IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අමිල වේරගොඩට ඇප

(නිමන්ති රණසිංහ)

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කඩුගන්නාව නගරසභාවේ සභාපති අමිල වේරගොඩ මහතා රුපියල් 20,000/ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (25) නියෝග කළේය.

සැකකරු කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නගරාධිපති ලෙසට සදහන් කරමින් කූඨ ලේඛනයක් සකස් කර එය ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේය.

මෙම සැකකරු එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ බිරින්දෑවරු විදෙස් රටවලට රැගෙන ගිය බවට තොරතුරු අනාවරණය වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලැබී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ, මෙම සැකකරු සම්බන්ධයෙන් එවන්  සිද්ධියක් පිළිබදව අනාවරණය වේ නම් ඒ පිළිබදව අධිකරණය හමුවේ වෙනම නඩුවක් ගොනුකර ඉදිරි පියවර ගන්නා ලෙසය.



අදහස් (1)

අමිල වේරගොඩට ඇප

Prabha Saturday, 26 February 2022 02:42 AM

විපක්ෂයේ නම් ත්‍රස්තවාදී පනතෙන්.. පොහොට්ටුවෙන් නම් එපා. එකම රටක්, එකම නීතියක්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 268 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 617 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site