සුපිරි නළු අමීර් ඛාන්, බිරිය වන කිරන් රාඕ සහ පුංචි පුතු අසාද් සමග පදිංචිව සිටින්නේ මුම්බායි නුවර බන්ද්‍රා ප්‍රදේශයේ නිවසකය. එහි නිදන කාමරයේ තිබෙන අල්මාරිය විවෘත කර තමන් සතු රන් ආභරණයක් පැලඳීමට යද්දී කිරන්ට තමා සතු වටිනා දියමන්ති මුදුවක් සහ මාලයක් අතුරුදන් වී ඇති බව වැටහී තිබේ. ඉන්පසුව මෙය කිසියම් අයෙකු විසින් සොරකම් කරන්නට ඇති බව සැක කර මේ රන් ආභරණ අස්ථානගත වීම පිළිබඳව කිරන්ගේ පියා පොලීසියට පැමිණිලි කර ඇත. මේ ආභරණවල මිල ඉන්දීය රුපියල් ලක්ෂ 80ක් පමණ වන බව කිරන් පවසයි. අල්මාරිය තුළ සුරක්ෂිතව තැන්පත් කළ මේ රන් ආභරණ අතුරුදන් වීම කිරන්ටත්, අමීර්ටත් ලොකු ප්‍රහේළිකාවක් වී ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd