අඹතලේ ජල පොම්ප 13 තවත් අඩි තුනකින් වැසීගියහොත් කොළඹට ජලය බෙදීම මුළුමනින්ම නතරවන බව එහි ආරංචි මාර්ග කියයි.
දිනකට ජල ලීටර් 5,30,000ක් කොළඹට බෙදා හැරේ. කැලණි ගඟේ ජල මට්ටම අඩි 7.4 දක්වා ඉහළ නැග ඇත. කොළඹ නාගලගං වීදියේ ජල මාපකය ඒ බව සනාථ කරයි. එය අවදානම් වතුර මට්ටමක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. අඩි 3 – 5 දක්වා සුළු ගංවතුරක් ද අඩි 5 – 9 ත් අතර අවදානම් ගංවතුර තත්ත්වයක් ද වේ. අඩි 9ට වැඩිවීම යනු මහ ගංවතුරකි.
මෑත ඉතිහාසයේ ලොකුම ගංවතුර 1989 දී වාර්තාවූ බව වාරිමාර්ග අධ්‍යක්ෂිකා හේමා හෙට්ටිආරච්චි මහත්මිය කියන්නීය.
කැලණි ගඟේ අතු ගංඟාවන ගුරුගොඩ ඔය, සීතාවක හා කෙහෙල්ගමු ඔය ද පිටාර මට්ටමේ පවතී. කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප ප්‍රායෝගික වශයෙන් බොරු කීමේ හා බොරු කිරීමේ ප්‍රතිඵලය මේකයි. එක අතකින් වැට් නිසා දුප්පතා හතර ගාතෙන් වැටිලා. මේක ගහෙන් වැටුණු මිනිහට ගොන්නු දෙන්නෙක්ම ඇන්නා වාගේ. (නි)
සොබාදහමින් මෙවැනි විපත් පැමිණියත් ඒවායේ බලපෑම් දෙගුණ තෙගුණ වන්නේ අපේම තණ්හාවට. ඒ අනුන් ගැන නොසිතා දුප්පත් මිනිසුන්ගේ ස්වභාවික ජලය බැසයන කුඹුරු හා වගුරු ඉඩම් තුට්ටු දෙකට කොල්ලකාගෙන එම ඉඩම් විකුණා ක්ෂණික මුදල් සොයන එදා වේල සංස්කෘතියට සමහර දේශපාලන බලවතුන්ගේ අනුග්‍රහය ලබන මෝඩ හිතෛෂියන්ගේ වැඩ නිසාවෙනි (නි)
මහ කොළඹ ගංවතුර පාලන ව්‍යාපෘති අදියර 1, අදියර 2(වනාතමුල්ල), අදියර 3(අත්තිඩිය, කව්ඩාන, ගල්කිස්ස), අදියර 4(රත්මලාන, අඟුලාන, ලුනාව) ක්‍රියාත්මක කළ ප්‍රදේශ දැන් ජලයෙන් යටවෙන්නේ නැහැ. පහුගිය පාලන කාලයේ මෙම ව්‍යාපෘති මාලාව (ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක වූ) සම්පුර්ණයෙන්ම නැවතුනා. මෙය නැවත ආරම්භ කළයුතුයි කියලා යෝජනා කරනවා (නි)
මං අහල තියෙනවා සමහර රටවල් මෙවැනි ආපදාවලට මුහුණදීමට සුදානම්ව ප්ලෑන්-ඒ, ප්ලෑන්-බී ආදී වශයෙන් විකල්ප පෙරසුදානම් පද්ධති තියාගෙන ඉන්නවා කියලා. ආපදාවකදී ප්ලෑන්-ඒ අකර්මණ්‍ය වෙනකොට ප්ලෑන්-බී වලට මාරුවෙනවා. අපෙත් එහෙම ඇති නේද? නැත්නම් අපට දෙවියන්ගේම පිහිටයි, වතුර නැතුව ගියොත්. (නි)
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් වල තිබෙනවා වොගා වොගා කියලා නගරයක් සිඩ්නි වලට ගොඩක් ඈතින් තිබෙන්නේ. මරම්බිජි කියන මහා ගංගාව ගලන්නේ ඒ වොගා නගරය අසලින්. දැන් වසර දෙක තුනකට ඉහතදී මහා ගං වතුර ගලලා ක්වීන්ස්ලන්තයේ බ්‍රිස්බේන් යටවෙලා තව ඈත නගර සහ ගම් විනාශ වුනා. මිනිසුන් මැරුණා. නමුත් ඊට විශාල මරම්බිජි ගඟ ගලද්දී වොගා නගරය යට වෙන්න නොදී බේරා ගත්තා. ඉතා නිවැරදි ක්‍රියාදාම සහ තීරණ එයට මුල් වුනා. අපේ රටට ඔවුන්ගෙන් අදහස් ගත්ත නම් හොඳයි. (ර)
එහෙම නොවේවායි පාර්ථනා කරමි. (ර)
දළදා සමිදුගේ බලයෙන් තුනුරුවන්ගේ පිහිටේන් ජල පොම්පය යට නොවේවා වර්ෂාව නවතිවා. (ර)
එහෙම වුණොත් ඇතිවෙන තත්ත්වය හිතාගන්න අමාරුයි (නි)
රට ධාර්මික වේවා! ස්වාභාවික විපත් දුරුවේවා! (නි)