ගන්දර තලල්ලේ දී පසුගිය පෙබරවාරි 20දා රිය අනතුරකින් සාවද්‍ය නොවන මිනිස් ඝාතනයක් කිරීමට වැරදිකරු වූ චතුර පහන් ගුණවර්ධනට මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල සම්පත් කරුණාරත්න මහතා රුපියල් 6000 ක දඩයක් හා බරපතල වැඩ සහිත මාස හයක සිර දඬුවමක් නියමකර සිර දඬුවම පස් වසරකට අත් හිටවීය. චතුර පහන් ගුණවර්ධන අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ පුත්‍රයෙකි. මියගිය පුද්ගලයාගේ බිරිය වන ගීතානි චන්ද්‍රානිට රැපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද උසාවිය නියෝග කළේය.
නීතීඥ ප්‍රියානි රත්නායක මහත්මිය පැවසුවේ දෙපාර්ශවය උසාවියෙන් පිටත දී නඩුව සමාදාන වීමට එකඟවූ බවයි. ඒ සඳහා ලක්ෂයක වන්දියට අමතර රුපියල් ලක්ෂ හයහමාරක් ගෙවා ඇතැයි ද ඇය කීවාය.
වන්දි හා දඩ ගෙවූ බව තහවුරු කැර ගැනීමෙන් පසු චතුර පහන් ගුණවර්ධන මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්දියේ දෙපැත්ත මාරුඋනානම් තීන්දුව කොහොම වේවිද. (දී)
ජොනතන් ස්විෆ්ට් කියන පඬිතුමා මෙහෙම කිව්වා:: නිතිය මකුළු දැලක් වැනිය, එය කුඩා මැස්සන් අල්ලයි නමුත් දෙබරුන්, බමරුන් එය තුලින් පියඹා යයි. (නදී)
දැන් රටේ වෙන දේවල්වල හැටියට, මැරිච්ච මිනිහ හිරේ නොගිහින් බේරුනා එක ගැන සතුටුවෙන්න(දී).
මේ ටික වෙන බව අපි කලින්ම දන්නවා (නදී)
සුනාමිය වෙලාවේ තුවාල උන මිනිස්සු පන අදිද්දී දුල දෙන්න හෙලිකොප්ටරෙන් කොලබ එව්වේ මේ ඇමතිතුමාම නේද. (දී)
දේශපාලණයට සම්බන්ධයක් නැති සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ ජීවිතයක වටිනාකම රෑපියල් ලක්ෂයක් පමණයි. දැන් හැමෝටම තේරෑනා නේද? (දී)
උසාවියෙන් පිටත සමාදාන වුනේ මොන තත්වයක් යටතේද කියා බලන්න.(නදී)
රිය අනතුරකදී මරණයක් සිදුවුවොත්, රියදුරා හිරේ දමන නිතිය මොකක්ද කියල මට පැහැදිලි කරන්න. එහෙනම් රක්ෂණ සමාගමට පැවරෙන වගකීම මොකක්ද? රක්ෂණය නොකළ වාහනයක් නම් මෙම නීතියේ ගැටළුවක් නැහැ. යම් විදිහකින් රියදුරා බිමත් නම්, කල යුත්තේ වසර ගණනාවකට රියදුරු බලපත්‍රය අවලංගු කිරීමයි. අනික රුපියල් ලක්ෂයකින් දෙකකින් අහිංසක මිනිස් ජීවිතයක වටිනාකම තීරණය කල හැකිද? මුදල් ඇති අය නීතියෙන් ගැලවීමටත් මුදල් නැත්තා හිරේ යාමටත් සිදුවේ නම් එය යුක්ති සහගතද? මෙවැනි අනතුරකදී රක්ෂණම සමාගමකට පැවරෙන වගකීම ගැන ජනතාව දැනුවත් කරන මෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. (නදී)
