(යොහාන් භාසුර)

ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබේ.

එම ඉහළ දැමීමත් සමඟ පෙට්‍රල් ලීටරයක් රුපියල් 204 සිට රුපියල් 254 දක්වා ද, ඩීසල් ලීටරයක් රුපියල් 139 සිට රුපියල් 214 දක්වා ද, ඉහළ ගියේය.