පසුගිය 18 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කුණුහරපයෙන් බැනීම ගැන විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කතානායක කරු ජයසුරිය මහතා ඉදිරියේ අද (25) සමාව ගත්තේය.
කතානායක විසින් පැනැවෙන ඕනෑම දඬුවමකට යටත් වන බවද ඔහු කීවේය.
සමාව ගැනීමට ඔහු ගත් තීරණය අගය කරන බවත් ඔහුගේ එම ක්‍රියාව නිසා ඔහුට එරෙහිව ක්‍රියා නොකරන බව ද ජයසුරිය මහතා කීවේය.
පරිපුරක ඇස්තමේන්තුවක මුල් ඡන්ද විමසීමේ දී ඇති වු කලබලයට සම්බන්ධ මන්ත්‍රීන් ද මෙලෙස සමාව ගත හොත් ඔවුනට එරෙහිව ක්‍රියා නොකිරිමට ඉඩ ඇතැයි ද කතානායක පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු හරප කියන එක වැරදි නමුත් දන්නා බසනේ (හේ)
මෙහෙම හාදයෝද මහජනයා විසින් තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරලා රටේ උත්තරීතරම ආයතනයට යැව්වේ ?(හේ)
ලබන පාර මෙයාට ඡන්දෙ දෙන්නේ මිනිස්සුනම් නොවේ (බ)
චින්තක .ගම්පහ ඉන්නේ පබාලා මර්වින්ලා පත් කළ මිනිස්සු ය. (බ)
සමාව ගත්ත එක ලොකු දෙයක් (නි)
විනයෙන් පිරිහුණ මේ වගේ කට්ටිය නියෝජනය කරන්නෙත් මේ වගේම විනයෙන් පිරිහුණ ඡන්දදායකයෝ පිරිසක් තමයි. (නි)
කාගේ වුනත් හොඳදේ අගය නොකිරීම කුහක කමක්.වැරදීම් කාහටත් වෙනවා, ඔබට වඩා ජ්‍යෙෂ්ඨයින්ට පවා.කෙසේ වෙතත් ඔබ හොඳ ආදර්ශයක් දුන් බව පිළිගනිමු .මහින්දානන්දත් එය වැඩිදුර ගෙන නොගොසින් අතහැරියා.පාර්ලිමේන්තු කතානායක ගෙන් මෙන්ම එම සිද්ධියට අදාලවූ මහින්දානන්දගෙනුත් සමාව අයැදීමක් කළානම් හොඳයි. (බ)
සත්‍ය පෙන්නාදීම වගකිවයූතන්ගේ ක්‍රියාකලාපයි. සත්‍යයට ඇහුන්කන් නොදී කෑමොර දී බාධා පමුණුවනවා නම් යම් තැනක එවැනි උදවියට සලකන්න ඕනෑ මේ භාෂාවෙන්ම තමයි කියලයි මගේ හැඟීම (නි)
එයාලට එහෙමයි, මෙයාලට මෙහෙමයි. (නි)
වැරැද්දක් පිළිගැනීම ඉතා වටිනා දෙයක් (නි)
අපේ වරද ඡන්දෙ දීපු එක (බ)
සුද්දගේ වැඩ වගේ පරදාර සේවනය කළත් කමක් නැහැ අහු වුනහම සොරී කිව්වනේ. කමක් නැහැ අඩුම ගානෙ සොරී කිව්වනේ (බ)
අපිට මඩු වලිගෙන් ගහ ගන්න ඕනේ (බ)
මෙවැන්නුන්ට ඡන්දය දීමෙන් වැළකීම තමා හොදම දඩුවම. එතකොට ඉදිරියේදී මේවා පාලනය වෙනවා. (බ)
ඇඟේ තරමට මොලේ නැතිවුනහම ඔහොම වෙනවා. (බ)
නැහැදිච්චකම පේනවා (බ)
තැබෑරුම් කාරයෝ පාර්ලිමේන්තුවට ඇවිත් එ්කත් වනසනවා. නැහැදිච්ච් ඈයෝ . ගිය තැන ගහ ගන්නවා, බැනගන්නවා (බ)
වාසුදේව මහතා සමාව ගත්තද? (බ)
අන්න හරි. වරද පිළිගැනීම උතුම් ක්‍රියාවක්, එහෙත් එම වරද යලි නොකිරීමට අධිෂ්ටාන කර ගන්න ඕන. ඊට බුදු සමයේ කියන්නේ ආයතිඞ් සංවරය කියල. (බ)
කිසිම සමාවක් දෙන්න හොඳ නේ පාර්ලිමේන්තුවෙන් නෙරපන්න ඕන මේ වගේ අයව (බ)
මඩු වලිගයක් හොයා ගන්න ඕනේ ඡන්දෙ දීපු අයට සලකන්න (බ)
ඇයි අම්මේ අඩන්නේ මේ පක්ෂේ බදා, මට දැනෙනවා මේ ඔක්කොම එකය කියා.නාඩන් අම්මේ නාඩන් මේ විහිලු බලා- එන්නද ගොසින් ඡන්දය දුන් උන්ට තලා. (බ)
පක්ෂේ පාට මිස වෙන වෙනසක් කොහිද -ඕවා එකම බව තේරෙනවා මටද හොරකම් අඩුයි තරමක් දැන් පෙරට වඩා- වෙනසක් හෙම තියෙනවද එහි මෙයට වඩා. (බ)
වැරැද්ද වැරද්දක් ලෙසට දැකීම උතුම් දෙයකි ! හරින් ඔබට මගේ උත්තමාචාරය ! (බ)
කුණුහරුපෙන් බැනීම වැරදි තමයි හැබැයි ඉතින් තේරෙන භාෂාවෙන් තමයි කතා කරලා තියෙන්නේ. (බ)
ඕනැ කෙනෙකුට ඕනෑ හරුපයක් කියල පස්සේ සමාව ගත්තහම ඒ කෙනා ප්‍රභූ තත්වයට ඉබේම උසස් වෙනවා. (බ)
හික්මීමක් නැති උගත් කම, බොහොම භයානක දෙයක්. එකෙන් වෙන ආපදාව වැඩී. හරියට අැල්බෙර්ට් අයින්ස්ටයින්ගේ පරමාණු බෝම්බේ වගේ. (බ)
ජයදේව, ඔබ කියන්නේ හරිම ඇත්ත. හැබැයි, ඔහොම කියලවත් තේරෙන්නේ නැති පිරිසකටයි ඕක කියල තියෙන්නේ. (බ)
දැන් ඉතින් සමාව අරන් වැඩක් වෙන්නේ නෑ නේද?(හේ)
සමාව ගත්තා කියලා වැඩක් නෑ.මෙතුමට දඩුවම් ලබා දෙන්න.(හේ)