අපිට මාසයේ වියදමට 2500 ක් ඇතිනේ... ඒ නිසා ලක්ෂයක් හොඳටම ඇති. (නි)
කුසුම් , නිකන් රියදුරෙක් නෙවෙයි දුම්රියට මිනිහෙක් පැනල මලත් දුම්රිය රියදුරාවත් රිමාන්ඩ් කරනවා. එක තමයි නිති . අඩුම තරමේ ලක්ෂ විස්සක්වත් නියම උනා නම් නේද මේ වගේ නොසලකිලෙන් රිය පදවන්නා පාඩමක් ඉගෙන ගන්නේ? (ස)
නඩු තීන්දුවට ප්‍රථමයෙන් මෙවැනි සමාදානයක් වූවා නම් මීට වඩා වැදගත්, මෙය මුදල නීතියට වඩා ඉහලින් ඇති බව කියාපාන්නක් නොවේද ? (නදී)
මෙම මියගිය පුද්ගලයාගේ බිරිඳට ගැටළුවක් නොවේ නම් අදහස් දමන අය කලබල වෙන්නේ ඇයි? (නි)
කුසුම්, රක්ෂණ සමාගමට මේ සම්බන්ධයෙන් කිසිම වගකීමක් නැහැ නේද? (නි)
පිස්සුද අනේ ..මෙහෙම වෙන්න පුලුවන්ද..කට්ටිය කියන විදියට ඇමති පුතා කිසි නඩුවක් උසාවි යාමක් දඩුවමක් නැතුව නැතුව වන්දියක් නොගෙවා ඇමති තුමාගේ හයියෙන් පොලිසියත් එක්ක එකතු වෙලා සිද්දිය යට ගහල බේරෙනවා..හැපුණු පුද්ගලයාගේ පවුලේ අය දේශපාලන බලේ නිසා කළු ගල්වල ඔලුව ගහ ගන්න යන්නේ නැතුව අකුලා ගෙන පැත්තකට වෙනවා.අපේ කට්ටිය සතුටු කරන්න ලියවෙන හරි පිටපත වෙන්න ඕන එකනේ ..කවුරු හරි වැරදි පිටපතක් ලියල තියෙන්නේ. (ස)
මොනවා වුණත් ඔහු වරද පිළිගත් එකම ඇති (නි)
මොනවා වුණත් වරදකරු අන්තිමේදී දඩුවම් ලැබුවා... (නි)
හැබැයි මාසයකට රුපියල් 2500 යෙන් ජීවත් වුණා නම් ලක්ෂ හයහමාර ගෙවන්න වසර 22 ක් වැටුප නොකා නොබී එකතු කිරීමට සිදුවෙනවා. ඔන්න මම කිවුවා... (නි)
ලංකාවේ රිය අනතුරු වැඩි මේ සුද්දගේ කලේ ගහපු දඩ මුදලම තමා තාමත් අය කෙරෙන්නේ. දැන් රටේ හැමදේම ගණන් ඊට වැඩිය සිය ගුණයකින්. මේ නීති හදන අය නිදාගෙනද ඉන්නේ. රිය අනතුරු වලට බටහිර රටවල් වගේ වැරදි කරුට දඩ ගැහුවොත් ඉබේම රිය අනතුරු අඩු වෙනවා. මම වැඩ කරන රටේ කහ ඉරට අඩි 5ක් ඇතින් මිනිහෙක් දැක්කත් වාහන නවත්වල එයාට පාර මාරු වෙන්න ඉඩ දෙනවා.කොහෙද අපේ රටේ දේශපාලකයන්ට ඕව කරන්ඩ වෙලාවක්.එයාල පාරවල් හදනවනේ ගජ රාමෙට.මිනිස්සුන්ට ආදරේට.ඔලුව කල්පනා කරලා ඕව කරන්න එයාලට වෙලාවක් නෑනේ.අනේ වාසනාවන් මගේ රට, (ස)
මොකද්ද මේ අලුත් සෙල්ලම? නිතිය පැත්තකට දාලා "ගොඩින් බේර ගන්නේ"? මෙහෙම බලාගෙන ගියාම උසාවි හිර ගෙවල් මොකටද? කියක් හරි දීල සේරම ගොඩින් බේර ගන්න පුළුවන්නේ! (ස)
