16 හැවිරිදි ඉන්දියා දැරියක ශී‍්‍රලංකාවේ සිට කි‍්‍රයාත්මකවූ අයිඑස් ඒජන්තවරයෙක් සමග සම්බන්ධතා පවත්වා ඇතැයි අනාවරණයව තිබෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරයි.
ත‍්‍රස්ත සංවිධාන සමග තොරතුරු හුවමාරු කරගන්නේයැයි සැකපිට ඉන්දියා ත‍්‍රස්ත විරෝධී ඒකකය මෙම දැරියගේ සමාජ ජාල ගිණුම්,ඇය භාවිතා කර ඇති වට්ස්ඇප් ආදී පණිවුඩ හුවමාරු කරගැනීමේ පහසුකම් ආදිය පරීක්ෂාවට ලක්කර ඇති බවත් එහිදී මේ බව දැනගන්නට ලැබී ඇති බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියේ වැඩිදුරටත් දැක්වේ.
තම දියණියගේ හදිසි වෙනස්වීමක් හදුනාගත් දෙමවුපියන් බලධාරීන් අමතා කළ දැනුම්දීමක් අනුව ඇයගේ කටයුතු මෙසේ පරීක්ෂාවට ලක්කිරීමට ඉන්දියා ත‍්‍රස්ත විරෝධී ඒකකය කටයුතු කර ඇතැයි සඳහන්ය.
වෙබ් අඩවියේ දැක්වෙන පරිදි සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් සිදුකරගෙන යමින් පවතින පරීක්ෂණ වලදී ඔහු වෙනත් රටවල අයිඑස් හිතවාදීන් සමග සමාජ ජාල වෙබ් අඩවි මාර්ගයෙන් සම්බන්ධතා පවත්වා ඇතැයිද අනාවරණයව තිබේ.
මොහු මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ වාසය කරන අයිඑස් හිතවාදීන් සමග සබදතා ගොඩනගාගෙන ඇති බවද ඔවුන්ගේ සහයෙන් සහ අන්තර්ජාලයට එක්කරන අයිඑස් කි‍්‍රයාකාරකම් දැක්වෙන වීඩියෝ,පුවත්පත් වාර්තා ආදියේ උපකාරයෙන් ඉන්දියා තරුණ තරුණියන් අයිඑස් පාක්ෂිකයින් බවට පත්කරගැනීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර ඇති බවද ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජීව ,ජනක්, තවම කට්ටියට තේරුනේ නැහැ. තේරෙනකොට පෙරහැර ගිහින්.අසාද්, මේ දේවල් පෙන්නලා මහජනතාව දැනුවත් කරන්න ඕනෑ. (නි)
තරුණ වයසේදී තමන්ගේ අවශ්‍යතා වලට මුදල් අවශ්‍යයි. ඒ සඳහා රැකියාවක් අවශ්‍යයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා සංවිධාන එය කරනවා. අන්තිමේදී රජයට භයානක දේවල් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා (නි)
සොයාබලා වහාම අත්අඩංගුවට ගන්න, කාටවත් දොස් කියන්නේ නැතුව. (නි)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)
අවුරුදු 60 ගණනක් දේශපාලනය කළ මේ පක්ෂ වලට රට ගොඩගැනීමට දැනුමක් නැද්ද? ස්වාධීන පක්ෂයකින් දක්ෂ පුද්ගලයෙකු ඡන්දය ඉල්ලුවොත් මම පිටරට ඉඳලා ඇවිල්ලා ඡන්දය දීලා යනවා. (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අපිට පමණක් නොවේ, ලෝකයේ බොහෝ රටවල බුද්ධි අංශ වලට පවා ත්‍රස්තවාදීන්ගේ ජාල සොයාගැනීම දුෂ්කර බව කවුරුත් දන්නා කරුණකි. (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලුනේ....... (නි)
