ඹතලේ ජල පොම්පාගාරය වසා දමා ඇතැයි පැතිරෙන කටකතාවල සත්‍යයක් නැතැයි නගර සංවර්ධන හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ජල පොම්පාගාරය වසා දැමීමට නම් අඩි 23 දක්වා ජල මට්ටම ඉහළ යා යුතු බවද අද පෙරවරුව වන විට තිබූ ජල මට්ටම 19.3ක් බවද ඇමැතිවරයා කීවේය.
ලොකු ආපදා තත්ත්වයකට අප මුහුණ දී ඇති බවත් ඇතැම් ජල පොම්පාගාර යටවූ අතර ඇතැම් ඒවායේ මජ හිරවී තිබූ බවත් එවැනි ස්ථාන පිරිසිදු කරමින් තිබෙන බවත් කී රවුෆ් හකීම් මහතා අවතැන්වූ ජනතාවට අවැසි ජලය ලබාදීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කළේය. ජලයේ සුරක්ෂිතභාවය වැඩි කිරීමට යොදන ක්ලෝරීන් ප්‍රමාණය වැඩි කර ඇති බවද කී ඔහු මේ වන විට ගංවතුර මට්ටම ක්‍රමයෙන් බැස යමින් තිබෙන බවත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඹතලේ ගඟ හරහා ඇති බැම්ම ගංවතුර මට්ටම ඉහළ යාමට ප්‍රධාන හේතුවක්. නමුත් මහජනයා මේ බැම්ම ගැන දන්නේ නැහැ. ගඟ වැලි ගොඩදමීමෙන් ජඹුර වී තිබුන කාලයේ මෙහෙම ගංවතුර ඉහළ ගියේ නැහැ. බැම්ම නිසා කඩුවෙල නැවත 60/70 දශක වලට ගිහින් (නි)