පානදුර පොලිස් කොට්ඨාසයේ ඉංගිරියේදී පොලිස් රථ වාහන අංශයේ නිලධරයකු, මාර්ග නීතී කැඩු බව කියන රියදුරකු හා ඔහුගේ සහායකු සමඟ බැන වැදුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම සැරයන්ට විරුද්ධව කිසිම ක්‍රියා මාර්ගයක් නොගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා කියයි.
‘එම සැරයන් නීතීය ක්‍රියාත්මක කරන්නයි හැදුවේ.ඔහුට නිවට වීමට බැහැ.ඒ නිසා ඔහුට විරුද්ධව කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නේ නෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් පුද්ගලිකව අකමැති මාතෘකාවක් (දී)
මොකද එක එක ම්නිස්සුන්ට එක එක විදිහට සලකන්නේ (දී)
ඔය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් රාත්‍රියට පාරවල් වල වාහන නවත්වල දඩකොලය වෙනුවට රුපියල් දාහක් දෙදාහක් මොන ආකාරයට හෝ අරගන්නවා ...? එම රජයට හා මහා ජනතාවට කරන ප්‍රෝඩාවන් ඒ වා නිවට වැඩ නෙවේද ...? අනේ ඔය යුනිෆෝර්ම් එක දමාගෙන අපිට නීතිය කියන අපේ පොලිස් පතිතුමාම කියන්නකෝ අපිට මේ ප්‍රශ්නෙට පිළිතුර ...? (ස)
මමනම් කිසිම දෙයක් කියන්නේ නෑ. නිවට වෙන්න එපා (නදී)
අනිත් දියුණු ප්‍රජතන්ත්රිවාදී රටවල පොලිසියත් මේ වගේද? එහෙම රටවල් ගැන මෙහෙ පොලිස් ඇත්තෝ අහලවත් නැහැ. අඩුම ගන්නේ සව්දි අරාබි පොලිසියටවත් යවල බලන්න (නදී)
පොලිසියට නිවට වෙන්න පුළුවන් දේශපාලුවෝ ළඟදි විතරද? එතනදී නිවට වෙලා අපිට පාට් දානවා. (නදී)
මගේ ජාතික හැඳුනුම්පත නැතිවෙලා පොලිසියට ගියා පැමිණිලි කරන්න , විලි ලැජ්ජයි මට කතා කරපු හැටි කියන්න, මගේ රස්සාව කියුවා විතරයි මට දෙවියන්ට වගේ සැලකුවා මේකට මොකද්ද කියන්නේ එතකොට, සමානාත්මතාවයද , නිවට කමද (දී)
අවංකවම අපේ රටේ ජනතාව ගැන දුකක් ඇතිවෙනවා.මේවට කමෙන්ට් දාන්න ඕනේ කුනුහරපෙන් (දී)
එතකොට අජිත් මහත්තයෝ ලොකු මිනිහෙක්ට මෙහෙම කතා කලානමි මොකද වෙන්නේ. ඔබතුමාගෙ අමිමව මතක් කලානමි ඔබට දැනෙන වෙිදනාව මොකක්ද. ඔයාගෙ අමිමට ඔයා එහෙමද සගකන්නෙ. ඇයි ඔයාගෙ කොන්ද පන නැද්ද. ? (ස)
අම්ම මොකද අනේ. ආච්චිවත් එක්ක මතක් කරන්න කියන්න. (දී)
අනිත් දියුණු ප්‍රජතන්ත්රිවාදී රටවල පොලිසියත් මේ වගේද? (හේ)
කෝ ලංකාවේ මානව හිමිකම් ? (දී)
විකාර කතා (දී)
සාධාරණය කියලා එකක් දන්නේ නැද්ද (දී)
මේ වගේ දේවල් නිසා තමයි අපේ පොලීසියට අද තැනක් නැතිවෙලා තියෙන්නේ (දිල්)
ප්‍රකාශක වෙනත් රටක පුරවැසි භාවයක් එහෙම ලබලා නැහැ නේද. (නදී)
පොලිසිය නීතිය කරත් වැරදියි, නොකලත් වැරදියි. නීතිය කරන්න ගියාම තරා තිරමවත්, යැපෙන්නේ කාගෙන්ද කියලවත් වැඩක්නේ. (හේ)
