තණමල්විල සිට කුඩා ලොරියකින් ගංජා ප්‍රවාහනය කළැයි කියන පොලිස් පරීක්ෂකවරයකු හා ඔහුගේ බිරිය සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඇඹිලිපිටිය පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව ඔරලෝසු කණුව අසලදී මෙවැටලීම සිදුවිය. ගංජා ගෝනි 10ක් එහි තිබූ බවත් ලොරියේ සිිටි සැකකරුවකු පැන ගිය බවත් ලොරිය පොලිස් නිලධරයාගේ බිරියට අයිති බවට තොරතුරු ඇති බවත් පොලිසිය පවසයි. පොලිස් නිලධරයා තණමල්විල පොලිසියේ සේවය කරන බවද දැනගන්නට ඇත.
ගංජා කිලෝවක වීදි වටිනාකම රුපියල් 15000 කි.
![kasun_013[10-26-46]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/02/kasun_01310-26-46.jpg)
![kasun_013[10-27-00]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/02/kasun_01310-27-00.jpg)
![kasun_013[10-27-11]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/02/kasun_01310-27-11.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාට් ටයිම් ජොබ් එකක් කරන්න ඇති (නදී)