IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අමීර් ඛාන්ගේ බර කිලෝ 25කින් අඩු කරලා

මේ වසරේ දෙසැම්බර් 23 වැනිදා ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති නිතේෂ් තිවාරිගේ "දංගල්" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන අමීර් ඛාන් මේ දිනවල එම චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් සඳහා එක්ව තිබෙන බව වාර්තා වේ. මෙම චිත්‍රපටය පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබාදීම පිණිස පැවති මාධ්‍යය හමුවකදී අමීර් ඛාන් පවසා ඇත්තේ සිය චිත්‍රපට චරිත සඳහා වැඩි කැපවීමක් මෙන්ම මහන්සියක් ගත් බවයි.

ඔහු පවසන අන්දමට මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙර තමා සිය චරිතයට අවශ්‍ය ස්වරූපය සකසා ගැනීමට තම සිරුරෙන් කිලෝ 25ක බරක් අඩු කරගෙන ඇත. ඉන්දියාවේ ප්‍රකට මල්ලවපොර ශූරයෙකු වූ මහාවීර් ප්‍රතාප් සිං ලෙස අමීර් ඛාන් මෙහි චරිත නිරූපණය කරන අතර, ඔහු සමගින් ඉන්දීය ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වූ සාක්ෂි තන්වීර් "දංගල්" හි ප්‍රධාන නිළි චරිතය සඳහා දායකව සිටියි.



අදහස් (0)

අමීර් ඛාන්ගේ බර කිලෝ 25කින් අඩු කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site