බීමතින් බස් මගීනට හා සේවකයනට පිටිගල වැයිහේනේ දී පහර දුන් බව කියන සහෝදරයන් දෙදෙනකු පොලිසියට ද පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දේශපාලන බලය යොදා ඔවුන් මුදා ගැනීමට උත්සාහ ගන්නා බව ද පොලිස් ආරංචි සඳහන් කරයි.
දේශපාලනඥයා පොලිසියට බලපෑම් කර ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණු පහදලා දීල හරි මාර්ගයට ගත යුතුයි. දේශපාලනය කරනවා නම් කාට උනත් මැර බලය චුට්ටක් හරි . (ස)
නීතියේ ආධිපත්‍යට වෙමින් පවතින දෙයක අපූරුව (දී)
රට වැඩියෙන්ම කන්නේ රටේ පාලකයෝ ..එයාල තමයි චන්ඩි බිහි කරන්නේ කරන්න දෙයක් නැ ඔය මහා තේජසින් බබෙලෙන අය ගදර යවා රටට ගමට ආදරය කරන කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් දන්නා අයව රටේ පාලනයට පත්කරගැනීම අපේ වගකීම මොලේ පොඩි බඩ ලොකු අයියලා , නලගණන් , අහසින් කඩන් වැටෙන තරුවලට මනාප දීමෙන් වැලකුනොත් මේ වගේ අය බෝවීම අඩුවෙයි . (දී)
නිකරුනේ දේශපාලකයින්ට දොස් කියන්න එපා.දේශපාලකයින්ගේ කටුකන කුක්කෝ තමයි ඔවුන්වත් නරක් කරලා තියෙන්නේ. අඩුගානේ අපට වත් දේශපාලකයින්ගේ අඩුපාඩුවක් පෙන්වා දෙන්න බැහැ. එලව එලවා හපාකන්න හදනවා. අවාසනාවට, බුද්ධිමත් දේශපාලකයින්ටත් මේ කුක්කෝ කියන දෙය අහන්න සිදුවෙලා. ඇයි? චන්ද ටික තියෙන්නේ මේ කුක්කන්ගේ අතේනේ.(දී)
අනේ ලංකාවේ පොලිසියට ගිය කල ඉන්දියාවේ පොලිසියට ගිය කලම තමයි ලංකාවෙත් (දී)
පොලිසිටය ගහන්න තරම් පහත් වෙලාද ඔවුන් (දී)
බන්දුලගේ කතාවත් හරි පිටිගලගේ කතාවත් හරි ඕක තමයි ලංකාවේ තත්වය මැර බලයක් නැත්නම් දේශ පාලනය කරලා හම්බකරන්න බැහැ. දැන් පවතින්නේ කණගාටු දායක තත්වයක් . (දී)
හරි පුදුමයි මම නම් හීනෙකින් වත් හිතුවේ නැහැ, ලංකාවේ කොහේ සිදු උනත් පිටිගල පැත්තේ ඔය වගේ දේවල් වෙයි කියල. එහෙත් එතකොට මැරයෝ ඉන්නවද? (දී)
මේ කියන දේශපාලකයාගේ නම් ගම හෙළි කරන්න කෝ අපිටත් දැන ගන්න (දී)
එකත් එකටම දේශපාලන උත්තමයාගේ සහෝදරයන් වෙන්න ඇති. සාමාන්‍යයෙන් ඔවුන්ගේ පවුල් වල උදවිය තමා පොදු මහජනතාවට මේ විදියට පුප්පන්නේ. !(දී)
පොදු ජනතාවට හිරිහැර කරමින් මහජන දේපල හානි කරන මැරයන් මුදා ගන්න ඉදිරිපත් වෙන දේශපාලකයන් ගේ නම් සොයා මාධ්‍ය වල පල කල යුතුයි. එතකොට නොදැනුවත්කමින් හෝ මෙවර කතිරය ගහපු උදවිය ඊළඟ වතාවේ ඒ මෝඩකම කරන්නේ නැහැ. (දී)
බන්දුලගේ තියරිය නම් හරි අපුරුයි ..කරුණු පහදලා හරි මාර්ගයට ගන්න ඕන දේශපාලකයන් ද ? මම මෙපමණ කල් සිතාගෙන හිටියේ එවැනි හික්මීමේ උපක්‍රම භාවිතා කරන්න ඕන ගෙවල් වල ඉඳගෙන දඟ වැඩ කරන පොඩි දරුවන් සම්බන්ධයෙන් කියලා. නරකද මේ ගෙම්බර් කාරයන් ඔක්කොම ඔබේ තැනක නවත්තා ගෙන හික්මීමේ වැඩමුළුවක් පැවැත්තුවොත්. (දී)
මැර අපේක්ෂකයන්ට චන්දෙ දීල දිනවලා ඊට පස්සේ ඔව්න්ගෙන් බලාපොරොත්තු විය යුත්තේ මැරකම් මිසක් වෙන මොනවද (දී)
වැරදි දේශපාලකයින්ට චන්දෙ දෙන අපිද (දී)