මෙහෙවු රටක උප්පත්තිය සිද්ධ වුණේ අවාසනාවටම තමයි. (නි)
පොලිසිය නීතිය කරත් වැරදියි, නොකලත් වැරදියි. නීතිය කරන්න ගියාම තරා තිරමවත්, යැපෙන්නේ කාගෙන්ද කියලවත් වැඩක්නේ. (අ)
අම්මා මතක්කරන එක හරි කිවුවා? අනේ දෙවියනේ! (නි)
පොලිසිය නීතිය කරත් වැරදියි, නොකලත් වැරදියි. නීතිය කරන්න ගියාම තරා තිරමවත්, යැපෙන්නේ කාගෙන්ද කියලවත් වැඩක්නේ. (අ)
මේකෙන් පෙනෙන්නේ රටේ සදාචාරය නොවේද? (නි)
රටේ නීතිය ක්‍රියාත්මක කරන්න.(හේ)
ඇසළ, ඔබ කියන දේ හරි. පොලිස් නිලධාරියා වැරදිකරුවෙකුට කතා කරද්දී ඔහු නිහඬව ඉන්නවා. අහක හිටි කෙනෙක් ලොකුකම් පෙන්වන්න හදනවා කියලා තමයි මටත් පෙනුනේ. (නි)
දැන් මහත්තයා කියන්නේ පොලිසිය හරි කියලද? (නි)
එහෙම කෑගහන්න පොලෝසියේ මහත්තයන්ට විතරයි එහෙම කරන්න පුළුවන්. (ර)
මහජන මුදලින් යැපෙන, මහජන සේවයට ඉන්න අය කතා කරන විදිහ හරිම අසොබනයි. ලැජ්ජයි. (ර)
මහින්ද බණ්ඩාර හරියට හරි. දියුණු රටක පොලිස් නිලධාරියෙක් මහජනයාට ඔහොම කතා කලොත්,පහුවෙනිදට රක්ෂාව ඉවරයි. (නදී)
මමනම් කිසිම දෙයක් කියන්නේ නෑ. (ර)
ඔබ හරි. (ර)
මාලින් පෙත්ත ගැනීමට අමතක වී මාරාවේශයෙන් කියවනවා. (නි)
ඔක්කොම සද්ද පොඩි මිනිහාට.ඇමති කෙනෙක් ආවොත්..... (නි)
ඉතින් දෙයියනේ! අපිට අසාධාරණයක් පොලිසියෙන් සිදුවුණොත් අපිට ඒ පිළිබඳව පැමිණිලි කරන්න තැනක් තිබේද? නම් ගම හොයාගෙන, දේවාල,කෝවිල් ගානේ ගිහිල්ලා වස්කවි කියන්නයි,පොල් ගහන්නයි විතරයි ඉතුරුවෙලා තියෙන්නේ. (නි)
පොලිසිය නීතිය කරත් වැරදියි, නොකලත් වැරදියි. නීතිය කරන්න ගියාම තරා තිරමවත්, යැපෙන්නේ කාගෙන්ද කියලවත් වැඩක්නේ. (ර)
නිවට නොවී හරි නීතිය ක්‍රියාත්මක කරාම කමක් නෑ. පොඩි මිනිහට තම්යි මේ සද්ද ඔක්කොම. මහජනයාගෙන් යැපෙන ආයතනයක් මහජනතාවටම කරදරක් වෙලා. පොලීසියටත් සීමාවක් තියෙන්න ඕන. පොලීසිය අධිකරණයේ වැඩ කරන්න ඕන නෑ. (ර)
තව ටික කලක් යනකොට අම්මා මතක් කරලම තමයි පොලිසිය අපිට කතාකරන්නේ. ඇයි ඉතින් කමක් නැහැ කියනවනේ! (නි)
වීඩියෝ කළ කෙනා පරිස්සමින්! (නි)
මට හිතෙනවා මේක සාධාරණීකරනය කරන අයටත් මෙහෙම බනින්න, මේ කතාව අහනකොට. මට ඊටපස්සේ මොකද වෙන්නේ කියලා බලන්නත් මට ආසයි (නි)
ඔබතුමා මේක වගකීමකින්ද කියන්නේ? (නි)
පොඩි අයට විතරයි හැම දෙයක්ම (දිල්)
පොඩි මිනිසුන්ට තමයි මේ හැම ප්‍රශ්නයක්ම නේද?(දිල්)
අපි දැකල තියෙනවා කළු වීදුරු දැක්කම ඇඹෙරෙන ඇඹරිල්ල (දිල්)
හරිම ශෝක් තීන්දුවක් මේක ලංකාවනේ අපි දැනගෙන හිටියා (බ)
දැන් ඉතින් පෙලීසිය ගැන කතා කරලා වැඩක් නෑ.බලමු යහ පාලනයෙන් රට වෙනස් කරයි කියලා (දිල්)
