මැයි 18 වැනිදාට යෙදෙන යුද ජයග්‍රහණ සැමරුම වත්මන් රජය ‘යුද්ධයේදී මියගිය විරු සමරුව‘ ලෙසින් නම් කර තිබීම කණගාටුවට කරුණක් බව සියලු ජාතික සංවිධාන එක්ව ආරම්භ කළ ‘දිනූ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය‘ අද (14) නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේය.
මෙම සැමරුම ත්‍රිවිධ හමුදාවට මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයටද සැමරිය හැකි බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.
ටී.එන්.ඒ. පළාත් සභා මන්ත්‍රී සිවාජ්ලිංගම් ප්‍රභාකරන් සැමරීමට මහා විරු සතියක් ආරම්භ කරන බවත් එයද මේ මස 18 වැනිදා වෙල්ලමුල්ලි වයික්කාල්හි ආරම්භ වන බවත් ඔහු කීවේය.
එම මහා විරු සතියට විරෝධය දක්වමින් දිනූ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු සංවිධාන එක්ව මැයි 18 වැනිදා නිදහස් චතුරශ්‍රයේදී යුද ජයග්‍රහණය සැමරීමට කටයුතු යොදා ඇතැයිද ඔවුහු කීහ.
මෙම මාධ්‍ය හමුවට බෙංගමුවේ නාලක හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් එක්වූහ.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වචන වල අරුත වැදගත්. (ර)
මෙතන වචනයක් අල්ලන් ආණ්ඩුවට ගහන එක්කක් නෙමෙයි තියෙන්නේ. මේක තමයි ඇත්ත. (හේ)
අමරසේකර මහතා ජාතික ව්‍යාපාරයේ පතාක යෝදයෙක්. මේ මහතා වචන තමාගේ වාසියට හරවන මෝඩයෙක් නොවේ. (බ)
මෙය "දිනූ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය" නොව " දේශය විනාශ කිරීමේ ජාතිවාදී ව්‍යාපාරය" ලෙස නිවැරදි විය යුතුය (බ)
කෑගහන සමහරුන්ගේ දරුවන් අධිරාජ්‍ය වාදී රටවල්වල ඉගෙනගන්නවා. (ත)
ජාතිවාදය නැවතත් ඉස්මතු කරන්නද මෙයාල උත්සහ කරන්නේ.(බ)
කල්හාරි - ඔයා ලංකාවේ ඉපුදුණු කෙනෙක්ද කොටින්ට සුදු හුණු ගාන්න හදන්නේ,,,(බ)
අභයාරාමයේ නම් පැවැත්තුවේ, ආවේ ජාතිකවාදී සංවිධාන නම් කාගේ උවමනාවට කරපු වැඩක්ද කියලා හිතාගන්න පුළුවන්, ඇත්තටම මෙය නම් කරන්න තිබුනේ රට යලි එක්සේසත් කළ දින සැමරුම ලෙසයි (බ)
වැඩක් නෑ කියල මෙයාලට ඒකීය කියන එකත් නිකන් වචනයක් විතරනේ (බ)
මේ අයත් එක්ක නම් කවරදාවත් දේශය එකමුතු කරන්න බැහැ.. (බ)
මේ දොස්තරලා දෙන්නා සමාජ ලෙඩ බෝ කරන දෙන්නෙක්. ජාතිවාදය අවුස්සන්න ලේසියි. නිවන්න අමාරුයි.(බ)
කල්හාරි, නුඹේ දෙමව්පියන් දෙමල බව හැගේ (බ)
කල්හාරි, ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද? (බ)
