2016-12-15-ent-30පහුගිය දවසක ගල්කිස්ස වෙරළ ආසන්නයේ සින්දුවක විෂුවල් එකක් රෑපගත කරන්න සියල්ල සූදානම් කරලා තිබුණලු. ප්‍රධාන නළුවා ඉන්නෙ කළුතර. වැඩේ ප්‍රමාද කරන්න බැරි නිසා අධ්‍යක්ෂකවරයා අර නළුවට කිව්වලු කළුතරින් AC බස් එකක නැඟලා ගල්කිස්ස හන්දියෙන් බහින්න කියලා. ගල්කිස්ස හංදියෙන් ඩිරෙක්ටර්ගෙ කාරෙකේ දර්ශන තලයට යන්නයි සැලසුම් කරලා තිබුණේ.

ඔන්න දැන් නළුවා කළුතරින් කොළඹ එන AC බස් එකක නැඟලා එනවා.

"මම දැන් බස් එකට නැග්ගෙ. පැයක් විතර යයි ගල්කිස්සට එන්න." ඔහු ඩිරෙක්ටර්ට කිව්වා.

පැයකින් විතර ඩිරෙක්ටර් ගල්කිස්ස හංදියට ඇවිත් බලන් ඉන්නවා. නළුවා නෑ. කෝල් කළාම ෆෝන් එක උස්සන්නෙත් නැහැලු. පැයක් විතර ට්‍රයි කළට පස්සෙ ඔන්න මෙයා ෆෝන් එක ගත්තලු.

"කොහෙද මල්ලි ඔයා. මම පැයක් තිස්සෙ මෙතන බලං ඉන්නවා. බස් එක තාම ගල්කිස්සට ආවෙ නැද්ද?"

"ගල්කිස්ස පහුකරගෙන කොළඹටත් ආවා අයියා. මම දැන් ආපහු එන ගමන්. දැන් ඉන්නෙ වැල්ලවත්තෙ." ඔහු කිව්වලු.

"තමුසෙට නින්ද ගියාද? අපි මෙතන රස්තියාදු වෙනවනෙ."

"අනේ නෑ අයියෙ, මම කළුතරින් ආපු බස් එකේ මිල්ටන් මල්ලවාරච්චිගෙ ලස්සන සින්දු CD එකක් දාලා තිබුණා. මට ගල්කිස්සෙන් බහින්න ලෝබ හිතුණා ඒකයි. " තරහා වනු එපා- අයදිමි මා සමා..." ඔහු මිල්ටන්ගෙ සින්දු කෑල්ලකින්ම සමාව ඉල්ලුවලු.

 

DESHAYA