ඉන්දීය අන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය ශ‍්‍රී නාරා චන්ද්‍රබාබු නයිදු සහ ප‍්‍රාන්ත ඇමතිවරු සිව්දෙනෙක් අද (08) මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී ඇමති චම්පික රණවක, නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ප‍්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් මුණ ගැසුණහ.
විනාඩි 45 ක කෙටි සාකච්ඡාවක් තුළ දෙරටට වැදගත් සංවර්ධන කාර්යයන් රැසක් පිළිබඳව දෙපාර්ශවයේ අදහස් හුවමාරු කර ගැනිණ. එහිදී වත්මන් අන්ද්‍රා ප‍්‍රදේශයේ ඉදිකෙරෙන ‘අමරාවතී’ මහා නගරයේ නාගරික සැලසුම්, විධික‍්‍රම, නව තාක්ෂණික දැනුම සහ අත්දැකීම්, ශ‍්‍රී ලංකාවේ මහානගර වැඩපිළිවෙල සාර්ථකව ඉටු කර ගැනීම සඳහා ලබාදෙන බවට එකගත්වය ප‍්‍රකාශ කෙරිණි.
ශ‍්‍රී ලංකාවේ නව මහනගර හා බස්නාහිර සංවර්ධන සැලසුම පිළිබඳව විශේෂ ඇගයීමක් සිදු කළ අන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය නයිදු කියා සිටියේ ඉහළ සැලසුම් සහ ශක්‍යතා සිදු කිරීමෙන් අනාගතයේ ඉහළ ප‍්‍රතිලාභ ලබාගත හැකි බවයි. එහි අත්දැකීම් තමන් සතු බවත්,රටට සහ මහජනතාව වෙනුවෙන් සිදු කරන සෑම ව්‍යාපෘතියකම ප‍්‍රමිතිය සහ ඵලදායීතාවය වැදගත් බව ද ඔහු සඳහන් කළේ ය.
ඡායාරූප - ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආවේ එට්කා (අ)
අපිට ඉන්දියාව නැතුව මොකුත් කරගන්න බැරි හැඩයි. ඔය ටික කරලා දෙන්න අපෙන් තව මොනවා ඉල්ලයිද දන්නේ නැහැ. (නි)
ඔය නගර ව්‍යාපෘතියට වැසිකිළි පද්ධතියකුත් තියෙනවද කියලා හොයලා බැලුවා නම් හොඳයි (නි)
මෙම සැළසුම් හරහා ඉන්දීය ශිල්පීන් හට ලංකාවේ රැකියා අවස්ථා හිමිවනු ඇත. ඉන්දියාවට පාච්චල් නොවී එම වැඩ කරගන්න මොනතරම් දක්ෂයින් ලංකාවේ සිටිනවද? (නි)
අපිට ඉතින් පිටරට දේ සිරිසැප දේ තමයි(රේ)
ලංකාවේ මිනිස්සු නැද්ද ? (හේ)
එතකොට අපිට ත් පාරේ ද වැසිකිලි කැසිකිලි කරන්න වෙන්නේ ?අනේ ඉන්දියාවේ බම්බුව .. එයාලට වැසිකිලි හදල දෙන්ඩල. (අ)
ඉන්දීය අන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය ශ‍්‍රී නාරා චන්ද්‍රබාබු නයිදු ඉන්දිය තොරතුරු තාක්ෂණය ජාත්‍යන්තර තලයට ගනයන්න ව්ශාල මෙහවරක් සිදුකළ නායකයක්. එම ව්‍යාපෘති එකල බොහෝ අය චෝදනාවට ලක් කළද ඉන්දීය පරිගණක මෘදුකාංග ඉංජිනේරු වන්ට ජාත්‍යන්තර තලයට යන්න ඔහු ආරම්බ කළ ව්‍යාපෘති උපකාරි විය.(බ)
හඳ පෙන්නුවාම ඇඟිල්ල දකින මිනිස්සු මෙතනත් ප්‍රතිචාර දානවා.(ම)
මීට අවුරුදු 20කට කලින් අන්ද්‍රා ප්‍රදේශය යනු ඉන්දියාවේ ඉතා නොදියුණු කලාපයක්. අද හයිද්‍රාබාද් නගරය තොරතුරු තාක්ෂණය අතින් ඇමරිකාව සමඟත් තරඟ කරනවා (නි)