මාසයක් තිස්සේ අම්පාර හිමිදුරා වැවේ සිටින වෙඩි කෑ අලියාට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන බවත් අලියා ගොඩ ගෙන ප්‍රතිකාර ලබා දිම අපහසු බවත් එකම ප්‍රතිකාරය අලියා දුර්වල නොකර අවශ්‍ය ආහාර ලබා දිම බවත් අලියා නිර්වින්දනය කර ප්‍රතිකාර කිරිමට තරම් සුදුසු තත්වයක මේ වන විට අලියා නොමැති බවත් වනජීවි දෙපාර්තුමේන්තුවේ නැගෙනහිර පළාත් භාර පශු වෛද්‍ය නිලධාරි නිහාල් පුෂ්ප කුමාර මහතා පවසයි.

වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ඡනරාල් එච්.ජී.රත්නායක මහතා පවසන්නේ අලියාට ප්‍රතිකාර ලබා දිමට වනජීවි දෙපාර්තුමේන්තුවේ කණ්ඩායමක් පිටත් කර යැවිමට කටයුතු යොදා ඇති බවයි.

සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය  වසන්ත සේනානායක මහතා පැවසුයේ අලියාට ප්‍රතිකාර කරන ලෙස වනජීවි දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවයි.

නමුත් පාරිසරික සංවිධාන පවසන්නේ අලියා ජලයේම මියයන තෙක් වනජීවි දෙපාර්තමේන්තුව අලියාට ප්‍රතිකාර ලබා දිමට අපහසුතා පෙන්වා දෙමින් සිටින බවයි.

තුවාල ලත් අලියා බේරා ගැනිමට පැමිණෙන නිලධාරින්ට අවශ්‍ය සියලුම සහයෝගයන් ලබාදීමට ගම් වැසියන් සියල්ලන්ම කැමැත්තෙන් සිටින බව අභයපුර ග්‍රාම නිලධාරි කේ. ධනංජය පීරිස් මහතා පවසයි.

මේ අතර අලියා බේරා ගැනිමට පැමිණෙන බලධාරීන්ට ඹ්නැම අවස්ථාවක පුර්ණ සහයෝගයක් ලබා දිමට අම්පාර දිස්ත්‍රික් අණදෙන නිලධාරි 24 සේනාංක ප්‍රධානි මේජර් ජනරාල් රෝහණ බන්ඩාර මහතා පවසයි.

අද (05)පස්වරුවේ  බණ්ඩාර මහතා සහ අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ. එන්. සිල්වා යන නිලධාරිහු අලියා නිරික්ෂණයට ගියහ.