( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණය එය බල රහිත කරමින් අද(20) රිට් ආඥාවක් නිකුත් කළේය.
එම අධි චෝදනා පත්‍රය අහෝසි කරන්නැයි ඉල්ලා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගොනු කළ රිට් පෙත්සමක තීන්දු ලබා දෙමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
පෙත්සම්කාර තෙන්නකෝන් මහතා විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සම් මගින් අධිකරණය කරුණු දක්වමින් කියා තිබුනේ 1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේ දී බලයට පත් යහපාලන රජය විසින් තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කළ බවයි.
එම අධිචෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සමට අදාලා තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සභාපති විනිසුරු නවාස් මහතා පෙත්සම් කරූට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය පවත්වා තිබෙන ලඝු නොවන නඩු විභාගය නිත්‍යානුකූල නොවන බව සඳහන් කළේය.
එහිදී විත්තිකරුගේ සහභාගිත්වයකින් තොරව මෙම ලඝු නොවන නඩු විභාගය එක් දිනකින් අවසන් කර තිබෙන බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා එය නීතියට පටහැනි බවයි කියා සිටියේය.
ඒ අනුව ලඝු නොවන නඩු විභාගයේ නිර්දේශ පදනම් කරගනිමින් නීතිපතිවරයා විසින් පෙත්සම්කරුට එරෙහිව මහනුවර මහාධිකරණයේ ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ද නීතියට පටහැනි වන බවයි සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.
ඒ අනුව අදාළ නීති විරෝධී අධිචෝදනා පත්‍රය තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා ඒ අනුව එය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් රන බවද අභියාචනාධිකරණය තීන්දු කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අමාත්‍ය ජනක බණ්ඩාරට එරෙහි අධිචෝදනා පත අභියාචනාධිකරණය අහෝසි කරයි
wije Friday, 20 November 2020 10:56 AM
ස්වාධීන අධිකරණයක් අපට නැත. ස්වාධීන පොලීසියක් අපට නැත. ස්වාධීන රාජ්‍ය සේවයක් අපට නැත. ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමයක් අපට නැත. කොටින්ම, ස්වාධීන පාර්ලිමේන්තුවක් පවා අපට නැත.
asanka Friday, 20 November 2020 11:09 AM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.
Perera Friday, 20 November 2020 06:36 PM
20 වැනි සංශෝධනය නියමෙට වැඩ. එක රටක්.. එක නීතියක්...