‘‘අන්තර් ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලිත් සමරවික්‍රම කියනවා ලංකාවෙ තොරතුරු තාක්ෂණ සේවය ඉන්දියාවට විවෘත කරන බව. මේ රටේ හැත්තෑ දෙදහසක් පමණ තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා කරනවා. අපේ පස් වැනි ආදායම් මාර්ගය තොරතුරු තාක්ෂණ සේවයයි. එය තවත් දියුණු නොකර ඉන්දියානුවන්ට ඒ රැකියා දීම හරිද?‘ යැයි විමල් වීරවංශ මහතා කීවේය.
ඔහු මේ බව කීවේ ශ්‍රී ජයවර්ධනපුර පිටකොට්ටේ ඊ එන් පෙරේරා මාවතේ අලුත් තැනක ජාතික නිදහස් පෙරමුණේ කාර්යාලයය විවෘත කිරීමේ උත්සවයේ දී ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හරි කියන්නත් එපායැ ඉතින් (නි)
අපි ලංකර ගත යුත්තේ ඉන්දියාවට චීනයට කියන බමුණුගේ කතාවෙන්ම පැහැදිලි වුණා නේද (අ)
ඉමේෂ්, දැන් ඉන්දියානුවන්ගේ උපාධිය ගුණාත්මක නැත්නම්, ඔවුන්ට අපිට තරම් වැඩත් බැරි නම් ඇයි ලංකාවේ රස්සා නැතිවෙයි කියල කෑගහන්නේ? නියම වැඩකාරයෝ ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ ආයතන ඉන්දියන්කාරයෝ ගන්න එකක් නැහැනේ. (නි)
අද චීන අධිරාජ්‍යවාදයේ ගැත්තෝ මේ රට විනාශ කරන්න විවිධ කටකතා පතුරනවා. මේ චීන අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණවලට අපි අහුවෙන්න හොඳ නැහැ. මේ චීන අධිරාජ්‍යවාදීන්ට අපි ළඟ රටවල් සමග මිතුරුකම් ගොඩනඟා ගැනීම ඉවසගන්න බැරුව, චීන ඉත්තන් යොදවමින් රජයට අපහාස කරනවා. (නි)
අපිට තොරතුරු තාක්ෂණය ගැන කියලා දෙන්න එනවද? (නි)
අන්තිමේදී අපිට හුළං තමයි (නි)
මොකක්ද මේ අය කරන්න හදන්නේ. ලංකාවේ කොපමණ ඉන්නවද රැකියා විරහිත අය. ඒ අයට මුලින් රැකියා දිලා ඉන්දියානුවන් ගැන බලන්න.(හේ)
ලලිත්, මෝඩ කතා කියන්න එපා. දන්නේ නැත්නම් දන්නෙ නැති විදියට ඉන්න. ලංකාවේ අයි.ටී. ක්ෂේත්‍රයේ කොච්චර ඉන්නවද කියලා ඔය දන්නවද? (නි)
කවුරු කොහොම කිව්වත් හැමෝම වැරැදියි.(හේ)
බමුණු ආරච්චිගේ කතාව සම්පූර්ණ ඇත්ත මම ඉන්නේ විදේශ රටක ගොඩක් ඉන්දීයානුවන් ඉන්නවා ලෝකයේ මම දැකපු වඩාත්ම ආත්මාර්ථකාමී ම ජාතිය සහ එ අය අපිට අවස්තාව දෙන්නේ නෑ. (අ)
