අධිකරණ නියෝග නොතකමින් සාමය කඩවන අයුරින් කටයුතු කළැයි සැකපිට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ජනවාරි 25 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනත් ගුණවර්දන, ඔබට තිබෙන ප්රශ්නය හාමුදුරුවන්ගේ කතා විලාශයද? මේ හාමුදුරුවෝ එහි වැඩසිටින්නේ මිනිසුන්ට බණ භාවනා ගැන දේශනා කරන්න නොවෙයි, එහි ඉන්න සිංහලයන් හා අපේ පෞරාණික නටඹුන් ආරක්ෂා කිරීමටයි. අනික මේ හිමියන්ට හැර වෙන කිසිම හාමුදුරු කෙනෙකුට එහෙ ඉන්න බැහැ. නිකමට හිතාගන්න අවුරුදු ගානක් තනි පුද්ගලයකුට වටකරගෙන අපහාස හා තර්ජන කරනකොට එම පුද්ගලයාගේ මානසික තත්වය ගැන. (නි)
හාමුදුරුවොත් නාවික හමුදාපති වගේම පරුෂ වචනයෙන්නේ බනින්නේ. ඉතින් අවුලක් නැහැ. (නි)
ඔබ වහන්සේ නිසා අද අපිට සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන්. කොළ පාට කණ්ණාඩියෙන් රට දිහා බලන අය ඉන්නකම් අපට අබ සරණයි! (නි)
ඔබ වහන්සේට තෙරුවන් සරණ. සාසනික කටයතු වලට තවත් දිරිය ලැබේවා (ම)
අනේ නිමල් රාජපක්ෂ ඔහෙලා වගේ මෝඩයෝ හින්දා තමයි හෙට අනිද්දට වෙනකොට ඉන්න හිටින්න තැනත් නැතිවෙන්නේ (බ)
සියල්ලන්ටම එක හා සමානව නිතිය ක්‍රියාත්මක වේවා! (බ)
බේරුනා නේද අපේ හාමුදුරුවනේ හම්බුවෙන දෙයක් කාලා පාඩුවේ ඉන්න (බ)
නිමල් රාජපක්ෂ ලට තේරෙයි ටිකක් කල් ගිහින්. එදාට අපි හැමෝටම කන්න වෙන්නේ ඉල්ලන්නෙත් නැතුවම. හාමුදුරුවෝ මොන චන්ඩියෙක්ද. නියම චන්ඩි කව්ද කියල මඩකලපුවට අම්පාරට විල්පත්තුවට ගිහින් බලන්න. (බ)
නිමල්, පන්සල් වල ඉදගෙන නිකන් කෑමට වඩා මේ ඉල්ලන්කෑම හොදයි. ඒ පළාතේ බෞද්ධ යමක් ඉතිරි වෙන්නේ මේ වගේ හාමුදුරුවරු නිසයි (බ)
නිමල් රාජපක්ෂ කියන මෝඩයා කවුද (බ)
රටට ආදරේ සිංහල බෞද්ධ අපිට නම් ඔබවහන්සේ රජෙක්. (ම)
හිමිනමක් සැටියට ආවේගයකින් නරක විදියට කතාකිරීම ක්‍රියාකිරීම වැරදිලු. මම නිතර කියන්නේ මෙහෙම ලියන මිනිස්සු සිහල බෞද්ධයාට තිබෙන තර්ජන ගර්ජන ගැන කිසිම අවබෝධයක් නැති අය. අඩුම වශයෙන් ඇයි හාමුදුරුවරු ඉදිරිපත් වෙන්නේ කියාවත් සිතන්න මොළය කළඳක් නැති අය. (නි)
සුමන හාමුදුරුවන්ගේ වාග් විලාශය ගැන මටත් ප්‍රශ්න තියෙනවා. එ්ත් මුන් වහන්සේ මේ පළාතේ නොහිටියා නම් අද නැගෙනහිර එක සිංහලයෙකුටවත් ඉන්න බැරි වෙනවා. මෙතුමා කරන මෙහෙය අපමණක්. මෙතුමාද දොස් කියන උදවිය මුලින්ම ගිහින් එතුමාව මුණ ගැහිලා බලන්න. එතකොට තේරේවි කොච්චර දෙයක් කරනවද කියලා (නි)
