
හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙසින් පසිඳු, අභාවප්‍රාප්ත ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාණන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය අද අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 86 වැනි වියේ පසුවූවාය.
නිවසේදී සිදුවූ ඇදවැටීමකින් පසුව රෝහල් ගතකරන ලද ඇය දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.
ඇය දරුවන් තිදෙනකුගේ මවකි.
ඇය නැටුම් ශිල්පී පණීභාරතයන්ගේ ශිෂ්‍යාවකි. එහෙත් විවාහයෙන් පසුව ඇය අමරදේවයන් වෙනුවෙන්ම කැපවූවාය.
දේහය හෙට (09) පෙරවරු 8.30 සිට පස්වරුව දක්වා බොරැල්ල, ජයරත්න මල්ශාලාවේ ප්‍රභූ අංශයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරදේව මහත්මියනි, අමරදේව මහත්මයා ජීවතුන් අතර සිටිද්දී ඔබතුමියට හැකි හැම ආකාරයකින්ම එතුමාව ආරක්ෂා කොට බලා කියා ගත්තා. ඉතින් දැන් ඔබතුමියත් අප අතරින් වෙන්වෙලා ගිහින්.. පරක් තෙරක් නොදන්නා, අනන්ත වූ සංසාරයේ ඇවිදගෙන යන මේ ගමනේ යම් භවයකදී ඔබතුමියට බුදුන් දැක නිවන්සුව අත්කර ගැනීමට හේතු වාසනා වේවා...!!!
ඇයට නිවන් සුව පතමි...!!!
ඔබතුමියට අමා මහ නිවන්සුව අත්වේවා... !!!
ගෙවාදමන්නට ඉතිරිව ඇති භවයන් ඉතාමත් කෙටි වේවා..!!! සුඛිත මුදිත වේවා..!!! සියලු දුක් නිමාකර ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් තොර අජරාමර නිවන් සුවයෙන් සුවපත් වේවා..!!! මගේ පැතුම එයයි...
මෙවන් මහඟු, ජාතියේ පිනට පහළ වූ උතුම් පුද්ගලයින්ට ජාතියේ ගෞරවය හිමිවන්නේ මිය ගියවිටදී පමණි. කාලකන්නි දේශපාලකයින්ට සදාකල්ම ඔවුන්ට කිසිසේත්ම නොලැබිය යුතු ප්‍රසංශා ලැබේ...
නිවන් සුව අත්වේවා..!!!