(තිලිණි ද සිල්වා, රංජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ අභියාචනය විභාග කර අවසන්වනතුරු අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුණු තීන්දුවකින් අද නියෝග කැරිණි.
විනිසුරුවරුන් දෙදෙනෙක් අභියාචනාධිකරණ තීන්දුව තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළහ. විනිසුරුවරයෙක් තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව සිය තීන්දුව ප්‍රකාශ කළේය.
නඩු විභාගය සැප්තැම්බර් 25 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක විනිසුරුවරයෙක් හරි කියනවනේ තීන්දුව අත්හිටුවන්න එපා කියලා... එහෙම නම් එ්ක ක්‍රියාත්මක කරන්න.. මොකද බහුතරයක් කැමැති නෑනේ මේ යහපාලනයට...
කට්ටිය ඔය ලස්සනට නාලා තියෙන්නෙ සබන් නොගාම.... අමරවීර මහත්තයා අත ගහපු කිසි දෙයක් හරියන්නෑනේ...
ද්විත්ව පුරවැසිකම් තියෙන කෙනෙකුට අපේක්ෂකයෙකු හැටියට ඉල්ලුම් කරන්න බැහැ කියා කොන්දේසියක් තිබුණා නම්..., මේ නෝනා එ්ක උල්ලංඝනය කර තිබෙනවා නම් තව මොනවද මේකේ විභාග කරන්නේ තියෙන්නේ?
මගේ ප්රශ්නය නම් ද්විත්ව පුරවැසිකම තියෙන කෙනෙකුට ශ්‍රීලංකා පුරවැසියෙකුට තියෙන අයිතිවාසිකම් හා වරප්‍රසාද අහිමිද කියන එක. එත් මේ නෝනා නම් වැඩක් නැහැ අපට....
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වැනි වගන්තිය ඈ xiii අනුව වෙනත් රටක පුරවැසියෙකු වන ලංකාවේ පුරවැසියෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය.
නීතියට අනුකුලව දුන් තීන්දුව නොපිළිගෙන තනතුරම ඉල්ලන්නේ දන්නවා හොද්ද බොරයි කියලා
පක්ෂ බේදයකින් තොරව සලකනකල, ඇයි ගීතට විතරක් නීතිය. දෙමල සංධානය සහ UNP මන්ත්‍රීවරුන්ට මෙය අදාල නොමැතිද. ගීතාගේ පුරවැසිබව ඉස්සර සිට දන්න දෙයක් සහ ප්‍රසිද්ධ නිසා ඇයට විතරක් මේ නීතිය ඇයි?
ඕන මෝඩයෙක්ට තේරෙන දේ මේ තුන්දෙනාට තේරෙන්නේ නැත්නම්, මෙතන වෙන්නේ මොකක්ද කියල හොඳටම තේරෙනවා. මුන් අපේ රටේ සල්ලි කනවා.
හරි හෝ වැරදි හෝ වේවා ද්විත්ව පුරවැසියෙකු හෝ රජයේ සේවකයකු , පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් දැරීමට නොසුදුසු බවට නීතියක් පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කරගෙන තිබෙනවා නම්, ගීතා ද්විත්ව පුරවැසියකු නම් තව මොනවද හොයා හොයා ඉන්නේ?