IMG-LOGO

අම්මා තමයි මට ලොකුම සහයෝගයක් ලබා දෙන්නේ

කාවින්ද්‍යා අධිකාරි පිළිබඳ බොහෝ දෙනා දන්නා කරුණක් වන්නේ අතුල සහ සමිතාගේ වැඩිමහල් දියණියයි. නමුත් ඇය බොහෝ සෙයින් උත්සාහ කරනු ලබන්නේ තමන්ට ආවේණිකවූ නාමයක් ගොඩනගා නැගීමටයි. පසුගියදා ඇය විසින් නව ගීතයක් එළිදක්වනු ලැබුවාය. මේ ඒ පිළිබඳව ඇය අපත් සමග පැවසුවේ මෙවැන්නකි.

20160527Kavindya-1 කොහොමද මේ දවස්වල තොරතුරු

ටිකක් කාර්යබහුලයි. රැකියාවක නිරත වී සිටින නිසා. කේබල් ටීවී නාළිකාවක නිෂ්පාදකවරියක හා නිවේදිකාවක ලෙස කටයුතු කරනවා. ඊට අමතරව නව ගීත නිර්මාණ කිහිපයක නිරතවී සිටිනවා.

 

අලුත් සිංදුවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

'පෙම් හීන' තමයි මගේ පළමු ගීතය. දෙනුවන් පෙරේරා පද රචනය හා තනු නිර්මාණය කළේ. මිරැන්ඩෝ සංගීතය නිර්මාණය කළේ. ඒවගේම වීඩියෝ අධ්‍යක්ෂණය සිදුකළේ ජගත් කරුණාජීව. දැනට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉදිරියේදී රිමේක් ගීතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ඉදිරියේදී කරන කටයුතු මොනවාද?

ඉදිරියේදී මම කිව්වා වගේ රැකියාවේ කටයුතු කරගෙන සහ සංගීත නිර්මාණ වැඩකටයුතුවල නිරතවෙමින් සිටිනවා. 

 

වෘත්තීය මට්ටමේ ගායිකාවක වෙන්නද බලාපොරොත්තුව?

එහෙම තමයි හිතාගෙන ඉන්නේ. 

 

ගායිකාවක් වෙන්නද සිහින බැලුවේ?

නෑ. නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න තමයි හීන මැව්වේ. ඒ වුණාට කාලයක් ගියාට පස්සෙ ගායිකාවක් වෙන්න ආසාවක් ඇතිවුණා.

 

අම්මගෙන් තාත්තගෙන් ගායන පැත්තට ලැබෙන සහයෝගය?

විශේෂයෙන් අම්මා ගැන කතා කළොත්, ඇය තමයි මට ලොකුම සහයෝගය ලබාදෙන්නේ. ඒවගේම මල්ලිගෙනුත් එවැනිම සහයෝගයක් ලැබෙනවා. තාත්ති ගැන කතා කළොත්, ඔහුගෙනුත් යම්තාක් දුරට සහයෝගයක් ලැබෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත      

 

20160527Kavindya-2 20160527Kavindya-3 20160527Kavindya-4

 



අදහස් (0)

අම්මා තමයි මට ලොකුම සහයෝගයක් ලබා දෙන්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 467 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site