බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කළ යුතු වැඩ පිළිවෙළ ගැන මහින්ද රාජපක්ෂ ජනපති හමුවී සාකච්ඡා කිරීමට සියළු මහා නායක හිමිවරුන් පියවර ගත යුතු බව අමරපුර ධර්ම රක්ඛිත මහා නිකායේ මහා නායක තිරිකුණාමලේ ආනන්ද මා හිමියෝ පැවසුහ.
මහා නා හිමියන් එසේ කීවේ මහනුවර මල්වතු පාර්ශවයේ තිබ්බටුවාවේ සුමංගල මහා නා හිමියන් හා උඩුගම බුද්ධරක්ඛිත මහා නා හිමියන් හමුවීමට පැමිණි අවස්ථාවේදීය.මහා නා හිමියෝ දළදා සමිඳුන්ද වැඳ පුදා ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාදිනල් තුමත් අපේ සාම්ප්‍රදා නියමෙට ම රකිනවනේ. (අ)
බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන්න තෙරුවන් සරණයි (දී)
බුදු සසුන රැකීමට නම් පළමුව නිකාය බේද පසෙක ලා සියළුම සංඝයා වහන්සේලා එක් විය යුතුයි. කුල භේදය පසෙක ලූ බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලාංකික මහා සංඝ රත්නය නිකාය භේද දුරලා එක්සත්ව කටයුතු කරනු ඇතැයි සැදැහැ සිතින් බලාපොරොත්තු වෙමි. (දී)
ඇත්තටම ඔබ වහන්සේලා එකට එක්වී බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කල යුතුව ඇත,. (දී)
ගරුතර මහා නා හිමිවරුනි , බුදු සසුනත් සිංහලයාගේ අනාගත අයිතියත් රැක ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට බල කරන්න.(නදී)
මෙය බොහෝ කලකට පෙර සිදුවිය යුතුව තිබුන දෙයක් .මසකට වරක්වත් රැස්වී බුදුසසුනේ දියුණුව උදෙසා ඒකමතික පියවරවල් ගතයුතුයි . ත්‍රි නිකායික අඩුපාඩු අවම කරගත යුතුයි.(නදී)
රාජ්‍ය සේවයෙත් ජ්‍යෙෂ්ඨත්වයට ගෞරව කරන නිලධාරීන් සිටිනවා නම් කොපමණ හොඳද? වර්තමාන රාජ්‍ය සේවයේ සුලු සේවකයිනුත් හිතන්නේ මම තමයි ලොක්කා කියා. රජයේ සේවකයින්ටත් මෙහෙම විනයක් හෝ නැත්නම් හමුදාවේ වගේ විනයක් වහාම ඇතිකිරීම අත්‍යවශ්‍යයි.(නදී)
බුද්ධ සාසනය නොපිරිහී පවතින්නේ මුන්වහන්සේලගේ ධර්ම විනය නිසාවෙනි. තෙරුවන් සරණගිය අපට කිසිදු සන්සන්දනයක්/බේදයක් නොමැත. (අ)
අති ගෞරවනීය මහනායක හිමි වරුනි , හෙළ දෙරණේ බුදු සසුන ආරක්ෂා කර ගත හැකි එකම මග මහා සංගායනාවක් කිරීම බව අපගේ අදහස බව ශාසනාලයෙන් ගෞරව පුරකව සදහන් කරනු කැමැත්තෙමු . (අ)
බලන්න අමරපුර මහා නායක හාමුදුරුවෝ වෙලත්,අතීත සම්ප්‍රදාය රකින හැටි. (නදී)
නිකාය භේද දුරලා මහ නාහිමිවරු එකතු විය යුතු කාලයක්..