මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ සියළු සිසුන් වහාම විශ්වවිද්‍යාල භූමියෙන් හා නේවාසිකාගාර වලින් ඉවත් විය යුතු බවත් විශ්වවිද්‍යාල භූමිය හා නේවාසිකාගාර යළි දැනුම් දෙන තුරු ඔවුනට තහනම් බවත් මොරටුව උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා නිවේදනය කරයි.
(ඡායාරූපය සුභාෂ් මධුෂාන්)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම් දෙන්න කලින් වරදක් කරලා තියෙනවානම් ඒක ඔප්පු කරලා ඉන්න ඕනනේ , එත් මෙතන එහෙම දෙයක් වෙලා නැතිවනේ දඩුවමක් දීල තියෙන්නේ. වටේ ඉදන් බලන් ඉන්න අයට නම් ඕන තරම් දේවල් කියන්න පුළුවන් .ඒත් දෙයක් කියන්න කලින් කරුණු හොයලා බැලුවනම් නරකද ?? විසදුමක් දෙනවා වෙනුවට පීඨයම වහලා දැම්මම හරිද? (ම)
වෙන රටවල් වල ළමයි විශ්වවිද්‍යාලෙ යන්නේ එ්කෙන් යමක් ඉගෙනගන්න. මේ කට්ටිය යන්නේ විශ්ව විද්‍යාලෙට එ්ක කරගෙන යන විදිය, නීති රීති හදන විදිය, අාදිය විශ්වවිද්‍යාලෙට කියල දෙන්න. දැන් මේ වහල තියෙන සැම දිනයක්ම අනාගතයේදී රටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අවශ්‍ය උපාධිදාරියකු අහිමිවෙන හෝ ප්‍රමාද වෙන දවසක්. ඒ අවශ්‍යතාවය පුරවන්න වෙන්නේ විදෙශිකයෙකිගෙන් හරි විදේශික සමාගමකින්. ඒ විදියට බලපුවම මෙයාල රටට, රටේ අනාගතයට කරන හානිය පෙනෙනවා නේද? (ස)
ශිෂ්‍ය අතුරු ව්‍යවස්ථාව ලබා නොදෙන්න හේතුව මොකක්ද? තමන් පාලනය වෙන නීතිය ශිෂ්‍යයන්ට නොදී දඩුවම් කරන්න තියෙන අයිතිය මොකක්ද? (ස)
ඕකනෙ කරගන්න ඕනෑවුණේ. සතුටුයිද දැන්? (නි)
නිකන් නෙමෙයිනේ තහනම් කරලා ඇත්තේ (නි)
උඩපැනගෙන කෑගහනවා විතරයි. වැඩක් කරගන්න දන්නෙ නැහැ (නි)
අයි.ටී. ළමයින්ට මොනවද තිබෙන ප්‍රශ්න? (නි)
දැන්නම් යුනියන් අයගෙ වැඩ නිසා අනිත් කොල්ලො කෙල්ලො දුක්විඳින කාලය ඉවර වෙන්න කාලය හරි. ඔවුන්ගෙ වැඩ අනිත් අය ඉවසන එකත් තව ටික දවසයි. (නි)
මේ සිද්ධිය ගැන ඇතුළේ සාමාන්‍ය සිසුන්ගෙන් සොයා බලනකොට තමයි ඇත්ත දැනගත්තේ. 11 දෙනාම ඉවත්කරලා තියෙන්නෙ නවක වදය ක්‍රියාත්මක කිරීම නිසා නේද?
මෙතන දා තිබෙන සමහර ප්‍රතිචාර දැක්කහම හිතෙනවා මොනවා දැනගෙනද මේවා කියන්නේ කියලා. හොඳටම පෙනෙන දේ තමා කැම්පස් යන්න බැරිවුණ අය, ගිය අය සමඟ ඊර්ෂ්‍යාවෙන් පසුවෙන බව. (නි)
මේ ළමයි සරසවි යන්නේ මොනවටද කියලා පළමුව හිතට ගන්නවා නම් හොඳයි (නි)
මේ අය මොනව දැනගෙනද මේ විදියට ප්‍රතිචාර දක්වන්නේ? ගොඩක් අය තමන්ට, තමන්ගේ දරුවන්ට කැම්පස් යන්න බැරි වුණ නිසා ද්වේශ සහගතව අදහස් දක්වන්නේ. අපි දන්නව දවසක් පරක්කු වුණාම රටට වන හානිය. ඒකට වග කියන්න ඕන බලධාරීන් මිසක් සිසුන් නෙමෙයි. මාත් මේ ෆැකල්ටියේම ශිෂ්‍යයෙක් නිසා කියන්නේ. දීල තියෙන දඩුවම් ලිහිල් කළ යුතුමයි. මේ විදියට අපිව එළියට දාපු එක අසාධාරණයි. ද්වේශ සහගතයි. මෙහිදී බලධාරීන් ඉතා සුළු දේවල් මහත් කොට දක්වන බවයි මම හිතන්නේ. විශ්ව විද්‍යාල සිසුන් වශයෙන් අපි එයට එරෙහි විය යුතුමයි. (බ)
මෙතන ඉන්න අයගෙන් කීයෙන් කීදෙනෙක් ඕවට ඇත්තටම කැමැත්තෙන් සහභාගි වෙනවද කියලා අපි තමයි දන්නේ. ගොඩක් ළමයි ඕවට යන්නේ අනිත් ළමයින්ගෙන් ඇති පීඩනය නිසා සහ කොන්වීමට ඇති බය නිසා මිස සැබෑ කැමැත්තකින් නොවේ. (නි)
මොවුන්ට උපරිම දඬුවම් දෙන්න (නි)
අනේ මෙහෙමත් ගවයෝ රැලක්.(කෞ)
අදහස් දක්වා විරෝධය පළ කිරීමට පෙර සිදුවීම පිළිබඳව නිසි අවබෝධයක් තිබේදැයි සිතන්න.. (ර)
ආනන්ද ප්ලීස්....!!! (බ)