ආගම හැමෝටම අයිති දෙයක්. ජාතිය කොටසකට පමණි. මොළයක් දීලා තියෙන්නේ බුද්ධිමත්ව ප්‍රශ්න විසඳීමටයි (නි)
තිලක් ඩුබායි, ඔයා ලංකාවට ඇවිල්ලා රට බේරාගන්න (නි)
අැයි ඇප දුන්නේ? (නි)
ශාසනික කටයුතු නෙමෙයිනේ මෙතුමන්ලා මේ කරන්නේ! (නි)
රට ආගම විනාශ කරන්නේ කොටි කියලා කියුවට ඊට අනුබල දෙන අය තවත් ඉන්න බව මේ අදහස් වලින් පේනවා. උතුරු නැගෙනහිර මේ අය ගිහිල්ලම නැහැ වගේ. ගිහින් බලන්න මේවගේ තවත් හිමිනමවල් 100 වත් තවත් අවශ්‍යයි ඒ පැතිවල ඉතිරි වෙලා තියෙන පන්සල් ටික රැක ගන්න. (නි)
හාමුදුරුවනේ ඔබ වහන්සට තව තවත් දහිරිය ශක්තිය ලැබෙන්න ඕන මේ රටත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගන්න. අපේම කාලකන්නි මිනිස්සු ඕන දෙයක් වුණදෙන් කියල බලාගෙන ඉන්න නිසා තමා (බ)
යහපාලන බොදු විරෝධී වැඩපිළිවෙළ නැගලම යනවා .. ඔහොම යං...ඉස්සරහට පාට කන්නාඩි දාල බලන්නත් රටක් ඉතුරු වෙන්න එපැයි !! (බ)
අසිංහල ජාතිවාදයට යටවෙන සිංහල බෞද්ධ අයිතිය රැකගැනීමට සටන් කරන බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ගරහන හිංගලයන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇවිද තත්වය දැක බලාගතහොත් නරකද? (නි)
ඔබ වහන්සේට තෙරුවන් සරණ. සාසනික කටයතු වලට තවත් දිරිය ලැබේවා රටට ආදරේ සිංහල බෞද්ධ අපිට නම් ඔබවහන්සේ රජෙක් (බ)
මෙවැනි හිමිවරු නිසා තමයි අපි අදටත් රැකිලා ඉන්නේ. ඔබට තුනුරුවන් සරණයි (බ)
නීතියෙන් වැරද්දක් වුනත් අපේ රටේ කෙදිනක හෝ බුදු දහම කියල දෙයක් ඉතුරු වුනොත් මේ වගේ හිමිවරු වැඩ සිටීම නිසයි එ්ක සිද්ධ වෙන්නේ. (බ)
අපේ හාමුදුරුවනේ හම්බුවෙන දෙයක් කාලා පාඩුවේ ඉන්න කියන සිංහල ඉතිහාස නොදන්නා ගොබ්බයො ඉන්න රටක ඔබවහන්සේලා වැනි උත්ත්මයින්ට කෙසේ වන්දනා කරන්න දැයි නොදන්නෙමි (බ)
මහා සඟරුවන රට ජාතිය ආගම වෙනුවෙන් පෙරමුණ ගැනීම රටේ වාසනාවක් (නි)
සඳුන් කියන්නේ කන්න කටක් තිබුනහම ඇති කියලා හිතන ජාතියේ කෙනෙක් වගේ (නි)
ඔබ වහන්සේ වගේ අතීතයේත් සිටි හිමිවරු නිසා තමා තවමත් මෙරට බෞද්ධාගම ඉතිරිවෙලා තියෙන්නේ. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි! (නි)
බමුණු, ඔබ හරියටම හරි. සමහර 'සඳුන්' ගඳම ගඳයි. එ්කයි මෙවැනි උතුම් හිමි නමකට අපහාස කරන්නේ. (නි)
