IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අභිරාම්ගේ කෝලම්

බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන්ගේ පොඩි පුත් "අභිරාම්" පෙනී සිටින ඡායාරූප බොහෝමයක් අන්තර්ජාල වෙබ් අඩවි පලවී තිබුණි. එම ඡායාරූප ගෙන තිබුණේ ෂාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ 'කොල්කොටා නයිට් රයිඩර්ස්' හා 'රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්' කණ්ඩායම අතර කොල්කොටා ඊඩ්න් ගාඩින් ක්‍රීඩා පිටියේදී පැවති තරගයේදීය. කෙසේ වෙතත්, මෙම තරගයේදී ෂාරුක් ඛාන්ගේ 'කොල්කොටා නයිට් රයිඩර්ස්' කණ්ඩායම කඩුලු නමයක දැවැන්ත පරාජයක් අත්විඳිනු ලැබීය.

කෙසේ වෙතත්, මෙම තරගයේ පරාජය තම කණ්ඩායමට උරුම වුවද ෂාරුක් ඒ සම්බන්ධව තැකීමකින් තොරව අභිරාම් සමගින් ක්‍රීඩා පිටියේ එක් අන්තයක කෙළිසෙල්ලම් කරමින් සිටින අවස්ථාවක් එම ක්‍රිකට් තරගය ආවරණය කිරීමට පැමිණි විදේශිය ඡායරූප ශිල්පියෙකු විසින් ඡායාරූපගත කොට තිබේ. ඔහු මෙම ඡායාරූප ලබාගන්නා විට එදින රාත්‍රී 12ද පසුව තිබුණ අතර ඒ සැණින් ඔහු මෙම ඡායාරූප සියල්ල අන්තර්ජාලයට මුදාහැර තිබුණි. පැය කිහිපයක් ගෙවන්නට මත්තෙන් මෙම ඡායාරූප ලොවපුරා අන්තර්ජාල වෙබ් අතර පළව තිබුණ බව සඳහන් වේ. ෂාරුක් දැනට සිය 50 වැනි විය ගෙවා දමමින් සිටින අතර, අභිරාම් තවමත් සිය දෙවැනි අවුරුද්ද පසුකරමින් සිටින බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර සිටියි.



අදහස් (0)

අභිරාම්ගේ කෝලම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site