IMG-LOGO

අම්බලකන්දේ අඳෝනාව

‘අපි ජීවිත වලට ආදරෙයි. ඒත් අපිට මේ ගෙවල් දාලා යන්න තැනක් නෑ. හදා ගත්ත ගෙවල් දොරවල් දාලා කොහේ යන්නද?’ යැයි අම්බලන්කන්දේ ඩබ්ලිව්.ජේ.කේ. විජේසේකර (48) මහතා පැවසීය.

විජේසේකර මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු සෙබළෙකි. අම්බලන්කන්ද බස්නැවතුම්පොළට නුදුරින් පල්ලමකට වන්නට ඔහුගේ නිවස පිහිටා තිබේ. එම ප්‍රදේශ පරීක්ෂා කිරීමට පසුගිය 28 වැනි දා සහ පසුගිය සතියේ භූ විද්‍යාඥයෝ පිරිසක් පැමිණ සිටියහ.

එලෙස පරීක්ෂා කිරිමෙන් පසු එය අවධානම් කළාපයක් ලෙස සලකා පවුල් 12කට පමණ ඉවත්ව යන ලෙස පසුගිය 28 වැනිදා දැනුම් දී ඇත.

‘අපේ පැත්ත ඇවිත් පරීක්ෂා කරලා බලලා කිව්වා අපි ඉන්නේ අධි අවදානම් පැත්තක කියලා. නායක් මැද්දේ ඉන්නේ කිව්වා. අපට මෙතැන ඉන්න එක අනාරක්ෂිතයි කියලා කිව්වා. එදා මහා නාය යෑමත් එක්ක අපේ ගෙදරත් පැලීමක් ඇති වුණා. අපට වෙන යන්න තැනක් නෑ. කොහේ යන්නද අපි? ගෙවල් දොරවල් දෙනවා නම් ප්‍රශ්නයක් නෑ. අපි මහන්සිවෙලා හදාගත් ගෙවල් දොරවල් දාලා කොහේ යන්නද?’ යැයි විජේසේකර කීවේය.

අවධානම් පැත්තක් ලෙස නම් කළත් අවතැන් කඳවුරකට නොයෑමට ප්‍රධානම හේතුව ලෙස ඔහු කියනුයේ ළමයින්ගේ ඉගැනීම්වැඩවලට බාධා සිදුවන බවයි. ‘මගේ පුතා ලබන අවුරුද්දේ උසස් පෙළ කරනවා. ළමයින්ට පාඩම් කරන්නවත් තැනක් නැහැනේ.’ යැයි ඔහු සඳහන් කළේය.

විජේසේකරගේ මෙන්ම ඔහුගේ නිවසට මදක් පහලින් නිවසක ජීවත් වන ලයනල් ආරියරත්න (40) කීවේද පසුගිය දා නාය යෑමත් සමග තම නිවාසවල ද පැලුම් ලකුණු ඇති වූ බවයි.

‘අපේ ගේ පිටිපස්සෙන් ලොකු වතුරක් ආවා. සාමසර කන්දේ යෑමෙන් පස්සේ ඒ වතුර ආවේ නෑ. ඉන් පස්සේ අපේ බිත්තිත් ඉරි තළලා. අපි කඳවුරට ගියා. ආයෙත් ඇඳුම් හෝදලා දාන්න එහෙම ගෙදරට එනවා. අපිටත් වෙන යන්න තැනක් නෑ. මීදුමක් ආවත් දුව බය වෙනවා.’ යැයි ආරියරත්න සහ ඔහුගේ බිරිය කීහ.

අපට මග පෙන් වූ අය අතර ප්‍රභාත් වෙදගේ මහතා සහ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ප්‍රියසංක මහතා ද වූහ.

එම්.එස්.සී. ලලිත් ගුණතිලක විශ්‍රාමික ඩිපෝ මාර්ග පරීක්ෂකයෙකි. ඔහු රැකියාව කළේ බලංගොඩ නගරයේය.

‘මම පුංචි අම්මයි විතරයි ඉන්නේ. අපි මාස පහකට විතර කලින් ගෙයක් බදු ගත්තා මේ පැත්තෙන්. අවුරුද්දකට බදු ගත්තේ. මේ සිද්ධියත් එක්ක අපේ ගේත් තැනින් තැන පැළිලා. මෙහේ ඉන්න එක භයානයකයි කියා කියා තිබුණා. අපි ගමේ අවතැන් කඳවුරට ගියාම අපි මෙහේ පදිංචිකරුවන් නෙමෙයි කියලා අපිබ බාර ගත්තේ නෑ. පස්සේ දික්පිටිය මුස්ලිම් විද්‍යාලයයේ අවතැන් කඳවුරේ හිටියේ. එහෙ මුස්ලිම් පිරිස් අපිට හොඳට සැලකුවා. අපි නැති අතරේ ගෙදර බඩු හොරකම් කරලා. ළඟ පාත මධ්‍යස්ථානයක අපට ඉන්න දුන්න නම් හොඳයි. අපට වෙන කියන්න කෙනකුත් නෑ. මාධ්‍ය හරි මේ වෙලාවේ හමුවුණ එක හොඳයි මගේ හිතේ තියෙන දුක තුනී කර ගන්න.’ යැයි ගුණතිලක කීවේය.

ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පොළොවේ පැළුම් සලකුණු තිබෙනු දක්නට ලැබිණි.

001(1) 002(1) 003(1) 004(1) 006 009(1)



අදහස් (0)

අම්බලකන්දේ අඳෝනාව

ඉරාජ් Monday, 30 May 2016 03:37 PM

අපේ රටේ අහිංසක මිනිස්සුන්ට තරමකටවත් දුක තුනී කරගන්න ඉන්නේ මාධ්‍ය ව්තරයි. (ර)

:       0       0

නිශාර්ඩ් Tuesday, 31 May 2016 08:20 AM

අවතැන් කඳවුරු වල ලැගුම් ගන්ට සිද්ධ වෙලත් සමහර අයගේ කුහක කම් සහ දුෂ්ට ගති ගුණ නැතිවෙලා නැහැ වගෙයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 146 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site