බඩු මිල අහස උසට, නිදහසේ පාරේ යන්න බැහැ උද්ඝෝෂණ. ඒත් කමක් නැහැ මේවා රට ඇතුළේ ප්‍රශ්න. අයි එස් කියන්නේ ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්. බලධාරීනි, මේ ගැන වහාම සොයාබලන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි. (නි)
හොඳින් හොයලා බලන්න. මේක අනාගත මහා ව්‍යයසනයක ආරම්භයක් වෙන්න පුළුවන් (නි)
ගෝඨාභය මහත්මාණෙනි, රටට ඔබ අවශ්‍යයි. (නි)
බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමේ ප්‍රතිවිපාක ලංකාවාසීන්ට අත්විඳීමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ. (නි)
කියන්නට බොහෝ දේ ඇතත් කිසිවක් නොකියමි. (නි)
මගේ හිතට නම් පුදුම බයක් දැනෙන්නේ (නි)
බොදු බල සේනා කලින් මේවා පෙන්නනකොට කිව්වේ ජාතිවාදියො කියලා නේද? සමහර නායක, නායිකාවො කීවේ බොදුබලසේනා තහනම් කළයුතුයි කියලා නේද? දැන්වත් හිතෙන්නෙ නැද්ද පක්ෂ අතහැරලා රට වෙනුවෙන් එකතුවෙන්න ඕනෑ කියලා. (නි)
මම ඉන්නේ මැදපෙරදිග රටක. මේ රටේ බුද්ධි අංශයක වෙනම ඒකකයක් තිබෙනවා. ඔය සමාජ ජාල වල හුවමාරුවෙන ඒවා බලනවා, නිකමට හරි පුපුරන ද්‍රව්‍ය, නැත්නම් ඒ හා සමාන දේවල් හුවමාරු වෙනවා නම් හොයනවා කව්ද යැව්වේ කියලා. ලංකාවෙත් එහෙම කළා නම් හරි. නැත්නම් ඔය වසංගත ලංකාවට ආවොත් කොටින්ට හපන් වෙනවා. (නි)
ඔව්. අනිවාර්යෙන්ම ඔය ත්‍රස්තවාදීන් රට තුළට නොරිංගන විදිහට හැම ආරක්ෂාවක්ම යොදවන්න. (නි)
අන්තවාදී සංවිධාන නිසා තමා තරුණයින් මේවාට ඇදෙන්නේ. සංජීව,තමන්ගේ නොදැනුවත්කම පෙන්වන්නේ නැතුව ඉන්න (නි)
අපි කවදද පාඩම් ඉගෙනගත්තේ? අපි කවදද ඉදිරිය ගැන හිතල වැඩකළේ? ඡන්දෙ ගන්න බලාගෙන ඕනෑම කෙනෙක් පාවාදෙනවා. ඕනෑම හතුරෙක් නිදහස් කරනවා. අන්තිමට ඉතිහාසයේ වුණ දේවල් නැවත නැවත වෙනවා. අන්තිමට ඔක්කොම විනාශයන් වුණාට පස්සේ කියනවා " අපි එදා ගත් තීරණ වැරදි බව පිළිගන්නවා, ඒත් ඒ වෙලාවේ එහෙම කරන්න සිද්ධවුණා" කියලා. එහෙම තමයි අපේ දේශපාලකයෝ. (නි)
ඔය අදහස් ඉදිරිපත් කළ හැමදෙනාම කියන්න ඇත්ත. ඕවා ගැන කියනකොට ජාතිවාදය ඇවිස්සෙනවා කියනවා. කොටින්ගෙන් පස්සේ මොවුන්ද ඊළඟට? ඒක ගැන නම් හිතන්න වෙයි පාලකයන්ට. (නි)
රට ටිකෙන් ටික ප්‍රශ්න වල ගිලෙමින් යන බව නම් දැන් පැහැදිලිව තේරෙනවා (නි)