මෙහෙම මරණයක් සිදුවූවිටදී පවා සමාදාන වෙන්න පුළුවන්ද? (නි)
මියගිය පුද්ගලයාගේ බිරියට මෙම මුදල ප්‍රමාණවත් වේදැයි යන්න අප හට ගැටළුවක් වුවත් ඔවුනොවුන් හට එය ගැටළුවක් නොවන්නේ නම් අප නිරපරාදේ කලබල විය යුතු නැත (නි)
කමක් නැහැ. එයාට දඩුවම් ලැබුනානේ.... (නි)
ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් තිබිලද, ඒ අනතුර වන අවස්ථාවේදී? (නි)
බලවතුන්ගේ පුතාලාට කාර් පදවන්න ඕනෑ නම් මිනිසුන් නැති පැත්තකට ගිහින් ඕනෑ දෙයක් කරගත්තාට කමක් නැහැ කියලයි මම නම් කියන්නේ (නි)
හොඳ වෙලාවට නයිට් රේස් එකේ ගියේ නැත්තේ .. (නි)
වැරැද්දක් කළා නම් ඉතින් දඩුවම් ලබන්නම වෙනවා (නි)
පත්තරේ තියෙන නිවුස් කැල්ලක් අල්ලාගෙන මේ හැමෝම ලියනවා. නඩු තීන්දුව, දඩය, සහ අත උඩ වන්දිය වැනි දේ ගැන කතා කරනවා. මේ වගේ අවස්ථාවක අපේ සිත යොමුවිය යුත්තේ අගතියට පත් අයගේ තත්වය කල්පිතයෙන් තොරව දැනගැනීමටය. උසාවියෙන් පිට සමාදානයක් ගැන මෙහි කියවෙනවා. එවන් අවස්ථාවකදී අගතියට පත් පක්ෂයේ වැන්දඹු කාන්තාව විසින් මොන ආකාරයෙන් ඉල්ලීම් කළාද, ගෙවුවා යයි කියන මුදල භාර ගත්තාද එයින් එතුමිය සැහීමකට පත් උනාද යන තොරතුරුද ඇතුළත් උනා නම් මෙම පුවතෙහි ඌන පුරණය වෙනවා. කෙසේ වෙතත්, කාන්තාවකට තම සැමියා අකාලයේ මිය යාම තරම් අවාසනාවන්ත දෙයක් තවත් නම් නැත. එතුමා මිය ගියේ එතුමාගේ වරදින් නොවේ. පියාණන්ගේ ගෞරවය සෙල්ලමකට ගත් නො හික්මුණු පුතෙකු අතිනි. එහෙයින් මේ දෙස මිට වඩා පුළුල් ලෙස බැලිය යුතුව තිබුණා. මා අදහස් කරන්නේ උසාවියෙන් පිටත සිදුවූ දසකන් මන්ත්‍රණය ගැන ය. බලය සහ අසරණකම අතර තරඟයක් නැති අපේ සමාජය තුළ ලද දෙයින් සතුටු වෙනවා හැර කුමක් කරන්නදැයි අගතියට පත් පාර්ශවය සිතන්නට ඇතුවාට සැක නැත. දිවංගත පුරුෂයාට දරුවන් සිටියා විය හැකිය. ඔවුන් පාසල් යන වයසේ සිටියා නම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් කිසිවක් කරන්නටවත් වැඩ පිළිවෙලක් සඳහන් වී නැත. ගුණවර්ධන මැතිනිය කාරුණික ගුණවත් කෙනෙකු බැවින් එතුමිය වරින්වර මේ අසරණ පවුලට ඉදිරියේදී උපකාර කරනු ඇතැයි විශ්වාස කරමි. (නදී)
ඒකත් එහෙනම් ඒ විදියට විසඳුනා? (නි)
මේ මිනිසාගේ ජීවිතය වටින්නේ මෙපමණද? (නි)
ඇයට මෙම මුදල ප්‍රමාණවද්ද? (නි)
සල්ලි වලට අර මැරුණු ජිවිතේ ගන්න පුලුවන්ද (දී)
