මුදල් ඇමති රවී කරුණානායක මහතා ඉදිරිපත් කර 2016 අය වැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 109කින් සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 160ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 51ක් පමණි. මන්ත්‍රීවරු 13 දෙනෙක් ඡන්ද විමසන අවස්ථාවේ සභා ලැබේ නොසිටියහ.
ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය දුන් අතර දෙමළ ජාතික සන්ධානය අය වැයට පක්ෂව ඡන්දය දුන්නේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර, ගීතා කුමාරසිංහ සහ මනූෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සභාවේ නොසිටියහ.
අය වැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර මෙවර එය එක් ඡන්දයකින් වැඩි වී තිබේ. ගිය වර විරුද්ධව ඡන්ද 52ක් ලැබුණු අතර මෙවර එය එක් ඡන්දයකින් අඩු වී ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අවසන් අය වැයේ තෙවැනි වර ඡන්ද විමසීම පසුගිය වසරේ නොවැම්බර 24 වැනි දා පැවැත්වුණු අතර එය සම්මත වූයේ වැඩි ඡන්ද 95කිනි. එවර පක්ෂව 152ක්ද විරුද්දව 58ක් ද ලැබිණි. ඡන්දය දෙන අවස්ථාවේ මන්ත්‍රීවරු 15 දෙනෙක් නොවූහ.
2013 වසරේ අය වැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 95කින් සම්මත විය. පක්ෂව ඡන්ද 155ක් ද, විරුද්ධව ඡන්ද 60ක් ද ලැබිණි.
2012 අයවැය වැඩි ඡන්ද 98 කින් සම්මත විය. පක්ෂව ඡන්ද 158 ක්ද, විපක්ෂව ඡන්ද 60 ක්ද ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනාධිපති නොපැමිණියේ ඇයි? (නි)
අයියෝ! (නි)
බලද්දී යහපාලනය දියුණුයි වගේ. මහින්දත් හොරෙන්ම ගිහින්නේ. විරුද්ධව කෑගහපු විමල් මහත්තයා කොහෙද ගියේ? (නි)
සම්මත කරගත්තට බලමු වෙනස්කළ දේවල් ඒ විදියටම ක්‍රියාත්මක කරන හැටි. අපි වගේ දුප්පත් මිනිසුන්ට යහපතක් වෙනවා නම් වාසනාවන්! (නි)
පොඩි මිනිහා ගැන කවුරුත් හිතන්නේ නැහැ (නි)
ජයවේවා! (නි)
ඉතාම හොඳ අයවැයක් බව ඡන්දය දුන් විදියෙන්ම පෙනෙනවා.. (නි)
අපි බලමුකෝ මොකක්ද ඉදිරියට වෙන්නේ කියලා (නි)
ලිච්ඡවී ක්‍රමයට අයවැය හදලා රජදරුවෝ ටික පාරට බැස්සහම අයවැය වෙනස්වෙලා. මේ ක්‍රමයට කියන්නේ මොන ක්‍රමය කියලද? (නි)
ඔව් නන්දලාල්, හොඳ අයවැයක් බව ඡන්දය දුන් විදියෙන්ම පෙනෙනවා (නි)
මහින්ද මහත්තය ඇතුළු අය නාවේ විරුද්ධව ඡන්දය දෙන්න අකමැති නිසා නේද? අපේ සමහරුන්ට එ්ක නොතේරුනාට එයාල කළේ රැවුලයි කැදයි දෙකම බේරගත්ත එක (බ)
උද්ඝෝෂණය කරලා හරි අපි අවශ්‍ය සාධාරණය ඉටුකරගැනීමට ලැබීම කොච්චර හොඳද? පසුගිය කාලේ රතුපස්වල, මීගමුව උද්ඝෝෂණවල ලැබුණු දේවල් මතක නැද්ද ? (බ)
බළලුන් ලවා කොස් ඇට බාවන අයෙක් දුටුවෙමි (බ)
අවුරුදු ගණනාවක් අගාධයක තිබු රටක් ක්ෂණික නූඩ්ල්ස් වගේ ගොඩ ගන්න බෑ. ඒ නිසා ඉවසමු (බ)
මහින්ද මොකද මේ කරන විගඩම හැංගිලා? කෙලින් කටයුතු කරන්න ඕන වෙලාවේ මිනිහ ඇදේට යනවා. කරන්න බැරි නම් පාර්ලිමේන්තුවට ඉල්ලුවේ මොකද? (බ)