අය වැය තෙවැනි වර කියැවීමේ විවාදයට සහභාගී නොවන බව පොළොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සෞඛ්‍ය ඇමැති හා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර දී පැවසීය.
මුලින්ම දළදා මාළිගාවට ගොස් උදේ 9.30 පූජාවට සහභාගී වී දළදා සමිඳුන් වැඳ පුදා ගත් සිරිසේන මහතා උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියන් බැහැ දුටුවේය.
අනතුරුව මල්වතු පාර්ශ්වයට ගොස් නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් බැහැ දුටුවේය.
තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නා හිමියෝ මේ දිනවල එතෙර වැඩ සිටිති.
සිරිසේන මහතා මාධ්‍ය සමඟ පැවසුවේ අද සවස අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට යන නිසා අයවැය ඡන්දයට පැමිණීමට නොහැකි වන බවයි.
ප්‍රශ්නය - කෝ ඔබ සමඟ එනවයි කියූ අනෙක් මැති ඇමැතිවරුන්?
උත්තරය - කලබල වෙන්න එපා. වෙලාවට ඒවා බලාගන්න පුළුවන් වේවි.
කරු ජයසූරිය, ලක්ෂ්මන් කිරිඇල්ල, අර්ජුන රණතුංග, ඇම් කේ ද ඇස් ගුණවර්ධන යන මන්ත්‍රීවරු ද, ලකී ජයවර්ධන හිටපු මන්ත්‍රී ද, හිටපු දියවඩන නිලමේ නිරන්ජන් විජේරන් මහතා ද පැමිණ සිටි අය අතර වූහ.
ඡායාරූප- ගාමිණි රණසිංහ










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජයෙන් ජය ! (නදී)
දැන් ඔක්කොම අයවැය එන් ජි ඕ වලින්. (නදී)
අය වැය වගේ රටට වැදගත් දේ මග හරින්න එපා. ඒවා අපිට වැඩක් තියෙන දේ. පන්සල් යන්නේ ඔබතුමාට ජය වෙන්න හිතලා. අපිට එ්කෙන් ලොකුවට සෙතක් නැහැ. අපිට ඕන ඔබ තුමා කොහොමද අපි ගැන බලන්නේ කියල. අපි ඡන්දය දෙන්නේ ඒකට මිසක් පන්සල් යනවට නෙමෙයි. (නදී)
"මෛත්‍රී" කියන නම කුමන පුවත් පතක හෝ පොල් ගෙඩි අකුරෙන් වැටුනත් අද ලංකාවේ විකිනෙන්නේ නැති පුවත්පත් පවා උනු කැවුම් වගේ විකිනෙනවා. ඒ තරම් ජනතාවගේ උනන්දුව. (නදී)
අනේ දෙවියනේ කොළපාට මල් මාලයකුත් දාලා (නදී)
අය වැය ඡන්දෙදි සහභාගි නොවීමත් එයට පක්ෂව ඡන්දය නොදීමත් නිසා එයින් සහන හිමි ජනතාවගේ ඡන්ද ඔබට නොලැබීමට හේතුවක් වෙන්න බැරිද ? ඒ ගැනත් හිතුවා නම් තමයි හොඳ. (නදී)
ඔබ තුමා දිනුවොත් පමණයි අපිට මේ රටේ පයගහන්න වෙන්නේ.(හේ)
මම මගේ අතින් ටිකෙට් එකක් අරන් ඇවිත් මගේ ඡන්දය දාන්නේ රට බේරාගත් මහින්ද උතුමානන්ට (නදී)
ඔබට ජය !(දිල්)
ඔබට ජය! (නදී)
ඡන්දෙට ආව කියලා මොනවා වෙන්නද? මොකද පරද්දන්න කියලද? දැන් ඔන්න ඒ පාර පලාත් සභාවක් වත් පෙරලන්න පුළුවන්ද කියලා බලනවලු ගැම්මක් ගන්න. ජනතාව ප්‍රතික්‍ෂේප කරපු උදවිය සහ ජනතාවගේන් විරොදය එල්ල වුන ඇමතිලා සමග ඉදගෙන ඡන්ද දිනන්න පුළුවන්ද? (නදී)
නිහතමානි නායකයෙක්.ඔබතුමාට ජය පතනවා.විදේශගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගේ සියලුම සහයෝගය ඔබ තුමටයි.ජය වේවා!(හේ)
වැද පුදාගෙන ගෙදර ගියොත් නරකද. (නදී)
කලබල වෙන්න එපා. වෙලාවට ඒවා බලාගන්න පුළුවන් වේවි. මෙතුමා අනිත් පැත්තට ආවෙත් උදේ ආණ්ඩුවේ උත්සවයකටත් සහභාගී වෙලානේ. (ස)
වටේ ඉන්න උදවිය දැක්කම ආණ්ඩුවට කලබල වෙන්න දෙයක් නෑ. (ස)