බුද්ධ චීවරයටම අගෞරවයක්. භික්ෂුකමට කිසිසේත්ම සුදුසු නැත. (නි)
මෙම හිමියන් බුදු දහමේ විදියට කටයුතු කරනවා නම් කොච්චර හොඳද? (නි)
අනේ කවුද මේ නිමල් රාජපක්ෂ? ඇයි එයාට බනින්නේ? සඳුන්ට බනින්නේ නැද්ද කවුරුත්? (නි)
බුදු දහම විනාශ කරනවයි කියන්නේ මොකද්ද? මේ සිද්ධිය දිහා බුද්ධිමත් ලෙස බැලුවහම තේරෙනවා ගොඩක් දේවල් (නි)
අපි සැම මේ හාමුදුරුවෝ සමඟයි (නි)
මේ වගේ හමුදුරුවන් වහන්සේලා නිසා තමා ලංකාව කියලා රටක් අපිට දැන් ඉතුරුවෙලා තියෙන්නේ. නැත්නම් ආක්‍රමණ විදිහට අා අය සහ වෙළදාමේ විත් බින්න බැහැපු ජාතින් ලංකාව කාගේ කාගේත් කොලනියක් කරලා ගොඩක් කල්! (නි)
නිමල් කියන කෙනා ගැන නම් කතාකරලා වැඩක් නැතුවා වගෙයි (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේලාගේ කාර්යය වන්නේ ශීලාචාර සමාජයක් (නි)
අපි මෙවන් හිමිවරුන් රැකගත යුතුයි (නි)
මේ වගේ හිමිවරුන් ජාතියේ අවශ්‍යතාවයක් (නි)
චමින්ද, ඔබ හරි. මොකද මේ විදියට ගියොත් අපට එ්ක වෙනවා. අපි ආවේගයට වඩා බුද්ධියට ඉඩ දෙන්න ඕනෑ .නැවත මේ තරුණ පිරිස් අවි අතට ගත්තොත් විනාශවන්නේ අපේ තරුණ ජිවිත පමණද?මේ අඳුරු සෙවණැලි තුළ අපට හිතන්න බොහෝ දේ ඇත (නි)
කතා ශෛලියෙන්ම තේරෙනවා සුදුසු කොතනටද කියලා (නි)
ඔබ වහන්සේලා ජාතියේ මුර දෙවියන්. (නි)
මේ හාමුදුරුවෝ කතා කරන විලාශයයි, මේකට අදහස් දාලා තියෙන උදවියගේ කැමැත්තයි බලද්දී, බුදු දහමේ කියලා තියෙන්නේ අන් ආගමිකයින්ට බැනලා, ජාතිවාදී අදහස් වලින් රටේ වෛරය වපුරන එකද? වාසනාවකට, බහුතර බෞද්ධයින් මේ වගේ අයට අකමැතීයි. නැත්නම්, මේ රට ආයෙත් ලේ විලක් වෙලා බොහෝ කල්. (නි)
පින්වත් හිමියන්ට බුදු සරණයි! (නි)
මඩකලපුවේ හිටපු වැඩිහරියක් දකුණේ මිනිසුන්ව, යාපනේ කොටි ඇවිල්ලා මරා දැම්මා. දැන් ඉතුරුවෙලා ඉන්න ටිකටත් නිදහසේ ඉන්න නැහැ වගේ පේන්නේ. (නි)
හොඳ වචන කතා කරන්න කියලයි අපිට දහම් පාසලේ ඉගැන්නුවේ. (නි)
මේ හාමුදුරුවෝ හින්ද තමා මඩකලපු දිස්ත්‍රික්කයේ තියෙන සිංහල ගම් ටික රැකිලා තියෙන්නේ. මුස්ලිම් හා දෙමල ජාතික සන්ධානයේ හෙන්චියන්ට ඕන කරලා තියෙනවා මේ සිංහල මිනිස්සු ටික කොහොම හරි පන්නලා මේ ඉඩම් ටික මංකොල්ල කන්න. පට්ටිපොළ,මංගලගම , ගැමුණුපුර,කෙවිලියා මධුව , පුලුක්කුලුව, සිප්පි මඩුව කියන ගම ටිකේ මිනිස්සු රැකිලා ඉන්නේ මේ හාමුදුරුවෝ නිසා. මඩකලපුවේ, සම්පත් බැංකුවේ අංක 113961002363 දරන, ශ්‍රී මගලරාම බෞද්ධ පදනම ගිණුමට ආධාර කළ හැකියි කැමති අයට (බ)
