2016-12-15-ent-124

අමිතාබ් බච්චන්ගේ පළමු මිනිපිරිය නව්‍යා නාවෙලි නන්දය. ඇගේ 19 වන උපන් දිනය යෙදී තිබුණේ දෙසැම්බර් 06 දාටය. ඒ වෙනුවෙන් ඇය සිය මිතුරු මිතුරියන් සමග ඉහළ පෙළේ සාදයක් පැවැත්වූවාය. එහිදී ඇය හැඳ සිටියේ අනුරාගී බව වෑහෙන ආකාරයේ ඇඳුමක් යයි අන්තර්ජාලයේ පළ වූ ඇගේ සේයාරූ දුටු සියල්ලෝම පවසති.

ඒ දිල් හෑ මුෂ්කිල් චිත‍්‍රපටියේ ඓශ්චර්යා හැඳ සිටින ඇඳුම්වලට බච්චන් පවුලේ අය විරෝධය පෑ බව ප‍්‍රසිද්ධ කරුණකි.

‘‘ලේලිට ඒ විදියට විරුද්ධ වුණ අය කොහොමද මිනිපිරී අර වගේ ඇඟ පෙනෙන ඇඳුමක් ඇන්ද එක ඉවසන්නෙ....?’’ බොහෝදෙනෙක් එසේ විමසති.

අමිතාබ්ගේ දියණිය ස්වේතා සිනමාවට සම්බන්ධ වූයේ නැත. එහෙත් ඇගේ දියණිය නව්‍යා සිටින්නේ බොලිවුඩයට පය තැබීමේ නොඉවසිල්ලෙනි.

 

2016-12-15-ent-123