මේ නාමල් සහ චානිකට පිස්සු. ඉන්දියානුවන් මෙහෙ එන්නේ පිනුම් ගහගෙන. එහෙ මෙහෙ වගේ පහසුකම් නැහැ. කොහොම වුණත් මේකෙන් වෙන්නේ අපේ ලංකාවේ රැකියා නැතිවෙන එක. (නි)
කිසිම විටක ඉන්දියාව සමඟ අත්සන් කරන ගිවිසුමකින් ලංකාවට වාසියක් වෙන්නේ නැත. මේකෙන් අපි තවත් නැතිවෙනවා (නි)
ලලිත්, මම පරිගණක ඉංජිනේරුවෙක්. ලංකාවෙත් ලක්ෂයකට වඩා පඩි ගන්නවා. මේ වැඩෙන් වෙන්නේ ලංකාවේ අයි.ටී. ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය අඩුවෙන එක. කරන්න ඕනෑ ලංකාවේ තොරතුරු තාක්ෂණ උපාධි වැඩිකරලා ලංකාවේ පරිගණක ඉංජිනේරුවන් මඟින් මෙම පුරප්පාඩු පුරවන එක. එතකොටයි ලංකාවට රට සල්ලි එන්නේ. (නි)
මෙතැන ගැටළුවක් ඇති බව පැහැදිලිය (ම)
මෙහි දක්වා තිබෙන ප්‍රතිචාර දැක්කහම දුක හිතෙනවා. ලංකාවේ අයි ටි උපාධි වලට ලෝකේ හොඳ පිළිගැනීමක් තිබෙනවා. ලංකාවේ කොල්ලෙක් පිටරට කොම්පැනි එකකට ගත්තොත් අනිවාර්යයෙන් තව ලංකාවේ කොල්ලෝ ගන්න ප්‍රවණතාව වැඩියි. (නි)
අයි.ටී. අය බිහිවෙනතුරු රටේ වැඩ නතර කරගෙන බලාගෙන ඉන්න පුලුවන්ද? (නි)
මෙම ගිවිසුම ලංකාවට ඉතා වාසි ගෙනෙනෙ ද්විපාර්ශ්වික ගිවිසුමක්. ඉන්දියානුවන්ට ලැබෙන පරිගණක රැකියා දෙන්නේ ඒ සඳහා සුදුසු ලාංකිකයින් හිඟ අංශ වල පමණි. එයද ලංකාවේ ආයෝජනය කර ඇති ඉන්දියානු සමාගම් වල පමණි. නමුත් මෙමඟින් ලංකාවේ ඉිජිනේරුවන්ට සීමාවක් රහිතව ඉන්දියාවේ සේවය කිරීමට අවස්ථාව ලැබෙන බව ඔබ දන්නවද? ඉන්දියාව මෙවැනි ගිවිසුම් ජපානය සහ කොරියාව සමඟත් අත්සන් කර තිබෙනවා. කැනඩාව සමඟ සාකච්ඡා කරමින් පවතිනවා. ලංකාව මෙම ගිවිසුම කල්නොදමා කඩිනමින් අත්සන් කළයුතුය. (නි)
මේවා නොවෙයි කියලා හිතන්නත් බැහැ. (නි)
බොහෝදුරට සිදුවිය හැක්කේ ඉන්දියානු ව්‍යාපාර අප රට තුළ ආයතන ස්ථාපිතකර ගුණාත්මක ලාංකික ඉංජිනේරුවන් කිහිපදෙනෙකු පෙරටුකර ගනිමින් හා බොහෝ ඉන්දියානු ඉංජිනේරුවන්ට රක්ෂා සපයමින්, ඔවුන්ගේ අරමුණු මෙරට හා අන්තර්ජාතික වෙළෙඳපොල ආක්‍රමණය කිරීමයි. මෙය ශ්‍රී ලංකාවට අහිතකරය. (නි)
දැන් මෙතැන කවුරුහරි ඉන්නවද ඔය ගිවිසුම දැකපු කෙනෙක් එහෙම? (නි)