මම ගම්පහ සිටියත් කීප වතාවක් ඔබ වහන්සේගේ පන්සලට පැමිණ තිබෙනවා , 2005 වර්ෂයේ සිටම , මම ඔබ වහන්සේට බුදු සරණ පතමි.මෝඩ අය කියන දේ ගණන් ගත යුතු නැත. එම අයටත් බුදු සරණ පතන්න.(බ)
නිමල් ,සදුන් දෙන්නම හරක් මුන්ට හරක් කියනෙකත් හරකට කරන නින්දාවක්, අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි (බ)
හිමි නමක් සැටියට ආවේගයකින් නරක විදියට කතාකිරීම ක්‍රියා කිරීම වැරදිය , ජාති වාදය ආගම භේද , වාගේ දේවල් බුදු දහමට පටහෙැනිය (බ)
පෞරාණික බෞද්ධ විහාර බිමට සමතල කරලා වෙනත් දේවල් ඉදිකිරිම මේ විවේචකයන්ට පෙන්නේ නැත්ද ? මේවට විරුද්ධව නැගී නොසිටියොත් අපිට මොනවද ඉතිරි වෙන්නේ ? මේ හාමුදුරුවන්ට දිගාසිරි පතනවා. (බ)
එදත් අදත් රට රැතුනේ හිමිවරුන්ගෙ මුලිකත්වයෙන් (බ)
ආගම ඉවත්කරලා දේශපාලනය කරන්න ගියාම ඔහොම තමයි වෙන්නේ (බ)
රට ජාතිය ගැන හැගීමක් නැති මිනිස්සු මොනවා කරන්න ද ? (බ)
අපේම අය අපේම ආගම ජාතියට විනකරනකොට මෙවන් හාමුදුරුවරු නිසා යන්තමට හරි රැකිලා තියන දේත් අපිට නැතුව යනවා, එහෙ අයකරන වැරදිවලට මුනිවත රකින්නේ හැටිද, නැත්නම් බයද? (අ)
සිහි බුද්ධියෙන් කටයුතු කලානම් මෙහෙම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නෑ (ර)
නමස්කාර වේවා . (අ)
හිමියනි, පෙරටම යන්න. අපි ඔබවහන්සේ සමඟයි (නි)
මෙම පුවත 5340 බලල අදහසක් පල කරල තිබෙන්නේ 14 දෙනයි ඉතින් ආණ්ඩු පෙරලෙයිද? නිකම්ම නිකන් මිනිස්සු කොටසක් අපට ඉන්නේ (බ)
පින්වත් රණවක අපිව දැනුවත් කළාට බොහෝ පින් ,ඔබේ ක්‍රියාව ඉතා කාලෝචිතයි ,මේ කය රන් නම් කොටස් කපලා දෙනවා. (බ)
ජාතිය වෙනුවෙන් මේ කරන සේවයට අපගේ උපහාරය. (ර)
ඔබ වහන්සේට දිර්ඝායුස අපේ හාමදුරුවනේ. (ර)
රණවක.ඔබගේ අදහස 100% සත්‍යයි.අන්තිමට අපිට රටක් ඉතිරි වෙන්නෙත් නැහැ .ජාතියක් ඉතිරි වෙන්නෙත් නැහැ.ආගමක් ඉතිරි වෙන්නෙත් නැහැ. (බ)
මේ හාමුදුරුවෝ ගැන මම මිට කලින් අහලා තිබෙනවා. සිංහල ගම්ටික රැකී තිබෙන්නේ මේ හාමුදුරුවො නිසයි. (නි)
මේ වගේ හිමිවරු අපිට තව තවත් වැඩියෙන් අවශ්‍යයි (නි)
මේ ලිපිය කියවලා තිබෙන්නේ කි දෙනාද? අදහස් දාලා තිබෙන්නේ කී දෙනාද? මම නම් මේ වගේ ලිපි කියවන්න ඇත්තෙන්ම කැමති නැහැ (නි)