සමාජජාල වෙබ් අඩවි පටන්ගත් දවසේ ඉඳලා තමයි ළමයින්ට හැම වැරදි දෙයක්ම කරන්න අත්තටු ලැබුනේ. මේවා හොඳ විදියට පාවිච්චි කළා නම් කිසි වරදක් නැහැ. දෙමාපියන් මේවා හොයලා නොබැලුවොත් ලංකාවෙත් ආයෙත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. (නි)
කියන බොහෝ දෙ තියනවා. .හබැයි මුකුත් නොකියම්..ජගත් ඔබ හරි. (අ)
ඇත්ත රටේ ආරක්ෂාව ගැන රජයක් බලන්න ඕනේ.මේ දේවල් දේසපාලනය කරගන්න එපා. මහින්ද ගේ කාලේදී ගොඩක් රටට අකැප දේවල් වුණා. මහින්දවාදීන් හැම දේම දේසපාලනය කර ගන්න උත්සහ කරනවා. එකෙන් වෙන්නේ රට ආපස්සට ගමන් කරන එක විතරයි. (අ)
මිනිස්සුන්ට දැන්වත් තේරුම් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. ලංකාවේ හිස ඔසවන්නේ කොටි විතරක් නෙවේ මුස්ලිම් අන්තවාදයත් හිස ඔසවනවා. එදාට සිංහලයට දුවන්න පාරවල් මදි වේවි. (අ)
රටට මොනවා වුණත් බලධාරීන්ට නම් ගානක් නෑ. තවම පසුගිය රජයට දොස්කියමින් නිකම් කාලය කා දමනවා. ආරක්ෂාවට වැඩපිලිවෙලකුත් නෑ, රටේ දියුණුවට වැඩපිළිවෙළකුත් නෑ වගෙයි පෙනෙන්නේ (අ)
සෙනරත් හරි. හැම එකටම පහුගිය ආණ්ඩුවට බැණ බැණ ඉන්න එක තමයි කරන්නේ. අනාගතය වෙනුවෙන් කිසිම වැඩපිළිවෙලක් නැහැ. (නි)
කොහොමත් නහය ළඟටම එරෙනතුරු අපේ මිනිසුන්ට දැනෙන්නේ නැහැ. නියපොත්ත වෙනුවට පොරොව පාවිච්චි කරන්න වෙනකොට තේරෙයි. (නි)
බොදුබල සේනාව, රාවණා බලය සිංහල සංවිධාන පසුගිය දවස්වල පෙන්වාදුන්නේ නැවත හිස ඔසවන වාර්ගික ත්‍රස්තවාදය ගැනයි. නැතුව කිසිම වර්ගවාදයකට නෙමෙයි. නමුත් ඔවුන්ගේ හඬ වසාදැමීමට ගොඩක් අය දැඟලුවා. මේවාගේ විපාක විඳීමට වෙන්නේ සිංහල ජාතියට මිස වෙන කාටත් නෙමෙයි. (නි)
රටක් යුද බියෙන් නිදහස් කරදුන් නායකයා පිළිබඳ බොරු ගොතා රටේම ඔළුගෙඩි නරක්කර, බුද්ධි අංශ වල විරුවන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිවිපාක විඳවන්න කාලය ඇවිල්ලා වගෙයි. (නි)
රටේ ආරක්ෂාව අනතුරේ. මෙයාලා කොයිතරම් බයිලා ගැහුවත් මහා විනාශයක් අත ළඟ කියලා දැනෙනවා (නි)
මේ රටට මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න අමාරුයි (නි)
පෙනෙන විදියට අයිඑස් අපේ රට තුළත් බොහෝසෙයින් ව්‍යාප්ත වෙලා ඉවරයි වගේ. තව වැඩිකල් යන්න මත්තෙන් ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වෙයි. එදාට කට්ටිය තක්කු මුක්කු වෙලා හතර අතේ දුවයි. මම දකින විදිහට කොටි සංවිධානයට වඩා ගොඩක් බලවත් ලෙස ආධාර ලබන සංවිධානයක් මේක. දැන්ම ක්‍රියාත්මක නොවුණොත් ලංකාවක් නැතිවෙයි. (නි)