(සුජිත් හේවාජුලිගේ)
ප්‍රහාරයක් සඳහා පැමිණ සිටියදී ඉන්දියාවේ අහමදා බාත් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය
මෙම ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අහමුදාබාද්ගුවන් තොටුපොළේදී ගුජරාටි ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකය විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 20 වැනිදාය.
ඔවුන් ඉන්දියාවේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් පැමිණ සිටි බවට ඉන්දිය ආරක්ෂක බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවෝ සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
එම සිවු දෙනා සම්බන්ධයෙන් මෙරට ත්‍රස්තවාදී විමර්ශන සහ තවත් විමර්ශන අංශ කිහිපයක්ද වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නැද්ද පොලිස්පතිතුමො රටේ මෙවැනි කල්ලි කියාත්මක වන්නේ කො ඔබගෙ බුද්ධි අංශ ඒකත් ඔබ වගෙම බුධිද .
ලංකාවේ ත්‍රස්තවාදී න් අල්ලන්නේ වෙනත් රටවලදී ... ලැජ්ජාවක් නැත්ද ලංකාවේ බුද්ධි අංශයේ දුර්වලතා ගැන. පාස්කු ප්‍රහාර විමර්ශන ගැන කුමන කතා ද.
ඇත්තටම මෙච්චර දෙයක් වෙලත් ලංකාව අයිසිස්ලාට තැනක් තියෙනවා කියන එක නම් අප්‍රසන්නයි..
කොළඹට අයි. එස් බෝම්බ ගහනකොට බස්නාහිර පළාත භාරව හිටියේ මෙතුමා නේද?
දැනුයි නින්දෙන් නැගිට තියෙන්නේ...!
මෝදිව ඡන්දෙන් දිනවලා දෙන්න වෙන්න ඇති උත්සාහ කරන්න ඇත්තේ... ලංකාවේ ආගමික නායකයෝ ත්‍රස්‌තවාදය දකින්නේ... එහෙමනේ...