
(අංජුල මහික වීරරත්න)
දුප්පත් ජනතාව නඟා සිටුවීමට ප්‍රමුඛත්වය දෙන අතර බදු සංශෝධන සහිත ජනතාව සංවර්ධනය කරන අයවැයක් ජනාධිපති මෙවර ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
ප්‍රතිසංශෝධන අය වැයක් ලෙස මෙම අයවැය ඉදිරිපත් කරන්නේ පාරවල්, ගොඩනැගිලි හදන්නට නොව කන්න අඳින්න නැති ජනතාවට බත් කටක්,වස්තරයක් ගන්න ක්‍රමයක් හැදීමට බවද අබෙිවර්ධන මහතා කීය.
මන්දපෝෂණයෙන් පෙළෙන දරු පරම්පරාවක් බිහි වෙමින් තිබෙන අතර ඒ ගැටලුවලට විසදුමක් ලෙස ජනාධිපති බදු සංශෝධනත් සමඟ ජනතාව සංවර්ධනය කරන අය වැයක් ඉදිරිපත් කරන බවත් එයින් දුක්විඳින දරුවන්ගේ කුසගිනි නිවන්නට බලාපොරොත්තු වෙන බවත් වජිර අබෙිවර්ධන මහතා කීය. පසුගිය ආණ්ඩුවෙන් සිදුවුණු වැරදි නිවැරදි කරන්නට ක්‍රියාමාර්ගය ගන්නා බවද එජාප සභාපතිවරයා සඳහන් කළේය.
ඕනෑම කෙනකුට අගමැති,ජනාධිපති සිහින තිබිය හැකි වුවත් ඒ අයට දෙකෝටි විසිලක්ෂයක් වූ මහජනතාව ජීවත් කරන සැලසුමක් ද තිබිය යුතු යැයි වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
එජාප 76 වන සංවත්සරය පිළිබඳ ගාල්ලේ ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති රැස්වීමකදී වජිර අබෙිවර්ධන මහතා මෙි බව කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුව හොඳට ප්‍රචාරය කරන්න... ඒත් මෙදාපාර අපි අන්දන්නේ නැහැ.
ගාල්ලට යම් දෙයක් කලේ රිචර්ඩ් පතිරණ ඇමතිවරයා විතරයි. එයාගෙ පුතාත් යමක් කරන්න සූදානම් වුනේ... මෙයා කලේ ගාල්ල විනාශ කරන එක විතරයි... හද හදා තිබුණු පාරවල් මග නතර කළා. උසාවි සංකීර්ණ මග නතර කළා. ගාල්ලේ ක්‍රිකට් පිට්ටනිය නැති කරන්න හැදුවා... අපූරුවට තිබුණු නගරයේ මාර්ග සැලැස්ම අවුල් කලා. කොටින්ම ගාල්ල විනාශ කළා...
තමුන් කියන බේගල්වලට ජනතාව දැන් අන්දවන්න බැරිවෙයි...
නියමයි...!
නියමයි පට්ට....!
නියමයි පට්ට.
නියමයි පට්ට එල........