මෙතන සමහර අදහස් ගැන පුදුමයි. ලක්ෂයක් අරගෙන දෙපැත්ත සාමදාන වුනා නම් අනිත් අයට තියන ප්‍රශ්නය මොකද්ද අහනවා. මේ ලක්ෂයෙන් මේ අම්මට බාල වයස් කාර දරුවන් රැකියාවක් ලබා ගන්නකන් නඩත්තු කරන්න පුලුවන්ද ? අධ්‍යාපනය ලබාදී වියදම් දරන්න, තමන් කන්න අඳින්න පුළුවන් ද. එක අතකට ඉතින් රුපියල් 2500- න ජීවත් වෙන්න පුළුවන් එකේ බැරි මොකද නේද ? (නදී)
සාමාන්‍ය කෙනෙක් අතින් උනා නම් ඔය ටිකත් නෑ. අසරණ පවුලේ අයට හුලන් තමයි. ඇමති ඒ අතින් හොඳයි කියා හිතෙනවා.(නදී)
මියගිය කෙනාගේ පවුලේ අයට ඔහු අහිමිවීමෙන් ඇත්තේ මිළ කළ නොහැකි පාඩුවක් නේද? (නි)
ගෙදර පිරිමියාත් අහිමිව දරුවන් සමඟ තනිවුණ ඒ අසරණ කාන්තාව කුමන තත්ත්වයකින් ඇද්ද? (නි)
මේ මැරුණ කෙනාගේ දරුවන් හොඳ පාසලකට දාලා, අධ්‍යාපන අරමුදලකින් මාසිකව සුළු ගණනක් හරි දෙන්න ලේසියෙන්ම පුළුවන්. ඇයි එවැනි දෙයක්වත් බලවතුන් නොහිතන්නේ. තමනුත් තාත්තලා නේද ? (නදී)
බලවතුන්ගේ දරුවන් ඉගෙනගන්න පිටරට යනවා.නිවාඩුවට ගෙදර ආ විට විනෝදයට කාර් පදවනවා. (නි)
බලවතුන් පුරවැසියන්ට රටේ නීති රීති, හික්මීම, විනය ගැන බණ දේශනා කරන්න කලින් තමන්ගේ ගෙදර උදවිය හික්මවා ගත යුතුයි. නැතිනම් තමන් ජනතාවට විහිලු සපයන්නෙකු වෙනවා.(නදී)
පිටබැද්දර ජයා, නොසැළකිලිමත් රියදුරන්ට දඬුවම් දෙනවා නම්, ලංකාවේ වාහන පදවන්න රියදුරන් ඉතුරුවෙන එකක් නැහැ. ඉතුරු වුණොත් ඉතින් අතළොස්සක් තමයි. ඔය කොයි කවුරුත් පාඩම් උගන්වන්න හදන්නේ කාටද කියලා තිත්ත වුණත් ඇත්ත දන්න අය දන්නවා (නි)
දැන් ඉතින් කොහොමටත් දරුවන්ගේ විනය, ගැන අනෙකුත් දෙමව්පියන්ට අවවාද දෙන්න යන්න බැහැ නේ. මහ ලොකු උගත්කම් නැති, බලපුලුවන් කාරකම් නැති සාමාන්‍ය මිනිස්සු දන්නවා, නියමිත සුදුසු කම් සපුරා නැති දරුවකුගේ අතට සුක්කානම දෙන එක වැරද්දක් කියලා. (ස)
මගේ ලොකු අයියාගේ පුතා රියදුරු පුහුණුව කාලේ ගෙදරට නොකියා යාලුවෙක් එක්ක වාහනය අරන් ගිහින් පැදවූ වරදට අයියා ළමයාට කන හරහා පහරක් දුන්නා. එදා අපි හැමෝම කිව්වේ දඬුවම සැර වැඩියි කියලා. දැන් තමා තේරෙන්නේ අයියාගේ දුර දක්නා නුවණ. (නදී)
කෝ මේ ලංකා තිලක් , නොසැලකිලිමත් බලවත් රියදුරන්ට සුදු හුණු ගාන්න මෙතන ඉන්නම අවශ්‍යයි නේ. (ස)
පුදුමේ කියන්නේ බලවතෙකුගේ වාහනයට යට වෙලා මැරෙන එකත් නම්බුවක් කියලා හිතන උදවිය අපි අතර ඉන්නවා. (නදී)
මෙහෙම දෙයක් තමන්ටම වෙන්න ඕනෑ එවිට දැනෙන වේදනාව දැනෙන්න (නි)