මේකේ වරද පොලිසියේ කියලා සමහරු කියනවා, බලපෑම කරන දේශපාලකයාගේ කියලා තව අය කියනවා, ඡන්දෙ දුන් මිනිසුන්ගේ කියලාත් කියනවා. බීපු මිනිසුන් දෙදෙනාගේ කියලා තවත් අය කියනවා. ඒත් අපි කවුරුත් දන්නවා වැරැද්ද කාගේද කියලා. (නි)
දුරදිග නොසිතන ඡන්දදායකයනුත් බලලෝභී දේශපාලකයනුත් මුළු රටම කනවා. (නි)
නිමල් මහත්තයා නම් රැවටිලා වගෙයි. ඕවා නතර කරන්න බැහැ. (නි)
නොදන්නාකමට කරන්න ඇති. අනේ ඕක අමතක කරන්න (නි)
පොලිසියට ගහන්න තරම් හයියක් කොයින්ද? (නි)
දෙයියෝ සාක්කි (දී)
ඕක තමයි හෙනේ. කොහේ ගියත් දේශපාලකයන් තමයි රට වනසන්නේ. (ස)
දේශපාලකයන් හිතාගෙන ඉන්නේ පොලිස් දෙපාර්තමේන්තුව එයාලගේ බූදලයක් කියලද ? (ස)
ලංකාවේ දේශපාලකයන්ට ජයවේවා ... ආයුබෝවේවා (දී)
පොලිසියේ ඔක්කම සද්ද අහිංසක මිනිසුන්ට තමා. දේශපාලකයෙක් සම්බන්ද උනාම පුංචි ළමයි වගේ (දී)
අනේ මහතුනේ දැන්වත් අපි මේ දේශපාලනයෙන් ඇත් වෙලා ස්වාදීනව වැඩ කරමුද ? (දී)
තව බලපෑම් එන්න ඉස්සර ආයුධ පෙන්නන්න එක්ක යන්න. (දී)
එකත් එහෙමද පොලිසිය ලංකාවේද අනේ මන්ද මේ ආයතන කවද හැදෙයිද ?(දී)
එකනේ ගියා නම් හරි සග උණු ආයුධ පෙන්වන්න (දී)
අයියෝ සුළු දෙයයි..අඩු හතර කඩන්න දෙන්නගෙම..ඊට පස්සේ දේසපාලුවට කියන්න අරන් යන්න කියල...ප්‍රශ්නයක් ආවොත් කියන්න දෙන්නට ජනතාව අවම බලය පාවිච්චි කලා කියල..ඕව මාධ්‍ය වලට දෙන්න ඕන ඊට පස්සෙනේ.. (දී)
බන්දුල මහත්තයා ලොකු නිවාඩුවකට පස්සේ. (දී)
මිනිස්සුන්ට ගහල අන්තිමට ඒ මිනිස්සුන්ගේ අතේ වැරදි පටලවනවා... මිනිස්සුට ගහන්න පොලිසියට කොහෙන්ද බලය දීල තියෙන්නේ (දී)
මට මොකුත් ඇහුනේ නැහැ අන්තිමට අදහස් දාල මට අල්ලන් ගහයි මම මොකද ගමේ අහිංසක මනුස්සයෙක් (දී)
අයියෝ පොලිසිය (දී)
පොලිසියට ගැහුවට කමක් නැහැ සාමාන්‍ය ජනතාවට නොගහා. පොලිසියත් අහිංසක මිනිස්සුන්ටනේ ගහන්නේ, දේශපාලන කෙරුමන්ට බයයි (දී)
මට දැනගන්න ඕන ඉතින් දෙසපාලකයාට බයේ පොලිසිය මැරයෝ දෙන්නා නිදහස් කලාද? මේගොල්ල තමයි මැර බලයෙන් දෙසපාලකයට බලය ලබා දෙන්නේ. මැරයෝ නැත්නම් කිසිම දෙසපලකයෙකුට පැවැත්මක් නැහැ. (දී)
මේ කුමන අවස්ථාවද ?....ප්‍රචණ්ඩත්වය...කලහකාරී ලෙස සහ මහජනයාට බාධා වන අයුරින් හැසිරීම...අවම බලය...ආයුධ පෙන්වීමට රැගෙන යාම... (දී)
ඕක මොකක්ද අනේ අර මේජර්ටත් ගැහුවේ පොලිස් කෙනෙක්ටත් නිරුවත් කරලා මැරුවේ (දී)
අවවාද කරලා නිදහස් කරන්න (දී)
මිනිස්සු සහ පොලිසිය අවබෝධතා ගිවිසුමකට ය යුතුයි. (දී)
කුසුම් මහත්මිය, සත්ගුණවත් සුපිරිසිදු දේශපාලකයින් ඉන්න ඇති බොහෝ කලකට පෙර. මට නම් ඔක්කොම එකයි දැන්. (නි)
මේ සියලුදේට වගකියන ඕනේ ඕන පොලිසිය (දී)
මෙයාලව එක්කන් යන්න ආයුධ පෙන්නන්න (දී)
වගකිවයුත්තෝ මොකද කරන්නේ (දී)
අනේ! ඔය පළාත් සභා ටික විසුරුවා දාන්නකෝ. මේ රටට දේශපාලනඥයන් ඉතා වැඩියි (නි)
දැන් බලන්න අර කොස්තාපල්ට ගහල වාහනේ ගිනිතියලා මිනිහම කරගත්තා කියාලා. කාට කියන්නද මේ අවනඩුව? (දී)