කොළ පාට මල් මාලය දැම්මම දාගත්තද? හරි සන්තෝෂයි (නි)
ජයශ්‍රී අනාගත ජනාධිපතිතුමනි. (ස)
ඔබටත් පරිත්‍යාගශීලී ව ඔබ සමග පැමිණෙන සියළු දෙනාටත් ජයෙන් ජය පතමු!රටට යහපතක් ම වෙිවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාළනය වෙනුවෙන් අපි ඔබ සමග නිරතුරැව රැදී සිටින බවට සපථ කරමු! (ස)
බුදුන් දැක නිවන් දකිත්වා, හැකි ඉක්මනින් (අ)
මෙතුමගේත් කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුව හොඳ නැත්නම් ආර්ථිකය වැරදි පාරකනම් අය - වැයට විරුද්ධව ඡන්දය දීලා එතුමාගේ නියම අරමුණ ජනතාවට පෙන්නන්න තිබුනා. එන්න ඉන්න අය මේවා ගෙන සිතා බලයි ." මෛත්‍රී පාල ණයක් " අරගෙන වගේ පෙනෙන විදියට.(අ)
ඇමති වරප්‍රසාද ලබමින් ඉන්නට තිබුන අවස්ථාව අතහැර ලොකු අවදානමක් තිබෙන බවද දැනගෙන එලියට ඇවිත් කතා කරන්න කොන්ද හයියක් තිබුන එකට ගරු කරනවා. බලුපොරය මැද්දට පැනල නිකන් කෑගහනවට වඩා නොගිය එක හොදයි. පරිනත බව එකෙන් පේනවා. (අ)
අයවැය ඡන්දෙට ඔබතුමා යන්නේ නැද්ද එතකොට. ඉතින් කොහොම ආණ්ඩු පෙරලන්නද ? චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්තයාගේ දියනියක් නෙවෙයිද? (ස)
කොහොම හරි රනිල් උන්නැහේ නායකයා කරන්න කට්ටිය ගන්න අවසාන උත්සාහය. නමුත් මහින්ද දිනන එක වලක්වන්න බැරි වෙන පාට දැන්නම් හොඳට පේන්න තියනවා (නදී)
මෛත්‍රීපාල සිරිසේන මහතා දිනුවොත් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරනවා කියලා ගිවිසුම් ගැහුවට දිනුවට පස්සේ නොකලොත් මොකද කරන්නේ ජනාධිපතිට නඩු දාන්න බෑ නේ ? එතාකොට කවුද පොදු අපේක්ෂක වෙන්නේ ? (හේ)
මට නම් මොහු ගැන කිසිම පැහැදීමක් නැහැ. මෙයත් 18 ට පක්ෂව ඡන්දය දුන් කෙනෙක් නේද? (නි)
සිරිසේන මැතිඳුනි, ඔබතුමා බලයට අවොත් පළමුව මේ රොතු පිටින් ඉන්න මැති ඇමති බුරුත්ත අඩුකරන්න බලන්න. (නි)
හමුදා විරුවන්ව අවතක්සේරු කළ කිරි ඇල්ල මහත්තයාව නේද ඉස්සර කරගෙන යන්නේ අනාගතයේදි රටට දළදා සිමිදුගේම පිහිටයි(අ)
කමක් නැහැ. අවුරුදු 27 ක අඩුපාඩු මාස තුනෙන් දවස් 100 න් ලැබෙනවානේ ඉස්සරට! (නි)
ඡායාරූප වලින් නම් ලංකාව කෑමබීම අඩු නැති සුරපුරක් කියලයි හිතෙන්නේ. (නි)
ඔබගේ ප්‍රයත්නයට ඉතා සිතින් සුබ පතනවා. ඔබට ජය ස්ථීරයි. (නදී)
අනේ මෙතුමා තව ටිකක් ඉවසුවා නම් මොකද වෙන්නේ දැන් ඉතින් කරන්න දෙයක් නෑ මෙයට දිනන්න බෑ.(හේ)
ජය ශ්‍රී! (නදී)
ජය ශ්‍රී! (නදී)
ඊයේ ජනාධිතුමා නිදන් වස්තු තැන්පත් කල සද හිරු සෑය වැදපුදා ගන්න මෙතුමටත් හිතිලා වගේ. (නදී)
ඔබ තුමාට ජයවේවා! රට යහමගට ගන්න ශක්තිය ලැබේවා (නදී)
ඔබට දිනන්න පුලුවන්. ඒත් සල්ලි දෙන්නම් කිව්වත් එස් බී මර්වින් වගේ අය නම් ගන්න එපා (නදී)
ඔබගේ ජයග්‍රහණය ස්ථිරයි.ඉදිරියටම යන්න. සුභ පැතුම්!.(හේ)
මගේ රට දිනවන්න ඔබතුමා කල කැපකිරීමට ලංකික මතු අනාගතේ දිනක ඔබතුමාව දේවත්වයෙන් පිදුම් කරාවී . (අ)
නිහතමානී නායකයෙක්.ඔබතුමාට ජය පතනවා.ඔබතුමා දිනුවොත් පමණයි අපිට මේ රටේ පයගහන්න වෙන්නේ.ඔබගේ ජයග්‍රහණය ස්ථිරයි.ඉදිරියටම යන්න. සුභ පැතුම් (නි)