අලුත්ගම ධර්ගා නගරයේ තුවාල ලැබු වැඩි දෙනා පොලු පහරට ලක් වී ඇතැයි පොලීසිය කියයි.
තුවාලකරුවෝ 36 දෙනක් කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබති.
ඒ අතර පොලිස් පරීක්ෂකවරයෙක් උප පරීක්ෂකවරයෙක් , සැරයන්වරයෙක් හා කොස්තාපල්වරු තිදෙනෙක් වෙති.
මිය ගිය එක් පුද්ගලයකුගේ වයස අවුරුදු 38 කි. අනෙක් පුද්ගලයාගේ වයස අවුරුදු 30 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නිතිය වල් වැදීම සහ පොලිසිය දේශපාලකයන්ට ගැති ක්‍රියා පටිපාටියේ නරක ප්‍රතිපල තමයි මේ, රටේ නීතියක් නැහැ කියන එක ප්‍රාදේශීය දේශපාලකයා පවා දින පතා ඔප්පු කර අවසානයි. දැන් මේ රට සෝමාලියාවක් වැනි නොදියුණු අප්‍රිකාවක් ගානට වැටි අවසානයි. බටහිර මාධ්‍ය මේ දින දෙකට රටේ නම හොදට වික්කා (නදී)
මෙවැනි අරගල කිසිම ශිෂ්ඨ සම්පන්න සමාජයක් අනුමත කරන්නේ නැහැ. ඇයි මේ නීතිය තමන් අතට ගන්නේ? ප්‍රශ්න විසඳ ගන්න ඕන ඉවසීමෙන් . (දී)
මර්වින් මහත්තයට තුවාල නැත්ද?(දී)
මේ කලබල පිටරට වල ප්‍රචාරය වෙනකොට රටට මොන නින්දාවක් ද ? අපි පැවතෙන්නේ ගල් යුගයටත් එහා ම්ලේච්ච පරපුරකින් කියලා තමා හැමෝම හිතන්න පටන් ගන්නේ . (දී)
හකීම්, කියන්නේ අයි . පී . හෙම්බිරිසාවට බේත් ගන්න ඉස්පිරිතාලයට ගිහින් කියලාද . (නදී)
ඔබට ඉක්මන් සුව ! (නදී)
මේ පැත්තේ ඉන්න වෙනදාට සිංහ නාද පවත්තන බලවතුන්ට තාම බැරි වුනාද තමන්ගේ රාජකාරි ප්‍රදේශය සන්සුන් කරගන්න.? (නදී)
ඇත්තටම හරිම පුදුමයි නේ ! කෝ මේ ප්‍රදේශයට අධිගෘහිත බලවතුන් ? හරියට මේක අල්ලපු වැයික්කියේ ප්‍රශ්නයක් වගේනේ සද්ද නැතිව ඉන්නේ .
කෝ මේ බන්දුල පෙරේරා ? කලබල සන්හිඳුවන්න ගිහිල්ලද ? (අ)
මේ ප්‍රදේශයයේ බලවතුන් මේ දවස්වල නුවර එළියේ නිවාඩු ගිහිල්ලද ? හරියට මේ කලබලය අල්ලපු රටේ සිදු වුන ගානට නේ ඉඳලා තියෙන්නේ . (අ)
ප්‍රදේශයේ බලවතුන් මේක දුරදිග යන්න නොදී ඉදිරිපත් වෙලා බේරුමක් කළා නම් මෙහෙම විපතක් සිද්ධ වෙන්නේ නැහැ. බිමල් කිව්වත් වගේ ඔක්කොම නුවරඑළියේ සැප ගන්න ගිහිල්ලද කොහෙද ! (අ)