පොලිසිය කියන්නෙත් අපේම පුරවැසියෝ. ඒ අය කරන්නේ රස්සාවක්. අපි නීතිය කාලා ඉවරවෙලා, පොලිසියට කතා කරන්න උගන්වනවාට වැඩිය හොඳයි, කවුරුත් නීතිය අනුව වැඩ කරන එක. නීතිය කැඩුවා නම් වරද පිළිගෙන කට වහගෙන ඉන්න එක තමයි හොඳ. (නි)
පොලිස් පති තුමාගේ කතාව අසාධාරනයි. කාටත් අත්මගෞරවයක් තියනවා .ඔය වැඩ නිසයි ජනතාව කලකිරිලා ඉන්නේ , බලමු වෙනසක්. (ස)
ඒ කියන්නේ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වීමෙන් පොලිස් දෙපාර්තමේන්තුව නිවට වෙනවා කියලනේ. මේ අයට අයුධ පෙනනලා, ජනතාව බයගන්වල කුපාඩිකම් කරන්න කැලැ නීතියක් හදල දීලා.(නදී)
දියුණු රටවල පොලිස් නිළධාරීන් ජනතාවට ඔහොම කථා කරන්නෙ නෑ. ජනතාවට හොදින් කථා කිරීම නිවට කමක් නෙමේ. ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක දන්නේ නෑ... අපේ රටට ගිය කල.. සාමාන්‍ය ජනතාවට අාත්ම ගරුත්වයක් නැද්ද? ඒක තියෙන්නේ පොලිසියට විතරද?.. (දී)
ලංකාවට හරියන්නේ කැත්තට පොල්ල වගේ ක්‍රමයක්. බටර් ගාලා හරියන්නේ නැහැ. යකඩ අතකින් පාලනය නොවුණොත් මේ මිනිසුන්ව පාලනය කරන්න බැහැ. යකාගේ හැටියට විමානේ කියනවනේ.අපේ රටේ ඉන්නේ කකුලෙන් අදින, අති පණ්ඩිත මිනිස්සු. (නි)
වැරැද්දට නීතිය ක්‍රියාත්මක කිරිම ගැන කිසිම ගැටලුවක් නැහැ. නමුත් මහජනතාවගේ බදු මුදල් වලින් යැපෙන මෙවැනි ආයතන වල නිලධාරින් වචන පාවිච්චියේදි මීට වඩා සංවර විය යුතුය යන්න මාගේ හැඟීමයි. (නි)
එතකොට අර අධිවේගේ ඇමති කෙනෙකුට දඩ කොලයක් දුන්න පොලිස් නිලධාරියා ගැනත් ඔහොම කියන්න තිබුනනේ. (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි, ඔබ හරියටම හරි. ඕනෙම කෙනෙක් ඔතනට පත්වෙනවා. දිගින් දිගටම බොරු කියලා වහගෙන ඉන්න බලනවා.එහෙම බැරිවෙලා රත්නපුරේ කාන්තාවට පහරදීම,මේ සිදුවීම වගේ දේවල් ඇස්පනාපිටම ඔප්පු වෙනවිට "ගලේ පැහැරූ බළලුන් " තත්වයට පත්වී "ඔවු අපි කරා තමයි තමුසෙලා මොකද කියන්නේ?" කියන තැනට වැටෙනවා,නමුත් එහෙම වෙන්නේ ආයතන වල නිසි පාලනයක් නොමැතිකම සහ දේශපාලනීකරණය වීම නිසා බව දන්නෝ දනිති.(නදී)
මේක මොකටද මෙච්චර දුර අරගෙන ගියේ? ගිය සතියේ මම හෙල්මට් එක නැතුව ගිහිල්ලා මට දඩ කොලයක් ලියන්න හැදුවා. ඊට පස්සේ මම වැඩේ ගොඩින් බේරගත්තා (නි)
පොලිසිය අමුතුවෙන් මොනවා නිවට වෙන්නද?කොහොමත් පොලිසිය කරන්නෙ පොඩි එකාට පාර්ට් දාලා,ලොකු එකා ඉදිරියේ දණින් වැටෙන එකනේ. (නි)
පහත් තැනින් තමා ජලය බැසයන්නේ. ඕක දේශපාලකයෙකුට වුණා නම් තත්වය මීට හාත්පසින්ම වෙනස් (නි)
මේ සිද්ධියේදී මම පොලිසියේ රාළහාමිගේ පැත්තේ (නි)
නීතිය කොහේද දැන් ඉතුරුවෙලා තියෙන්නේ? (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා නම් හරි. (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් එහෙම කියනවා නම් පොදු මහජනතාව ගැන පොලිසියේ ආකල්ප මානව පැහැදිලි වෙනවා. හෙට මේක ඕනෑ කෙනෙකුට වෙන්න පුළුවන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ පොලිසියේ සියලු කාර්යයන් සිදුකරන්නේ මහජන බදු මුදලින්. නීතිය සාමය හා සදාචාරය රකින්න මොකටද මේ වගේ පොලීසියක්? (නි)
පොලිසිය හරි. පාරෙ වැරදි කරන අයට දඩ ගහන්න ඕනේ. ඒකට නීති කථා කරල වැඩක් නෑ. මුලින් කියනව “අනේ සර්‘‘ කියල.. ඊ ළගට නීති කථා කරන්න එනව. බනින්න එනව. කේනති ගිහිල්ල වැරදි වචනයක් කියවුනොත්, ඊළගට එල්ලෙන්නෙ ඒකෙ. මුලින් තමන් කරපු වැරැද්ද එතකොට අමතකයි. මමත් වාහන පදිනවා. අද පාරේ වාහන වැඩියි. පිස්සු බල්ලො වගේ වාහන අරන් ගිහින් අනතුරු වැඩි කරනවා. විශේෂයෙන් ත්‍රීවීල්. (දී)
මහජන මුදලින් යැපෙන, මහජන සේවයට ඉන්න අය කතා කරන විදිහ හරිම අසොබනයි. ලැජ්ජයි (දී)
ඕවා වැඩිය හිතන්න එපා (දී)
නීතිය හරියට කෙරෙන්නේ පොඩි මිනිහට විතරයි (දී)
පොලිසියෙ "මහත්වරු" ඉන්නවද කියලත් සැකයි (නි)
අහිංසක මිනිහෙකුට මේ කෑ ගහන විදිහට බෙන්ස් හරි බි එම් ඩබ්ලිව් එකක් හරි නවත්තල ඔය කියන නිවට වෙන්න බැරි පොලිසියේ මහත්තුරු කෑ ගහවිද ? (දී)
පොලිසිය මහජනතාවට කතාකරන්න දන්නේ නැහැ. ජීවත්වෙන්නේ මහජනතාවගේ මුදලින්.මේවා මහා පව්කාර වැඩ. (නි)
මාත් හිතන්නේ පොලිසිය හරි. මෙතන සිවිල් මනුස්සයා කතාකරන හැටියෙත් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා."අනේ අනේ" ගාලා දැන් කාලේ මිනිස්සු පාලනය කරන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද? (නි)
වීඩියෝ එක දැක්කම පේනවා රියැදුරා සද්දයක් නතුව ඉන්නවා. සගයා තමයි ලොකු කම අරගෙන මුලින්ම කෑගහන්න පටන් ගන්නේ. එක පැත්තක් අරගෙන විතරක් කතා කරලා වැඩක් නැහැ. පොලිස් නිලධාරියට තිබුනේ මොහුට විරුද්දව රාජකාරියට බාධා කිරීම සදහා නඩු පැවරීම. කවුරුත් දන්නවා රියදුරන් රෝද තුනේ වාහන පාරේ එලවන හැටි. (දී)
මෙතන දෙපැත්තෙම වැරැදි තියෙනවා .නීතිය හරියට ක්‍රියාවට නැංවුණා නම් හරි (දිල්)
පොලිසිය යැපෙන්නේ මහජන මුදලින් කිව්ව එක හරි. මහජනයාගේ ජීවිත හා දේපළ ආරක්ෂාවට ඉන්නේත් ඒ අයම බව අමතක කරන්න එපා. මේ රටේ රාජ්‍ය සේවකයන්, මැති ඇමතිවරුන් සියළු දෙනාම යැපෙන්නේ මහජන මුදලින්. ඒක අමතකද? පොලිසිය ලබාගන්නා මුදලට සේවයක් ඉටු කරන්න වගබලාගත යුතුයි. මේ රටේ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගේන්නේ පොලිසිය බව අමතක කරන්න බැහැ. (නි)
