වත්මන් රජය උපාධිධාරීන් 51000කට වැඩි පිරිසකට රජයේ රැකියා ලබා දී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (19) මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
ලබන සතියේ මහින්ද චින්තනයේ ‘තුන් කල් දැක්ම‘ එළි දක්වන බව ද ඔහු පැවසීය.
අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වන බව ද මාධ්‍ය සාකච්ඡාවේ දී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉර හඳ ගෙනත් දෙන්න පුලුවන්නම් ඒකත් කියයි (නදී)
ජයවේවා.(හේ)
එතකොට දැනට රැකියා නොමැති උපාදිධාරින්ට රැකියා දෙන කතාවක් නැද්ද? (අ)
රෝහිත හරි. තුන්කල් දැක්ම කියන්නේ තුන්දෙනාට රට කන්න පාර හදන ක්‍රම වේදයට (අ)
මේ දෙගොල්ලොම කියන්නේ ඇත්ත. අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් නියම තත්වය.(අ)
පැහ්... මම හිතුවෙ දැන් ඇවිල්ලා කියලා... තාම මග...(අ)
ඔය පැනිල්ල කවදා නතර වෙයිද දන්නේ නෑ.(හේ)
නියමයිනේ! (නි)
නවුෂාඩ්, ගිලෙන නැව මොකක්ද කියා 9 වෙනිදාට බලාගන්න පුළුවන් (නි)
හොර ඡන්ද දැමීම් වගේ දේවල් නවත්වාගන්න මේ ගමන විපක්ෂයට පුළුවන් වෙන්න ඕනෑ (නි)
පරණ දේශපාලකයන්ට මේක හොඳ අවස්ථාවක්. (නි)
මම මේ වෙබ් එක බලන පළවන පාර මේක. මේකට අදහස් දාන 99% ක් ඉන්නේ පිටරට වෙන්න ඕනෑ. හැබැයි ලංකාවේ තත්ත්වය මීට වැඩිය ගොඩක් වෙනස්. මහින්දට මිනිස්සු ගොඩක් කැමතියි. සිංහලයෝ මෝඩවෙන්න එපා. අපි ඔක්කොම මෛත්‍රී මහත්තයාව දිනවමු. (නි)
කොයි පැත්තට පැන්නත් මෙයාලා හැමදාම දිනුම්. අපි ඉතින් අප්පුඩි ගගහා හූ කිය කියා අව්වේ හීතලේ තපිනවා. වයසට ගියත් එයාලා අපිට හොඳක් කරන්නමයි මහන්සි වෙන්නේ. දුක හිතෙනවා පුතේ.... (නි)
කට්ටිය දාපු අදහස් දැක්කහම මට අදහස් දාන එකත් එපාවුණා.පවතින රජයට ජය නියතයි. ඒක කාටවත් වෙනස්කළ නොහැක (නි)
පනින අය මන්ත්‍රී ආසනයෙන් ඉල්ලා අස්වෙලාම පැන්නා නම් තමා අර්ථවත්. (නි)
ලංකාදීප කියන්නේ හොඳ පත්තරයක්. අපි හැමදාම බලනවා. ඕනෑම පත්තර කඩයක වැඩිපුරම විකිණෙන්නේත් මේ පුවත්පත තමයි (නි)
කාගේත් අවසාන තීරණය වත්මන් රජයයි (නි)
සුසිල් මහත්තයට ෆයිල් නැද්ද මන්දා (නදී)
ආණ්ඩුවක් කරනකොට ඒ ආණ්ඩුව ඉවර වෙනකම් ඇමති කෙනෙක් කීපාරක් මාරුකරනවද? ඒ වගේ ආණ්ඩු මාරුකරන්න හොඳ නැද්ද? ඡන්න ඔබ හරියටම හරි. (නදී)
කවුරු කොහොම කිව්වත් දිනන්නේ මහින්දම තමයි.(හේ)
මාද්‍ය සංදර්ශන කොච්චර තිබ්බත් රට පුරා බොහෝ ලෙස අව නීතිය. කඩුවෙල මහා නගර සභාවක්. එත් සැලකිය යුතු සේවාවක් ලබා දෙන්නේ නැහැ.සියල්ලන් බෙදිලා. එක පැත්තක සුසිල් ඇමතිතුමා. අපි දකින්නේවත් නැහැ. අනික් පැත්තේ විමල් වීරවංශ ඇමති. එයාවත් දකින්නේ නැහැ. මේ දෙන්න මැද්දේ නගරාධිපති බුද්දදාස මහත්තය. කඩුවෙල සංවර්ධනයට කව්රුත් කටයුතු කරන්නේ නැහැ.මෙවර ඡන්දයේදී කඩුවෙලින් නියම ප්‍රපතිපල මිනිස්සු පෙන්නාවි. කිංස්ලි ටි, කරුණාසේන කොඩිතුවක්කු, ජයන්ත කැටගොඩ මේ සියල්ලන්ටම පාඩම් උගන්වපු ආසනයක් කඩුවෙල.(අ)
ඔය 'තුන් කල් දැක්ම' පසු ගිය අවුරුදු වල එලියට ආවේ නැත්තේ නැති වෙලාද තිබුනේ.(නදී)
කාගේත් අවසාන තීරණය මෛත්‍රී රජයයි.. සාධාරන ඡන්දයක් තිබුනොත් මෛත්‍රී මහත්තයා දිනනවා...(අ)
ගිලෙන නැවට පනින්න යන්නේ. අනේ පව්. (හේ)
.පුත්තුන්ගේ දැක්ම වෙන්න ඕන ඔය තුන්කල් දැක්ම කියන්නේ (නදී)
මේ රඟ පෑමට කව්ද ආයේ එන්නේ. මේවා තමා අන්දරේගේ කාලේ විහිළු කතා. මුළු ලංකාවටම හිනා යනවා මේ ජෝක්ස් වලට. (නදී)
මගේ පුද්ගලික අදහස නම් දෙපැත්තෙන් කොයි පැත්තට පැන්නත් මෙවැනි දේශපාලකයන්ට මාධ්‍ය මගින් කිසිදු ප්‍රසිද්දියක් ලබා නොදිය යුතුය. මාධ්‍ය මගින් ජනතා අවධානය යොමුකළ යුත්තේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්තිමය කරුණු විනා පටුවාසි තකා එහාමෙහා පනින්නන්ට ප්‍රචාර ලබාදීම නොවේ (නදී)
තමුන්ගේ රස්සාව හෑල්ලුවට ලක්කරගන්න කට්ටියක් ඇත්නම් එ් මේගොල්ල තමා (නදී)
සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ගැන අනුකම්පා කරනවා හැර වෙන කුමක් කරන්නද...? (නදී)