(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ලබන පාර්ලිමේන්තු සතියේ දිනක එම විවාදය ලබා දීමට තීරණය කෙරුණු බව ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කළේය.

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සමගි ජන බලවේගය මීට පෙර ඉල්ලීමක් කර තිබිණි.