(හේමන්ත ද සිල්වා)
බලපිටිය, අම්බලන්ගොඩ, කරන්දෙණිය හා රත්ගම එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක බෙනට් පණියන්දූව මහතාගේ කාර්යාලයේ දී අද (1) පැවැති සාකච්ඡාවක් දැඩි උණුසුම් වචන හුවමාරුවකින් අවසන්වී තිබේ.
අමාත්‍යවරුන් වන පී. හැරිසන් හා වජිර අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මැයි දින පෙළපාලිය හා පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරිමට මෙම රැස්වීම සංවිධානය කර තිබුණි. එහිදී පක්ෂ ක්‍රියාකාරීන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කම් නොදීම නිසා මෙම උණුසුම් කාරී තත්ත්වය ඇති වූ බව ඊට සහභාගී වූ වෝ පවසති.
සහල් මිල ඉහළ යාම සහ රැකියා ප්‍රශ්න ගැන ඔවුන් අමාත්‍යවරුන් දෙපළගෙන් විමසූ අවස්ථාවේ තවත් රැස්වීම් ගණනාවක් ඇතැයි පවසයමින් ඔවුන් පිටව යාමට උත්සහ කරද්දී පැමිණි පක්ෂ ක්‍රියාකාරිහු එය දැඩි ලෙස විවේචනයට ලක්කර ඇතැයි ද පැවැසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්මම කට උත්තර නැහැ. ඡන්ද තියන්න බය මොකද? කියල තේරෙනවා
චන්දෙ තියන කාලෙට මාසෙකට ඉස්සෙලා බඩු මිල අඩු කරලා, බදු නැති කරලා, රස්සා ටිකක් දුන්නම සේරම අමතක වෙලා ආයිත් සිංහල අපි චන්දෙ දීල ඔබලාම පත් කර ගන්නවා. ඊට පස්සේ පරණ සින්දුවම තමයි.
අයියෝ, මේවගේ සුළු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරුවද නැගිටලා ගියේ? සහල් මිල වැඩි ඉල්ලුමට වඩා සැපයුම අඩු හින්දනේ, රැකියා දෙන්න බැරි රස්සාවල් ගණනට වඩා ඉල්ලුම් කාරයෝ වැඩි හින්ද නේ. ඉස්සර නම් හිටිය ඔය ප්‍රශ්න ලේසියෙන්ම විසඳන්න පුළුවන් කෙනෙක්. නරකද එයාටවත් ටෙම්පරි ජොබ් එකක් දුන්නොත්....