හරියට හරි කල්හාරි මේ වල පයයි ගොඩ පයයි තියාගන ඉන්න නාකි මිනිස්සු ජාතිවාදී අවුස්සලා මැරිලා යයි ඒවාට වන්දි ගෙවන්න වෙන්නේ අනාගතේ බිහිවෙන දරුවන්ට.මේ වගේ කට්ටියක් ඉස්සර කරපුවට අපි ඇති වෙන්න ලේ හලලා තියෙන්නේ දැන් තවත් මේ දේශයට පව් නොදී පිනක් දහමක් කර ගත්තොත් හොඳයි .මොකද අපි නොකා නොබී ලේ හලාගෙන යුද්ධ කෙරුවේ ඔය කවුරුවත් නොවේ (බ)
කල්හාරි, ඔය සිංහල නමකින් පෙනී හිටියට කොටි දෙනක් බව සැකයක් නැහැ. (බ)
කල්හාරි බීලද? ටී.එන්.ඒ. පළාත් සභා මන්ත්‍රී සිවාජ්ලිංගම් ප්‍රභාකරන් සැමරීමට මහා විරු සතියක් මේ මස 18 වැනිදා වෙල්ලමුල්ලි වයික්කාල්හි ආරම්භ කරලා. පොඩ්ඩක් පාට කන්නාඩි ගලවල රට ගැන අවධානයෙන් ඉන්න. (බ)
අැයි මේ ආණ්ඩුව මේක රණවිරු සමරුව කියල කියන්නේ නැත්තේ. ජනාධිපතිවරණය කාලේ කොටි යාලුවන්ට දුන් පොරොන්දු නිසා නේද? වරෙල්ලකෝ ලබන ඡන්දෙට. මුළු රටෙන්ම මේ සැරේ නම් හොඳ උත්තර ලැබෙයි. (බ)
මෙම මාධ්‍ය සාකච්චාවට සහභාගී වන අනුලා විජේසුන්දර මැතිනියනි ඔබතුමිය මේ මොහොතේ රට වෙනුවෙන් පෙරට පැමිණීම අගය කොට සලකමි. ඔබතුමිය යටතේ පුහුණුව ලබා රට පුර සේවය කරන දහස් ගන්නනක් දොස්තරවරු ඔබ සමගයි (බ)
නමින් කල්හාරී වුනාට ඔබ සිංහල දුවණියක් වෙන්න බෑ (බ)
මම නම් කියන්නේ කරුණාකරලා ජාති වාදය අවුසන්න එපා. සමහරු ඒ කලේ ජාති වාදය අවුස්සපු නිසා අපේ රටේ අහිංසක තරුණ කොල්ලෝ කෙල්ලෝ නැති උන ( සිංහල , තමිල් ) . ඒ නිසා අයෙත් මේ රට විනාස කරන්න හදන්න එපා පොඩි වචනයක් අල්ලාගෙන. (කේ)
දිනු දේශය සුරැකීමේ නමින් , මොවුන් කරන්නේ දේශය කොටස් කිරීමට සහාය වීමක් , ජාති වාදය දේශයක් සුරැකීමට ඉතාම නරක දෙයක් .(හේ)
දහම්, මම ඔබ සමග එකඟ වෙනවා. (බ)
මේකේ මේ කොමෙන්ට්ස් දාන සමහර අය ඒ කාලේ බෝම්බයක් තිබුන බස් එකකට නැග්ගානම් තේරෙයි (බ)
රට බේරගන්න ති‍්‍රවිධ හමුදාව ජීවිත කැපකළා.ත‍්‍රස්තවාදය වෙනුවෙන් එල්.ටී.ටී.ඊ ය වැඩකළා.අමතක කරන්න එපා මේ හැමෝම අපේ රටේ හිටිය තරුණ පරපුර.අවුරුදු 30 ක් මේ විදිහට පැවතුනු යුද්දෙන් ලාංකික අපට හැමදේම නැතිවුනා.වටිනා ජීවිත වටිනා සම්පත්,ආර්ථිකය මනුස්සකම මේ හැමදෙයක්ම නැතිවුනා.මේ ගැටලූව මේ තරම් දුරදිග යන්න වැඩකළ දෙස් විදෙස් හැමෝම ඊට වගකිව යුතුයි.ආයෙත් උතුරු දකුණ එකතු කරනවා වෙනුවට වෙන් කරන්නම කටයුතු කරනවානම් රටක් විදිහට ආයෙත් අපට ඉදිරියක් නැහැ මිනිසුනේ.එනිසා දැන්වත් මේ ජාතිවාදී,වර්ගවාදී,ගෝත‍්‍රික අදහස් අතහරින්න. (කේ)