මම මේ කිසිම පක්ෂ බේදයක් නැතුවයි කියන්නේ . දැන් ඉන්න දේශපාලකයන්ගේ පුතාලගේ හපන්කම් දකිනකොට අපිට පුදුම ආඩම්බරයක් තමයි දැනෙන්නේ (නි)
මට සිංහලත් පැටලුනා. "සාවද්‍ය නොවන මිනිස් ඝාතනයක්.." කියන්නේ මොකක්ද.? සාවද්‍ය සහ නිරවද්‍ය මේ දෙක මට පැටලුනා. (නදී)
මේක විස්මිත නඩුවක් වගේ. එතකොට අධිකරණ තීන්දුව අනුව අත් හිටවූ සිර දඩුවම ක්‍රියාත්මක නොවන්නේද? මම මේ ප්‍රශ්න කරන්නේ නීතිය හදාරන නවක සිසුන්ට මෙයින් කිසිවක් උකහා ගත හැකිද කියා දැන ගන්නයි.(නදී)
ඇත්තෝ හැමදාම කති බොති (දී)
මොනවා වුණත් එය විසඳුන ආකාරය ගැන මම සතුටු වෙනවා (නි)
ලංකා තිලක් ගේ අදහස් අනුව අපිට වැටහෙන්නේ එදා අනතුරට ලක් වූ රථයේ ඩිකියේ ලංකා තිලක් ව දමා ගෙන පදවා ඇති බවයි. නැතිනම් කොහොමද මෙහෙම සුදු හුණු ගාන්නේ. (නදී)
අනේ කුසුම් එ් තරම් පහලට අපේ රියදුරන් දාන්න එපා. ලෝකේ ඕනෑම රටක එලවන්න දක්ෂ රියදුරෝ ඉන්නවා නම් ඒ අපේ රටේ ඇරෙන්න වෙන කොහේද ? (නදී)
ලංකා තිලක් අපුල්ලනවා අපුල්ලනවා කෙළවරක් නැහැ. ඒත් තාම මඩ ටික එහෙමම තියනවා. (නදී)
මෙයත් දැන් දේශපාලනේට එ්වි, දෙන්න උඩින්ම පත් කරන්න. (ස)
බලවතුන්ගේ පුතාලගේ උපදේශක තනතුරට ඉතා සුදුසු පුද්ගලයෙක් මේ පාඨක සභාවේ ඉන්නවා. එයාගේ දර්ශනය අනුව බලවතුන්ගේ සුරතල් පුතුන්ගේ අතින් කිසිම වැරද්දක් වෙන්නේ නැති අතර, පාරේ කහ ඉර මතින් මාරු වෙන පුරවැසියා තරම් ඔල්මොට්ටලයෙක් මේ ලෝකයේ තවත් නැත. (නදී)
මීට වඩා සැළකිල්ලෙන් වැඩ කළ යුතුයි (නි)
මෙතැන වරදක් වෙලා තිබෙනවා. මියගිය අයගේ පවුලේ අය පාරේ ගමන් කළ අයුරු ගැනත් හොයන්න තිබුණා නේද? නමුත් සිදුවුණේ ඇමති පුතුට විශාල වන්දියක් ගෙවීමටත් සිරදඩුවමකට යටත්වීමටත්ය. මේවාට වගකියන්න ඕනෑ ඔබ අප සියලු දෙනාමයි. (නි)
"ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ" වෙලා නම් හරියන්නෙ නැහැ හොඳේ (නි)
කිසි ප්‍රශ්නයක් නෑ, රුපියල් 650,000/= න් මාසෙකට රුපියල් 2500/= ගානේ අවුරුදු 21යි මාස 08 ක් කාල විතරක් ජීවත්වෙන්න පුළුවන්. මෙයම ආශ්චර්යයක් නොවන්නේද? (ස)
මේ සුළු දඩුවමින් මේ තරුණයා හොඳ කෙනෙක් වෙයිද නැති නම් නීතිය විහිළුවකට අරන් තව දුරටත් නීතිය අතට අරන් වැඩ කරයිද දන්නේ නැහැ. (ස)
