පාසල් කාලයේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් ඇවිදීමට නොහැකිව ආබාධිත වූ ඇම්බැක්කේ පදිංචි රුමේෂිකා දිල්රුක්ෂි පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි (සාමාන්‍යවේදී) දෙවන පංති (පහළ) උපාධියක් ලබා රැකියාවක් නොමැතිව වසර දෙකක් පමණ බලා සිටින්නීය.
‘මට උපතින්ම ආබාධයක් නෑ. මම අනික් ළමයි වගේම දුව පැන ඇවිදල සෙල්ලම් කළා. ඒත් මට අනික් ළමයි වගේ පාසල් යන්න බැරි වෙන තරමට 1999 දි රෝගයක් හැදුණා. ඒ නිසා මට 2005 වසරේදි ඇවිද ගන්න බැරුව ගියා. එතකොට මම අධ්‍යාපනය හැදුරුවෙ 3 වැනි වසරේ. ශිෂ්‍යත්වය පෙනි පෙනි ඉද්දි මට ඇවිද ගන්න බැරුව ගියා. නමුත් මම සටහන් පොත් රජයෙන් දුන්න පොත් පාඩම් කරල පාසලේ ලකුණු 124 ක් ලබා ගත්තා‘
‘දෙපයින් නැගි සිටින්නට නොහැකි වුවත් මට අවශ්‍ය වුණේ අධ්‍යාපනයෙන් ඉහළට ගිහින් රැකියාවක් කරල මගේ රෝගාබාධය සුව කරගෙන මගේ පවුලෙ අයට සලකන්න. ඒත් වසර දෙකක් ගත වුණත් මට ඒකට තවම අවස්ථාවක් නැ. කවුරුන් හෝ මට උදවු කරන්න‘ යැයි ඇය කියන්නීය.
සාමාන්‍ය පෙළ සමත්වී උසස් අධ්‍යපානය හැදෑරුව ද ආබාධිත තත්ත්වය නිසා පාසල් යාමට නොහැකි වූ නමුත් සිය යහළු යෙහෙළියන්ගේ සටහන් පොත් ලබාගෙන පාඩම් කටයුතු සිදුකළ බව ඇය කීවාය. පාසලින් උසස් පෙළට ඉදිරිපත් වීමට නොහැකි වුවද 2010 වසරේදි බාහිර විභාග අපේක්ෂිකාවක් ලෙස උසස් පෙළ විභාගයට ලියා සමත්වී 2011 දි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයට ඇතුළු වූ දිල්රුක්ෂි 2015දී උපාධිය ලබාගත්තාය.
බොහෝ දෙනාගේ උදව් උපකාර හේතුවෙන් උපාධිය ලබාගත් නමුත් තමා වෙනුවෙන් පියා වූ ණය ගෙවා තම රෝගය සුව කරගැනීම සඳහා මුදල් උපයා ගැනීමට රැකියාවක් බලාපොරොත්තුවන බවත් මේ වනතුරු රැකියා විශාල ප්‍රමාණයකට ඉල්ලුම් පත් දැමුවද කිසිවකින් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඇය සඳහන් කළාය. ඇගේ පියාගේ දුරකථන අංකය 0724143884






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අධ්‍යාපනය කියන්නේ ජීවිතය ගැට ගහගන්නට කරන සටනක එක්තරා අදියරක් ....සතුටින් ජීවත් වෙන්ට යහපත් ආර්ථිකයකුත් අවශ්‍ය නිසා මේ දරුවාට යහපත් රැකියාවකුත් ලබාදෙන්ට වගකිවයුත්තෝ ක්‍රියා කරනවානම් හොඳයි. මගේ යහළුවෙකුගේ උපාධිදාරී වැඩිමහල් සොයුරියට වයස හතළිහත් පහු වුනාට පස්සේ තමයි ගුරු වෘත්තිය රැකියාවක් ලෙසට ලැබුනේ.....(බ)
ආණ්ඩුව කියනවා එ්ත් කාටවත් ජොබ් නෑ මහන්සිවෙලා ඉගෙනගත්තත් දැන් වැඩක් නෑ (බ)
අපරාදේ ඔච්චර ඉගෙනගත්තේ. මොකුත් ඉගෙන නොගෙනම හිටියා නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න තිබුනා. (නි)
පසුගිය රජයේ වගේ මේ රජයේ සියළු දෙනාටම රජයෙන් රැකියා ලබාදිය යුතුයි (නි)
සාමාන්‍ය පෙළවත් පාස් නැති අයට තානාපති පට්ටම් දෙන රටක උපාධියට ගිය කලක්! (නි)
තම දෙපය අප්‍රාණික වුවත් දෙපයින් නැගිට රටට සේවයක් කර ජීවිතය හා දෙමව්පියන් රැකගැනීමට වෙහෙස දරන මේ දුවනියට රජයේ හෝ පුද්ගලික අංශයෙන් කවුරු හෝ උපකාරයක් කරත්වා!! අඩුම තරමින් පුද්ගලික අංශයෙන්වත් යම් කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් හොඳයි. දුවේ, ඔබට තෙරුවන් සරණයි (නි)
උදව් කරන්න කැමැතියි. කරුණාකර සම්බන්ධ කරගත හැකි විස්තර දෙන්න (බ)
ඇවිද ගන්න බැරි තරමට වයසට ගිහින් මැරෙන කම්ම ජනාධිපති උපදේශක වෙලා ඉන්න පුළුවන් රටේ තරුණ උපාධිධාරිණියකට රැකියාවක් නැහැ. (බ)