( තිළිණි ද සිල්වා)
ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුසු බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ලබන සඳුඳා (15) තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(12) තීන්දු කළේය.
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගීතා කුමාරසිංහ මහත්මිය අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේ මෙම තීන්දුව ලබා දුන්නේය.
අදාළ අභියාචනාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් , මෙම අභියාචන පෙත්සමට අදාළ නව ලියකියවිලි ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසද ගීතා කුමාරසිංහ මහත්මිය සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණාය.
පෝල් රත්නායක ඇසෝසියේට් සමාගම මාර්ගයෙන් ගොනු කළ ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අභියාචානාධිකරණයේ එම රිට් පෙත්සම ගොනු කරනු ලැබූ ගාල්ල ප්‍රදේශයේ ඡන්දදායකයින් වන කේ.ඩබ්ලිව්.බුවනෙක, ජේ.කේ.අමරවර්ධන ඇතුළු පස් දෙනෙකු , ආගමන විගමන පාලක ,එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්,පාර්ලිමේන්තු මහ ලේකම් ,මැතිවරණ කොමිසමේ සභාපති ,ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති හදන්නෙත් මේ අය... නීතිය නමන්නේත් මේ අය... නිතිය කඩන්නේත් මේ අය...
ගීතා වැනි පරිපූර්ණ උගත් දේශපාලකයෝ අපේ පාර්ලිමේන්තුවට අවශ්‍යම වෙනවා... ඇයගේ මන්ත්‍රීධුරය අහෝසි නොකරාවි කියා සිතනවා.
තව අවුරුද්දකට දෙකකටම කල්දාන්න බැරිද? එතකොට ජනතා මුදලින් කරන එක නිෂ්ඵල වියදමක්... ටික කාලෙකට හරි ඉතිරි වෙනවනේ?
ආණ්ඩුවට කරන්න තිබුණේ පනින්නට පෙර සිතා බලන්නයි. දැන් වෙලා තියෙන්නෙ අනුන්ට කැපූ වලේ තමන් වැටීමයි...
මෙතෙක් කිසිදා නොවුණ ආකාරයට හදිසියේ ගීතා මහත්මියගේ නඩුව විභාගයට ගැනීමෙන් ලෝකයට දෙන පණිවුඩය හයිබ්‍රිට් අධිකරණයකට අවැසි බව නේද?
ලංකාවේ දේශපාලකයකුට උගත්කම , අවංක බව වැනි දේවල් එච්චර අවශ්‍ය වන්නේ නැහැ අත්‍යවශ්‍ය රඟපෑමේ හැකියාව ගිතට උපරිමෙන්ම තිබෙනවා එමනිසා එතුමිය පාර්ලිමේන්තුවට ගැලපෙනවා , ( මට මේ දේවල් දකිනකොට අපේ රටේ දේශපකයන් සහ නීති පද්දතිය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන විශාල කලකිරීමක් ඇතිවෙනවා )
දෙමල පක්ෂයක ඇමතිලා 5 දෙනෙකුටත් ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියල. ඕක හරියන වැඩක් නෙවේ. ලංකාවේ සාරය උරාගෙන, පිටරට ගිහිල්ල සැප ජිවිත ගතකරන්නයි මේගොල්ලෝ හදන්නේ, ලංකාවේ මුදල් ලංකාවේම පරිහරණය වෙනවනම් කමක් නැහැ. ලංකාවේ ජනජීවිතය ඔයිට වඩා වැඩිදියුණු වෙයි. ලංකාවේ නිෂ්පාදන සහ නිර්මාණ වලට ඔයිට වඩා හොඳ අගයක් ලැබෙයි. නිදහස් මානසිකත්වයක් ලැබෙයි. ද්විත්ව පුරවැසිභාවය ලාභ දෙන නැතිකරොත් හොඳයි. මිනිසුන් අතර විශ්වාසය ගොඩනැගෙන ක්රමපද්දතියක් තිබුනොත් හොඳයි. යන අයට යන්න කියල ඉන්න අයට හොඳට සිංහල උගන්නල ගත්තොත් හොඳයි. එකිනෙකට නොතේරෙන භාෂා ගොඩකින්, මිනිසුන්ට හොඳක් වෙයි කියල හිතන්න බැහැ.