බොලිවුඩයේ වයෝවෘද්ධ නළුවා වන අමිතාබ් බච්චන්ගේ 'ටිව්ටර්' ගිණුමට එක්ව ඇති රසික පිරිස මිලියන 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව 'ඉන්දීය එක්ස්ප්‍රස්' වෙබ් අඩවිය වාර්තා කර සිටියි. මෙම වෙබ් අඩවිය වාර්තා කරන්නේ දකුණු ඉන්දියානු පුද්ගලයෙකු 'ටිවිටර්' ගිණුමකට එක්වූ වැඩිම රසික පිරිස මෙය බවයි. 73 වැනි වියෙහි පසුවන අමිතාබ්ට පසුව වැඩිම 'ටිවිටර්' රසික පිරිසක් සිටින ජනප්‍රිය පුද්ගලයා වී ඇත්තේ සුපිරි නළු ෂාරුක් ඛාන්ය.
ඔහුට මේ වන විට මිලියන 19.6ක 'ටිවිටර්' රසික පිරිසක් සිටියි. පිළිවෙළින් සල්මාන් ඛාන් (මිලියන 17.8), අමීර් ඛාන් (අමිර් ඛාන් 17.6) ප්‍රියංකා චොප්රා (මිලියන 14) ඔවුන්ට පසුව වැඩි 'ටිවිටර්' රසික පිරිසක් සිටින බොලිවුඩ් තරු අතර පැමිණ සිටිති. මෙම වෙබ් අඩවිය පවසන්නේ අමිතාබ්ට මෑතකදී 'ටිවිටර්' රසික පිරිස් වැඩිවශයෙන් එක්වීමට හේතුවී ඇත්තේ ඔහු රඟපෑ 'පීකු', 'වසීර්' චිත්‍රපට අතිශය ජනප්‍රියවීම නිසා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd