IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අයි.එස්ලාට හවුල් අයියා මලෝ 2ක් හලාවතින් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බව කියමින් කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියේ යැයි කියන එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් හලාවත ප්‍රදේශයේ දී කොළඹින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගැනුණ එක් සහෝදරයකු පිට පළාතක ධීවර වරායක ද අනෙක් සහෝදරයා කොළඹ කන්ටේනර් අංගනයක ද සේවය කරන්නකු යැයි කියති.

අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් බව කියමින් ඉන්දියාවේ දී එරට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිවු දෙනා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන පුද්ගලයකු කොළඹ ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේදී හෙළිවූ තොරතුරු මත මෙම සහෝදරයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත් අඩංගුවට ගත් මෙම සහෝදරයන් දෙදෙනා ද රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන එම විශේෂ පොලිස්‌ කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම සහෝදරයන් දෙදෙනා හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටින මවගේ නිවෙසේ සිටියදී කොළඹින් ගිය විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.



අදහස් (5)

අයි.එස්ලාට හවුල් අයියා මලෝ 2ක් හලාවතින් අල්ලයි

රංබොඩ Tuesday, 28 May 2024 12:54 PM

කෲර සහගත ක්‍රියාවලට යොමුවිය හැකි මෙවැනි අමනයින් පසු පසගොස් නීතිය ක්‍රියාත්මක කිරීම නම් ඉතාම වැදගත්. අපේ රටේ නීතිනම් හරියට නෑ මොවුන්ට දඬුවමක් දෙන්න. නමුත් ඉදිරියේ දී සිදුවිය හැකි අමානුෂික විනාශ වළක්වගන්නවත් හැකි වේවි.

:       0       8

මැක්ස් Tuesday, 28 May 2024 01:06 PM

"එයාලත් අපේ ළමයි" කියල පාස්කු ප්‍රහාරය එල්ල කරපු මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලපු වියපත් ජේවීපී නිලි නෝනාට සහ එන්ජීඕ ප්‍රජාවටත්, නීතිඥ සංගමයටත් පුළුවන් දැන් මොවුන්ගේ "මානව හිමිකම්" පිලිබඳ උනන්දු වෙන්න, ඒ වෙනුවෙන් ලිප්ටන් වටරවුමේ බෝඩ් අල්ලා ගෙන ඉන්න, හියුමන් රයිට්ස් වොච්, මානව හිමිකම් කවුන්සල වගේ කසිකබල් සංවිධානවලට ලියන්න.

:       22       22

Fairoos Tuesday, 28 May 2024 02:21 PM

හොඳ වේලාවට ඥානසාර හිමි ඇතුලේ නේද?

:       3       4

Bamunuaracchi Tuesday, 28 May 2024 02:54 PM

බුදු අම්මෝ.තත්ත්වය භයානකයි.නැවත වරක් අපි මහින්ද මහත්තයා බලයට පත් කර ගනිමු.

:       3       13

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 07:47 AM

මැක්ස්, මානව හිමිකම් සංවිධායන වලට කසි කබල් කියන.තරමට මිලේච්ඡත්වයට පත්වීම ගැන කණගාටුයි. ඕවත් නැත්නම් රටේ බහුතරයකට අබ සරණයි. තමුන්නැහැලා වගේ පාලකයන්ගේ පය ලෙවකන අයට නම් දේශබන්දුගේ ආරක්ෂාව ලැබෙයි. මතක ඇතිව හාල් කිලෝ දහය ගන්න. මානව හිමිකමක්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 158 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2051 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1579 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site