රටේ මිනිස්සු දන්නේ නැ අපේ රටට කොතරම් විදේශ විනිමය ප්‍රමාණයක් අයිටී කරන අය ගෙනත් දෙනවාද කියන එක. මේ ගිවිසුමෙන් වෙන්නේ ඒ ප්‍රමාණය ඉන්දියාවට ආයේ ගෙනියන්ට අවස්ථාව දෙන එක. කොහෙත් පක්ෂේ උඩ තියන් ඉන්න ගොට්ටෝ ඉන්නවනේ. සටන් විරාමේත් හොදයි කිව්වා මිනිස්සු හිටපු රටක් නේ මේක. මේ ගිවිසුම නිසා ඉදිරියට ලංකාවේ කොන්ඩේ කපන සැලූන් කරන මනුස්සයාගේ ඉදල කම්කරුවා දක්වාම රැකියා නැති වෙන එක වෙන්නේ. මෝඩ මිනිස්සු මේක කවද තේරුම් ගනී ද දන්නේ නැ.(හේ)
ඉන්දියාවෙ අය ලංකාවෙ අයි.ටී රැකියා කරන්න එන්නෙ නැහැ. ඉන්දියාවෙ බැන්ගලෝර්, හයිද්‍රාබාද්, මුම්බායි වගේ පැති වල ලංකාවට කවදාවත් එයි කියලා හිතන්න බැරි අයි.ටී කොම්පැනි තිබෙනවා. අනික ඉන්දියාවෙ අයි.ටී ඉන්ජිනේරුවන්ට ඕනෑ යුරෝපයේ නැත්නම් ඇමරිකා ගිහින් රස්සාවක් ගන්න මිස ඉන්දියන් රුපියලටත් වඩා අඩු ලංකාවෙ රුපියල් හොයන්න නෙමෙයි. (නි)
දැන් ලංකාවෙ තිබෙන උපාධි ඉන්දියාවට වඩා ඉහළ නම් ඇයි ඉන්දියාවේ ඉන්නවා කියන "නූගත්" ඉන්ජිනේරුවෝ ඇවිල්ලා රස්සා ගනී කියලා බය...? (නි)
දුක හිතෙනවා සමහරුන්ගේ අදහස් දැක්කහම. (නි)
ඇමරිකාවට රිදෙන්න ජී-මේල් වර්ජනය කරන්න ගිය අයට මොන තොරතුරු තාක්ෂණද? (නි)
ඔය දේවල් වෙන්නේ නැති දේවල් විතරයි.(හේ)
අපේ පාලකයින්ට පිස්සු.(හේ)
ච්නෙත් ඉන්දියාවත් සන්සන්ධනය කරන්න එපා ඉන්දියාව අපේ මිතුරෙක් නෙමෙයි චීනය අපිට හැම විටම උපකාර කළ, අවංක මිත්‍රයෙක් (හේ)
ඉතා කණගාටුයි. (නි)
විමල් මහත්තයාම නේද මේ අයි.ටී ගැන කතා කරන්නේ? (නි)
මෙතන අදහස් දක්ක්වන අය හරියට ඔය ගිවිසුමේ තියෙන්නේ මොනවද කියලවත් දන්නවද සැකයි. කෙනෙක් කියල තිබුන, අයි.ටී. අය බිහිවෙනතුරු රටේ වැඩ නතර කරගෙන බලාගෙන ඉන්න පුලුවන්ද?.... - මොකටද බලන් ඉන්නේ ජොබ් නැති අයි ටි අය කොච්චර ඉන්නවද ලංකාවේ...වැලේ වැල් නැති ඩොක්ටර්ස්ලා ඉන්න ඉන්දියාවේ ජොබ් නැති අයි ටි උන් වැහි වැහැල - උන්ට යුරෝපේ නෙවෙයි මැඩගස්කරේ දුන්නත් යනවා. දැන් ලංකාවෙ තිබෙන උපාධි ඉන්දියාවට වඩා ඉහළ නම් ඇයි ඉන්දියාවේ ඉන්නවා කියන "නූගත්" ... - අනේ මන්ද මෙහෙම මිනිස්සුත් ලංකාවේ ඉන්නවානේ - ඔතන උගත් කමට වඩා කවුද අඩු පඩියට වැඩ කරන්න කැමති කියන එකයි බලපාන්නේ. (බ)
මම දැනට වැඩ කරන්නෙත් ඉන්දියානුවන් එක්ක. හරිම අපිරිසිදුයි. (නි)
