
අබු අල් හසාන් අල් හෂීමි අල් කුරේෂී තම නව නායකයා (කලීෆා) ලෙස කටයුතු කරන බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
අයි.එස් සංවිධානය මේ බව නිවේදනය කළේ හඬපටයකිනි. හඬපටය නිකුත් කළේ එම සංවිධානයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන අබු උමාර් අල් මුහරිජ් ය.
අයි.එස්. සංවිධානය නව නායකයකු තෝරාගෙන ඇත්තේ, එහි නායකයා ලෙස කටයුතු කළ අබු ඊබ්‍රහීම් අල් කුරේෂී ඇමෙරිකන් හමුදා අතින් ඝාතනයට ලක් වීමත් සමඟය.
ඇමෙරිකන් හමුදා අබු ඊබ්‍රහීම් අල් කුරේෂී ඝාතනය කළේ පසුගිය පෙබරවාරි 3 වැනිදාය. එම අවස්ථාවේදී අබු ඊබ්‍රහීම් අල් කුරේෂී නිරිතදිග සිරියාවේ සැඟවී ජීවත් වූයේය.
අබු ඊබ්‍රහීම් අල් කුරේෂී සමඟ අයි.එස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබු හම්සා අල් කුරේෂි ද සිටි අතර, ඇමෙරිකන් හමුදා ප්‍රහාරයෙන් ඔහු ද මියගියේය. අබු උමාර් අල් මුහරිජ් නව මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් වී ඇත්තේ ඒ අනුවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd