
(අංජුල මහික වීරරත්න)
රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කර යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් අත්පත් කර ගැනීමට නම් ණය තිරසරභාවය පිළිබඳ විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබුණු බවත් පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හේතුවෙන් එය අඩාල වූ බව ජනාධිපති කාර්යාලය කියයි.
මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පූර්ණ දේශපාලන ස්ථාවරත්වයක් සහිත රජයක් ස්ථාපනය කර සර්වපාක්ෂික ආණ්ඩුකරණයක් සඳහා වන දේශපාලන සාකච්ඡා ද ඉතා සාර්ථක මට්ටමක පවතින හෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා සාකච්ඡා සාර්ථකව අවසන් කර මූල්‍ය ස්ථායීතාව ඇතිකිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තැබිය හැකි බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කවුද නැහැ කියන්නේ... අපිද?
බොරුවලත් සීමාවක් තියෙන්න ඕනෑ නේද?
මරේ මරු... යාන්තම් ඇති... ඔක්කොම ඉස්සර වගේ අපේ දෙපා ළඟටම ලැබෙයි..! අරගලය දිනුම්... ! අපි ණය නැහැ... අපෙන් පස්සේ ඕනෑදෙයක් වුණාවේ. රටට ඩොලර් ඕනි නැහැ දැන්..!
කතාවෙන් නොව, ක්‍රියාවෙන් පෙන්නන්න... නියම විදිහට නම් මෙම ප්‍රකාශය කළ යුත්තේ IMF එකයි.
අපිව අන්දන්න හදන ඔයා දවල් හීනවලටඅපි රැවටෙන්නේ නැත.
රනිල් රාජපක්ෂ ඊළඟ ජනාධිපතිවරණේ එනකන් IMF සාකච්ඡා සාර්ථකයි ගගා ඉඳියි..!
බොරු කියන්න එපා බං. IMF සාර්ථක වුණත් බන් අපි තවත් වැටෙන්නෙ වලටම තමයි. උඹලා පුළුවන්නම් කියපල්ලකො ඩොලර් එකක් අලුතෙන් හොයන විදියක්. බලන් ඉන්නෙම නිකම් ඩොලර් ලැබෙනකම්. සුද්දෝ මෙහෙ ආවත් උඹලා ඉන්නේ නිකම් නේ. උන්ට මොකක් හරි පෙන්නලා මෙනවා හරි ජරාවක් කවලා සල්ල කඩා ගන්න. යකෝ නිෂ්පාදනය කරන්න අවස්ථාවල් හදපල්ලා. එතකොට අපට පුළුන් මොනවා හරි හදලා පිටරට බඩු විකුණලා ඩොලර් හොයන්න. මේ ඔෆිස්වල ටයි දාගෙන ඉන්න නිකමුන්ට කියපල්ලා කර්මාන්ත ශාලාවල වැඩ කරන්න කියලා.
බොරු සන්දර්ශයනයක් පාන්න එපා ජනාධිපතිකාර්යාලයේ එවුනි. තොපි කියන විදියේ කතාවක් IMF ප්‍රකාශනයේ ඇතුලත් නොවනබව සක්සුදක් සේ පැහැදිළිව තිබියදී තොපි මේ රවටන්න හදන්නේ කවුරුන්ද?