(සුජිත් හේවාජුලිගේ )

ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා වෙනුවෙන්  ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම සඳහා  අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්  පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්  ඊයේ  ඉල්ලීමක් කර ඇත.

ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ය.

එසේම ඝාතනය කෙරුණු එම මන්ත්‍රීවරයා වෙනුවෙන් සැලකිය යුතු සහන ලබාදීමට කටයුතු කරන්නැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඉල්ලීමක් කර ඇත.