මුදල් සහ රාජ්‍ය බලය තිබෙන නිසා . මෙය මෙහෙම කෙලවර උනා. සාමාන්‍ය කෙනෙකු නම් මෙම තීන්දුව වෙනස් වනවා . ජීවිතයක වටිනාකම රුපියල් ලක්ෂයකට තක්සේරු කර තිබෙනවා . බටහිර රටක නම් ජීවිතයක වටිනාකම මිලියන ගණනක් . (ස)
යන්තම් ඇති මම බය උනා හිරේ දායි කියලා , මෙහෙම නොඋනා නම් තමා පුදුමේ . මේක ඉතින් ලංකාව නේ. (ස)
රට බල්ලට ගිහිල්ල කීවට කමක් නැහැ නේද ? මිනිස් ජීවිතය රුපියල් ලක්ස හයයි. (ස)
මිනිස් ජීවිතයක් වටින්නේ මෙච්චරද.? දඩයත්, වන්දියත්, සිරදඩුවමත් මෙච්චරද මිනිස් ජීවිතයක් නැති කලාට. (නදී)
මං දන්න තරමට නම් රිය අනතුරකදී අපරාධයක් සම්බන්ධව මහේස්ත්‍රාත් අධිකරණයේදී නියම කළ හැකි උපරිම වන්දිය තමයි ලක්ෂය. පසුව තවත් වන්දි ලබාගන්න වෙනම සිවිල් නඩුවක් ගොනු කළ යුතුයි. (නි)
ඒක තමයි. දෙපාර්ශවයටම ප්‍රශ්නයක් නොවෙන දේ කොහොමද මෙතන අදහස් දාන අයට ප්‍රශ්නයක් වෙන්නේ? (නි)
ආඩම්බරයි .(නදී)
මෙතන අදහස් පළකරල තිබෙන අයගේ නීතිය පිළිබඳ දැනුම ගොඩක් මදි.රිය අනතුරකින් වෙන මරණයක් සළකන්නේ සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් ලෙසයි. එය කිසිලෙසකින් හෝ මිනීමැරුමක් (සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ලෙස සළකන්නේ නැත) (නි)
සල්ලි නැති කෙනා හිරේට යනවා. සල්ලි ඇති කෙනා නිදහස් වෙනවා.(නදී)
මේක තමයි ආශ්චර්ය කියන්නේ (නදී)
සාමාන්‍ය රීතිය නම් උසාවියෙන් පිටත නඩුවක් සමාදාන කර ගන්නා විට එම අවස්ථාවේම වන්දිය සාකච්ඡා කර තීන්දු කර ගැනීමයි. අනිත් කරුණ නම් උසාවියෙන් පිටත සමාදාන වුන විට විශාල වන්දියක් පැමිණිලිකරුට ගෙවන ලෙස උසාවියෙන් නියම කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. මෙහිදී උසාවියෙන් පිටතදී ලක්ෂ හය හමාරක් ගෙවා ඇති බව සඳහන් වේ. මගේ අදහස නම් මිනිස් ජීවිතයක් වෙනුවෙන් එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි. (නදී)
රක්ෂණ සමාගම් මේ ජිවිත වලට වන්දි ගෙවන්න ඕන නැහැ. "මිනිස්සු හිරේ ගියා දෙන්, රක්ෂණ සමාගම් දියුණු උනාදෙන්" එක අතකට අපි මොකටද අනුන්ගේ සීනී කිරන්න යන්නේ? (නදී)
නීතියට ජය වේවා! (නි)
ඔන්න දුවේ, පුතේ මේකට මොකක්ද කියන්නේ? (නදී)
අතරමැදියා බාගයක් ගිල්ලාවත්ද ? (නදී)
එළාර රජ කාලේ වගේ දඬුවම් දැන් කාලේ කොහොමටවත් දෙන්නේ නැහැනේ. පාලකයෝ වාසනාවන්තයි. (නදී)
මොකද මිනිසුනේ රිණ ආකල්පම දරන්නේ. උසාවියෙන් ගෙවන්න කීවේ ලක්ෂයක් නම් වැඩිපුර දුන්න ලක්ෂ 5 මනුස්ස කමට වෙන්න ඇති නේද? . (නදී)