වයස අවුරුදු 25-45 අතර පිරිමි සමලිංගික සබඳතා ඉහළ යෑම හේතුවෙන් 2014 දී එච්.අයි.වී ඇතුළු සමාජ රෝගවලට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව වැඩිවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.
ගිය වසරේදී එච්.අයි.වී ආසාදන වැඩිවීමට සහ සමාජ රෝග වැඩි වීමට මූලිකම හේතුවක් වී ඇත්තේ පිරිමි සමලිංගික සබඳතා පැවැත්වීමට අමතරව විෂම ලිංගික හා සමලිංගික සබඳතා දෙකම පවත්වන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීම බව වෛද්‍ය ලියනගේ මහතා කියයි.
හර්පීස්, ගොනෝරියා, සිපිලිස්, ලිංගික ඉන්නන්, හෙපටයිටිස් බී, ස්කේබිස්, උල්ලෝගම් වැනි සමාජ රෝග වැඩිවීමටද ඉහත කරුණු හේතුවී ඇතැයි ඔහු පවසයි.
වාර්තාවන දත්ත අනුව කොළඹ, ගම්පහ, පුත්තලම, කුරුණෑගල හා යාපනය දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තාවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාක ලෝකෙවත් සත්ව ලෝකෙවත් නැති කිසිවෙකු අනුමත නොකරන සමලිංගිකත්වය ලොවින් තුරන්වන්නේ නම් නැත. (නි)
සඳුට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්, හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්... සඳු හිරු කුල දෙකක.හිරු තරු එකම කුලයක. දැන් ඔබට වැටහුනාද? (නි)
චමින්ද ඔබට උගත් රූමත් සහෝදරියන් එහෙම ඉන්නවද ? (ස)
නම ලොකුවට තබාගෙන පම්පෝරි ගසන බෝඩිං පාසල් සහ ඒවායේ සමහර ගුරුවරුද මේවාට වගකිවයුතුයි. (නි)
දැන්නම් මේවත් සාමාන්‍ය දේවල් වෙලා නේද (දිල්)
සමලිංගිකත්වය ලොවින් තුරන් කිරීමට කවදාවත් නොහැක.බඩු මිල නැග්ගා කියලා, සමලිංගිකත්වය වැඩිවන්නේ ද නැත.කරන්ට තියෙන එකම දෙය නම්,දරුවන් දැනුවත් කිරීමය.හැදෙන දරුවා ගේ කල්ක්‍රියාව, දෙමාපියන් විසින් හොදහැටි අවබෝදයෙන් හා දැනීමකින් සිටිය යුතුවේ. (ස)
අපි භෞතිකව තරමක් හරි දියුනු උනාට අාධ්‍යාත්මිකව නොදියුණු කොටසක්. අනෙක දැන් ඉතින් මෙහෙම කරන කට්ටිය ලොකුම ලොකු තනතුරු දරන එකේ මේකත් නීතිගත කරයිද දැනේ නැහැ. (ස)
කෙවින් ගේ කතාවට මමත් එකඟයි. අපේ රටේ ලිංගික අධ්‍යාපනය ගැන දැනුම මදි. එය පාසල් මට්ටමින් ලබා දෙන්න ඕනෑ.මේවා වැඩිපුරම සිදුවන්නේ මේවායේ පලවිපාක ගැන නොදැනුවත් කමින්...(ස)
මේ ප්‍රතිචාර දාලා තියෙන අය හරිම සදාචාරාත්මක ප්‍රතිචාරනේ දාලා තියෙන්නේ වැරදි නොකරපු මිනිස්සු වගේ (දිල්)
පහන්, ඔයාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද? පොඩි වැඩක් කියන්න තියනවා ඔයාට. (නි)
වගකිවයුත්තන්ගේ අවධානයට! (නි)
සෞඛ්‍යය පාඩමේ මේ පාඩම් මග හරින එකේ, මෙවැනි රෝග සෑදීම අරුමයක් නොවෙයි. නිසි අවබෝධය ලබා දිම ළමයිනට වැදගත්..(ම)
සමලිංගික ක‍්‍රියා මගින් HIV හෝ STI වැනි රෝගකාරකයන් පැතිරීමේ ඉඩ ප‍්‍රස්ථාව ඇති බව සත්‍ය වන අතර නමුත් මෙම රෝගකාරකයන් බෝ වන්නේ බොහොමයක් අනාරක්ෂිත ලිංගික ඇසුර මඟින් බවත් එම සෑම ලිංගික ඇසුරක්ම සමලිංගික ඇසුරක් නිසා නොවන බවටත් ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. සමලිංගික පුද්ගලයින් මෙන්ම විෂමලිංගික පුද්ගලයින්දHIV හෝ STI වාහකයන් විය හැකියි. සමලිංගිකයෙක් හෝ විෂමලිංගිකයෙක්HIV හෝ STI ආසාදිත තත්වයෙන් පෙළෙන්නෙම් නම් ඔහු/ඇය සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන සමලිංගික හෝ විෂමලිංගික භේදයකින් තොරව ඕනෑම අයෙකුට රෝග ආසාදනය විය හැක.ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක HIV හෝ STI සඳහා අවධානම් අධික කණ්ඩායමක් ලෙස සමලිංගික ප‍්‍රජාවද ඇතුලත් වීමට අප රටේ සමලිංගිකත්වය සඳහා පවතින නීතිමය රාමුව සහ සමාජ ආකල්පද බෙහෙවින් බලපා ඇත. මෙවැනි ඍණාත්මක ආකල්ප මගින් සමලිංගික ප‍්‍රජාව තවදුරටත් අවධානම් අධික කණ්ඩායම් ලෙස පහත හෙලීමට දායකවනවා නොවේද?. මෙවැනි වගකීමකින් තොරවු සාවද්‍ය මාධ්‍යමය සාකච්ඡා හා මෙවැනි ලිපි හේතුවෙන් රෝහල් සහ සායනයන් වෙත පැමිණෙන සමලිංගික ප‍්‍රජාව ඒවායින් ඈත් කිරීමක් සිදුවේ. මෙය HIV හෝ STI ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව වැඩිවී රෝග ව්‍යාප්තිය සීග‍්‍රයෙන් සිදුවීම වැනි අනිසි ප‍්‍රතිඵල වලට ප‍්‍රධාන හේතුවක් වන නිසැකය. සමලිංගික ප‍්‍රජාව අතර බහුතරය සමාජීය, ආර්ථික සහ නීතිමය ගැටළු රැසකින් දැනටමත් පීඩාවිදින අතර මෙවැනි මාධ්‍ය සාකචිඡා හා ලිපි මගින් සිදුවන්නේ ඔවුන් කබලෙන් ලිපට ඇද දැමීමකී. (ස)
ලිංගික අධ්‍යාපනය දීමයි වැදගත් වෙන්නේ (නි)
සදාචාරය ප්‍රවර්ධනය කළ යුතුයි. නැත්නම් නොමිලේ ආරක්ෂක උපාංග සැපයිය යුතුයි. (ර)
මම මේක අදාල වගකිවයුත්තන්ගේ නම් ගම ඇතිව අවධානයට යොමු කළේ එතුමන්ලාගේම ආරක්ෂාව ගැන හිතලයි. බලන්නකෝ විපක්ෂ නායකතුමෝ මෙයාලා ඒකත් කපලානේ. (ස)
අරුනිකා,පිරිමි විතරක් නොවෙයි සම අයත් එක්ක සම්බන්ධතා පවත්වන්න කාන්තාවෝත් ඉන්නවා. (නි)
අපොයි ඔව් පිරිමි කොහොමත් හරි වනචරයි...(ම)
අරුණිකා කොහොමද දන්නේ පිරිමි වනචරයි කියලා. (ස)
ඕකට හේතුව නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම... පිරිමින්ට බැනබැන ඉදලා වැඩක් නෑ.. පිරිමි තනියම ලිංගික සබදතා පවත්වන්නේ නෑනෙ.. කොන්ඩොම් භාවිතය ඇතුලු දියුනු ලිංගික ආරක්ශන ක්‍රම කියල දියයුතුයි... මා ජීවත්වෙන ඇමරිකාව වගේ දියුනු රටවල ඔය ලෙඩේ අවම කරගෙන තියෙන්නේ එහෙමයි... (ස)
අනේ දෙවියන්ගේම පිහිටයි. ඒක විතරයි අඩුවකට තිබුනේ ලංකාවට. දැන් "ගේ මෑන්" ලාගෙන් අපේ රටේ ඉන්නා දරුපැටව් කාන්තාවෝ ටික බේරාගන්න පුළුවන් වේවි..පුදුමම අමාරුවක් මෙයාලට තිබුනේ පසුගිය කාලේ පත්තරවල හැමදාම මොකක් හරි..? දැන්වත් අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන් වේවි...? (ස)
වනචර පිරිමිත් ඉන්නවා. ඊට නොදෙවෙනි කාන්තාවොත් ඉන්නවා. කාටවත් බැනලා වැඩක් නැහැ. අපේ රටේ ලිංගික අධ්‍යාපනය ගැන දැනුම මදි. එය පාසල් මට්ටමින් ලබා දෙන්න ඕනෑ. හරියට දැනුමක් නැතුව හොරෙන් හොරෙන් වැඩ කරන්න ගියාම තමයි මේ වගේ ලෙඩ පැතිරෙන්නේ. (නි)
නිවැරදි ලිංගික අධ්‍යාපනයක් දියයුතුමයි. (නි)
“සෙක්ස්“ වැඩියෙන් ගූගල් සර්ච් කරලා තියෙන්නෙ ලංකාව. ඒකෙන්ම පේනවනේ රටේ තරම. මේ නිසා මේ ගැන තරුණයො දැනුවත් කළයුතුයි. වැළකෙන හැටි සහ වැරදිලාවත් ලෙඩක් හැදුනොත් මොනවද කරන්න පුළුවන් කියලා. හංගාගෙන ඉඳලා හරියන්නෙ නැහැ. නමුත් අද වෙන්නේ සඟවාගෙන ඉඳලා වෙන අයටත් බෝකරන එක. (නි)
නිවැරදි ලිංගික දැනුමක් ලබාදීමයි වැදගත් වෙන්නේ (නි)
මිනිසුන් නිසිලෙස දැනුවත් කරන්න ඕනෑ. (නි)