගේ විද්‍යුත් ලිපිනයට ලියන්න. (නදී)
මොනවද කියන්නේ කියල හිතාගන්න බෑ. ඔය එක එක වාර්තා අරගෙන පම්පෝරි ගහන අය දන්නවද මේවගේ අයත් ලංකාවේ ජීවත් වෙනවා කියලා. අපි නොදන්නා මේ වගේ අය කොච්චර ඇතිද. ක්‍රමයක් කියන්න මෙයාලට ඉගෙනගන්න උදව් කරන්න. (නදී)
සියලු දෙනාට සලකමු අහිංසක දරුවෝනේ (නදී)
රජයෙන් මේ වගේ දරුවන්ට ගොඩක් ආධාර කරන්න ඕනෑ.බොරුවට ඡන්දෙ කාලේදී විතරක් මහා ලොකුවට වියදම් කරන මහා ලොකු ඇමතිලට මේ වගේ මිනිසුන්ට වියදම් කළාට පාඩුවක් වෙන්නේ නැහැනේ (නි)
මට මොනවා ලියන්නද කියලා හිතාගන්න බැහැ. හරිම කණගාටුවක් දැනෙනවා. අනේ අපි පුළුවන් හැටියට උදවු කරමු (නි)
මේ ළමයි දෙන්නට බැංකු ගිණුමක් හදවන්න. හදලා ඒක මේ වෙබ් අඩවියේම දාන්න (නි)
ඉගෙන ගන්න දුක් වින්ද අය තමා එ්කේ දුක දන්නේ. එයාලට මහා ලොකුවට නොඋනට පුළුවන් විදියට පොත් පත් වලින් හරි මමත් උදව් කරන්නම් (නදී)
මේ දරුවෝ දෙන්න දැක්කම පුදුම වේදනාවක් දැනුනේ, මට මතක් උනේ මේ කවිය අල්ලට සිගාවත් රස නැති කැවිලි කකා. , වල් කොළ බිම අතුර නිදි නොලැබ දුක් තකා. කල් ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන් වකා., ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා. මම මේ මස ගෙදරට සල්ලි දැම්මම පුතාලට කියා ඔය දෙන්නට සල්ලි ටිකක් දෙන්නම් පුතේ. ත්‍රිවිද රත්නයේ පිහිටෙන් ඉගෙන ගන්න පුතේ කවදාවත් වරදින්නේ නැහැ ඔයාලට. (නදී)
හැබෑටම මේකද ඔය ආසියාවේ ආශ්චර්යය කියන්නේ. අධි වේග මාර්ගයේ එක කිලෝමීටරයක් හදන්න මිලියන කීයක්ද ගියාලු. මේ ළමයි දෙන්න ඌව පළාතේ හිටියනම් කාටත් පෙනේවි. පත්තරෙන් කියන කල් මේවා කාටවත් නොපෙනෙන එක නොව පුදුමේ. ඇලගමුව ප්‍රාදේශීය සභාවකට අයිති නැති ප්‍රදේශයක් වෙන්න ඇති. (නදී)
මාරි විලියම්ස් ඔයාගේ අදහස ගොඩක් වටිනා අදහසක්. පාසලේ යාළුවො නිවාඩු දිනක එකතු උනානම් පොඩියට මැටි ගහල හරි ගෙයක් හදා ගන්න තිබුනා නමුත් මේ ඉඩම කාගේද කියා විස්තරයක් නැහැ නේද..?මේ ගැන විදුහල්පති තුමාගේ අවදානය යොමු වේවා (නදී)
යාලුවනේ, ඔබ දෙදෙනා හොඳට ඉගෙනගන්න (නි)
මම කැමතියි මේ ළමයි දෙන්නට උදව් කරන්න. කියන්න ක්‍රමයක් (නදී)
මම ටිකකට ගොළු උනා වගේ දැනුනා මේක දුටුවම. පුදුමයක් නොවේ කියල මම දන්නවා. එ්ත් දෙවියනේ මේ තත්වෙට පත්වුනේ ඇයි? මම ටිකක් හිත හදා ගත්තා අද මුදලක් යවල අර ස්වාමීන් වහන්සේට මෑණියන්ට නිවසක් සාදා ගැනීමට, මම සිතුවා ටික දිනකට සැනසෙන්න ඒ ඇති කියලා. අනේ දෙවියනේ, මට ටිකක් අඩන්න ඕනේ මගේ හිත පාලය වෙනකම්. (නදී)