IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අභයාරාමයට උදව් කළේ රනිල් විතරයි

 (අංජුල මහික වීරරත්න)

සම්බද්ධ ශාසනයේ උන්නතිය මෙන්ම රටවැසි ජනතාවගේ යහපත වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන සෑම කටයුත්තකටම මහා සංඝරත්නයේ සහාය හිමි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියෝ පැවැසූහ.

අභයාරාමය යනු දේශපාලනඥයින් නිතර යන එන තැනක් වුවද දේශපාලනඥයකු සහ රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් කළේ ජනපති රනිල් පමණක් බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.

වෙනත් කිසිම දේශපාලනඥයකු අභයාරාමයට උදව් කර නැති බව තමා පැහැදිලිව කියන බවද ආනන්ද හිමියෝ පැවැසූහ.

මුරුත්තෙට්ටුවෙි ආනන්ද නා හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වුණ දානමය පුණ්‍යකර්මයෙන් අනතුරුව නාහිමියෝ මේ බව කීහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ,අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලි‍මේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (5)

අභයාරාමයට උදව් කළේ රනිල් විතරයි

Nadadawa withanage sisira kumara Friday, 26 January 2024 07:51 PM

හාමුදුරුවෝ පිම්මක් පනින්න වගේ හදන්නේ...! 

:       3       58

Don perea Friday, 26 January 2024 08:09 PM

හොරු සමග හෙළුවෙන්...!

:       1       29

රාවණා Friday, 26 January 2024 08:15 PM

මහින්ද මහත්තයා ඉස්සරහ තියාගෙන ඔහොම කියන්න පුළුවන්ද?

:       1       19

ajith Saturday, 27 January 2024 12:11 AM

පන්සල සහ දේශපාලනය ගව් ගණනක් ඈතින් තිබිය යුතු දෙකක්.

:       0       13

Bamunuarachchi Sunday, 28 January 2024 03:45 PM

ආගම් ඉතිහාසය පුරාවටම දේශපාලනයට සම්බන්ධ වෙලා තිබෙනවා. පෘතුගීසි කාරයෝ ක්‍රිස්තියානි පූජකයෙකුත් කරපිංනාගෙන ආනිසයි මේ රටට ක්‍රිස්තියානි ආගම ගොඩබැස්සේ. බුදුන්වහන්සේ දසරාජ ධර්මයෙන් රට පාලනය කරන හැටි දේශනා කර තිබෙනවා. හාමුදුරුවරු දේශපාලනය ගැන සම්බන්ධ නොවුණා නම් මේරට හම්බයින්ගේ, දෙමළුන්ගේ ග්‍රහණයට අසුවෙලා බොහෝම කල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site