අජන්ත කුමාර අගලකඩ
අමාත්‍යංශ ලේකම්වරුන් හෙට (21) දිනයේ අලුතින් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට අද (20) දැනුම් දී ඇත.
කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේ දී අද (20) පෙරවරුවේ රැස්වු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.
නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 29 දෙනෙකුගෙන් සමන්විත වේ.
ඒ අනුව අද (20) දිවුරුම් දුන් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවලට අදාළ ලේකම්වරුන් හෙට (21) දිනයේ දී පත්කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් වියදමක්ද මේ දේවල් වලට...? දැන් කී පාරක් ඇමතිවරු, අගමැතිවරු පත්කළාද? තාම ඉවරයක් නැහැ. ඉතින් කොහොමද ජනතාවට සේවයක් කරන්නේ...? අරහෙන් විරුද්ධ පක්ෂ නායකයන් දෙන්නයි...
නුතන හිට්ලර් ....
19 අනුව ලේකම්ලා පත්කරන්න සිරිසේනට බලයක් නැත ..එය කඩකළොත් නැවතත් අධිකරණයට .