ඉන්දියාව එපා කිවුවහම ආයුධ ගන්න එකත් නතර කරන එකේ ඉන්දියාව ඉල්ලන සීපා නොදී ඉඳීද? (නි)
මෙය ලංකාවට විශාල පාඩුවක් වෙන්න පුලුවන් (නි)
ලංකාවේ කාටවත් මේ ගිවිසුම් ගැහුවා කියල ඉන්දියාවේ රැකියා හම්බවෙන එකක් නෑ. වෙන එකම දේ ලංකාවේ කොල්ලන්ගේ රැකියා නැති වෙන එක පමණි. (හේ)
අපිට ඉන්දියානුවන් ගෙන්වා ගන්න තිබෙන අමාරුව මොකක්ද? (නි)
දීල දීලා අන්තිමට අපිට දෙන්න දෙයක් නැතුවයයි (නි)
ගුණාත්මකබව කෙසේවෙතත් ඉන්දියානුවෝ වැඩට දක්ෂයි (නි)
අපේ රැකියාවන් ටික ඉන්දියානුවන්ට දෙන්න තරම් අපේ අය මෝඩවෙයි කියලා හිතන්න අමාරුයි (නි)
මුදලේ අගය අඩු නිසා විදේශිකයින් ලංකාවට එන්නේ නැහැ (නි)
මෙහෙම වෙන්න දෙන්න නම් එපා (නි)
ඉතින් මේක අවලංගු කරන්නකෝ... (නි)
ඉන්දියාව අපිට උදවුවුණේ නිකන් නොවෙයි මේවා බලාගෙන. (නි)
අපේ අය මෝඩවෙයි කියලා හිතන්න අමාරු වුණත් දැනට කෙරෙන වැඩ දැක්කහම මට නම් එහෙම හිතෙනවා (නි)
අපිට ඉන්දියානුවන්ගේ රැකියා එපා. අපේ රැකියාවලට ඉන්දියානුවනුත් එපා. මම ඉන්දියානුවන් සමඟ අවුරුදු 12 වැඩ කළා. ඔවුන්ගේ හැකියාවන් ගැන හොදට දන්නවා. දකුණු ඉන්දියානුවන් කම්කරු වැඩට නම් හොඳයි. (නි)
ලංකාවේ තොරතුරු තාක්ෂණ රැකියා බිහිවෙන්නේ 70000යි. නමුත් මේ සීපා ගිවිසුම නිසා ලංකාවට රැකියා අවස්ථා ගොඩක් බිහිවෙනවා. (නි)
ඇයි ඕවා ලංකාවෙ අයට දුන්නහම මොකද වෙන්නේ? (නි)
චානික, මොන ලෝකෙද ඉන්නේ? ඕස්ට්‍රේලියාවේ ලාංකිකයන්ට ඉන්දියන්කාරයන්ගෙන් ගැළවිලා රස්සාවක ඉන්න පුළුවන් බොහොම කලාතුරකින්. ඉන්දියන්කාරයෙක් කිසිදාක අපේ රටේ කෙනෙකුට රස්සාවක් දෙන්නේ නැහැ. ඉන්දියාවේ රුපියල අපිට වැඩිය අගයෙන් වැඩිවුණාට ඔවුන්ට නිකම් කන්න පුළුවන් නම් අපේ තිබෙන ඕනෑදෙයක් ගනීවි. (නි)
නාමල්, දන්නා දෙයක් කතා කරන්න. ඉන්දියාවේ ඉන්න ඉංජිනේරුවෝ යැයි කියාගන්න අයට අපේ අය තරම් වැඩ බැහැ. ඉන්දියාවේ උපාධි ගන්න එක පහසුයි ලංකාවට වැඩිය. එනිසා වැඩ බැරි අයත් උපාධි ගන්නවා. ඔය ඔය කියන රටවලට ලේසියෙන් යන්න පුළුවන් නම් ඇයි අපේ රටට එන්න හදන්නේ? මම මේ දැනුත් වැඩ කරන්නේ ඉන්දියානුවෝ එක්ක. එනිසා හොඳට දන්නවා එයාලට ඕනෑ මොනවද, කරන වැඩ වල ගුණාත්මකභාවය කොහොමද කියලා. (නි)