පොලිසිය, සීරුවෙන් සිටින්! (නි)
නීතිය පිළිබඳව රටේ මිනිසුන් තුළ ඇති ආකල්පය මේවායින් පිළිබිඹු වන බව අවබෝධ කරගන්න. (නි)
පොඩි අපිට තමයි මේ සේරම ගේම් (නි)
ත්‍රීරෝද රථ වලට බනින ඔක්කොටම පිස්සු කියලයි මම නම් කියන්නේ (නි)
දේශපාලකයෝ ඉදිරියේදී නම් පොලිසියේ මහත්වරු චුටි පැටව් වගෙ (දී)
බැන්නොත් බැනපන් ගැහුවොත් ගහපන් කතා කලොත් කතා කරපන් හිනාවුනොත් හිනාවෙයන්. නීතියට හිස නමපන්. පොලිසියට බැහැ මිනිස්සුන්ට ගහන්න බනින්න (නදී)
ඔතන ඇමතිකෙනෙක් හිටිය නම් බලාගන්න තිබුනා පොලිසිය රාජකාරි කරන විදිය නේද ............. (දී)
අනේ මෙතුමලාගෙන් මේවා ගැන ප්‍රශ්න කරනවට වැඩිය හොඳයි නිශ්ශබ්දව නිකන් ඉන්න එක (නි)
කෝටිපතියන් ඉදිරියේ නිවට උනාට මේවගේ අය ඉදිරියේ නිවට වෙන්න පුලුවන්ද .ඔයාලට පිස්සුද (දී)
ඉතාම කණගාටුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි. වැරද්දක් සාධාරණයි කියන එක එම වැරැද්දට වඩා වැරැද්දක් නේද? (නි)
වැඩිය එපා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ට අම්ම මතක්කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා (දී)
මහත්තයෝ මගෙ මාරයා අවුස්සා ගන්න එපා ඔහොම කහා කියලා (දී)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහත්තයා ප්‍රායෝගික තත්වය දන්නේ නැහැ වගේ (දී)
අපිට තමයි ඔක්කොම (දී)
අම්මපා හැබෑව නේන්නම්...තව ශුද්ද සිංහල වචන දෙක තුනකුත් නොකිය බෑ බන් සාමය රකින්න... අම්මට සිරි....මෙහෙම කැකිරි.(නදී)
මෙහෙමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමෝ. පොලිසිය නිවට උනු තැන් පෙන්වලා දෙන්නත් අපිට පුලුවන්. ඔයාලා ලොකු ලොකු අය උදා- පළාත් සභා පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඇමතිලා ඉස්සරහ ප්‍රාඩෝ වගේ ලොකු වාහන දැක්කමත් ඔහොම නීතිය ක්‍රියාත්මක කරනවා නම් හොදයි. අපිත් ඕනි තරම් දැකලා තියෙනවා. ලොකු මිනිස්සුන්ට එකක් පොඩි මිනිහට තවත් එක විදිහක් (නදී)
දෙපැත්තේම ඉන්නේ එක වගේ අය (නදී)
අයියෝ පොලිසිය! (නි)
පොලිසියට නිවට වෙන්න පුළුවන් දේශපාලුවෝ ළඟදි විතරද? (නි)
පොලසිය මහජනයාගෙන් යැපෙන ආයතනයක්. (නදී)
මටත් ඔහොම එක දවසක් වුණා. මගේ වරදක් නැතුව , දඩත් ගහලා හොඳටම බැන්නා. නම ලියාගෙන ඉන්නේ අංකයත් එක්ක, කවදාහරි එයාට පහදලා දෙන්න. මට අමතක නැහැ තවම (නි)
මටත් ඔහොම උනා මම පොලිස් අංකල්ට සිගැරට් එකක් දුන්නා - ඊට පස්සේ මට යන්න කිව්වා (නදී)