ජනපති ජනහමුව හෝ ඒ සමාන වැඩසටහන් තහනම් කරමින් කඩුවෙල දිසා අධිකරණයෙන් පැනවූ වාරණය ඉවත් කරන්නැයි අයිටීඑන්, රූපවාහිනී හා ස්වර්ණවාහිනී ආයතන ගොනු කළ පෙත්සම අභියාචනා මහාධිකරණය අද ඉවත දැමීය.
ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ නීතීඥවරු කඩුවෙල දිස්ත්‍රික් උසාවියෙන් එම වාරණය ලබා ගත්හ.
සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා, සුරේන් ප්‍රනාන්දු හා නලීන් අමරජීව මහත්වරුන් ඇපැල් උසාවියට කරුණු දක්වමින් මූලික විරෝධතාවයක් ගොනු කළහ.
ඔවුන් කියා සිටියේ වගඋත්තරකරුවන් මුලින්ම දිස්ත්‍රික් උසාවියට සිය ඇපෑල ඉදිරිපත් කළ යුතුව තිබූ බවයි.
කඩුවෙල දිසා අධිකරණයේ වාරණ තීන්දුව ඉදිරිපත් කිරීමට ද ඔවුන් අපොහොසත් වී ඇතැයි ද ඔවුහු කීහ.
වැඩිදුර විභාගය ජයවාරි 12 වැනි දාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂග්‍රාහී ක්‍රියා ජනතාව පිළිකුල් කළ බව, හෙට සවස් වෙනකොට පැහැදිලි වේවි. (නි)
දැන්මම නියම මාවතට වැටිලා වගේ. (නි)
අනේ පව් නේද? (නි)
නියමයි! (නි)
ඇති යන්තන්. ජයවේවා! (නි)
ජනතා රජයකදී මේවා ගැන අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕනෑ (නි)
මම නම් අකමැතිම රූපවාහිනි තමා ඕවා. (නදී)
නියමයි. ඔහොම යමු... (නි)
නීතිගරුකබව ජනතාවට ඔප්පු කර ඇත (නි)