තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා හෙට (25) ශ්‍රී ලංකාවට පැමිණෙයි.
විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
දෙරට දී පැවැත්වෙන බලශක්ති සමුළුවකට සහභාගි වීමේ අරමුණින් මෙරටට පැමිණෙන ඒ මහතා මේ මස 27 දා යළි ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහේෂිණී කොළොන්නේ මහත්මිය සදහන් කරයි.
"ශ්‍රී ලංකාවේ අනාගත නායකයින්" යන මැයෙන් මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී හෙට (26) පැවැත්වෙන සමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සම්බන්ධ වන ඒ මහතා පාසල් දරු දැරියන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,500ක් ඉදිරියේ විශේෂ දේශනයක් සිදුකිරීමට නියමිත බවද මහේෂිණී කොළොන්නේ මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහාන්, කුස්සිය මුල්ලේ ඉන්න බවලතෙක් තරම්වත් ලෝකය ගැන, ශ්‍රේෂ්ඨ උගත්තු ගැන දැනුමක් නැති උදවියට ඔබ කොච්චර කිව්වත් එකයි. අන්ධයන් සේ නුගත් දේශපාලන සංස්කෘතියේ නියමුවන් වන්දනා කරමින් යන මිනිස්සුන්ට උගතුන් ගැන කියන්න යන ඔබයි මෝඩ. (නි)
එතකොට මෙයා එන්නේ උ/නැ වලට දේශපාලන විසදුම් හොයන්න කියන කතාව බොරුවක්ද? (ර)
මේ වගේ උගත් විශිෂ්ට දේශපාලකයෙකු, විශ්ව විද්‍යාල ඇඳුරෙකු, නිහතමානි නිර්වංක මිනිසෙකු ගැන තොරතුරු නොදන්නා දේශපාලක අන්තේවාසිකයන්ගේ අදහස් දැක්කාම හිනායනවා. (නි)
අබ්දුල් කලාම් ගැන නොදන්නා කට්ටිය ගොඩක් ඉන්නවා වගෙයි (නි)
අනේ යහපාල, අපිට ලැජ්ජයි මෙතන පිරිමි විදියට ඔබතුමා එක්ක හරි හරියට අදහස් ලියන්න. කරුණාකර ගෙදර හාමිනේගෙන්වත් අහන්න කවුද අබ්දුල් කලාම් කියන්නේ කියලා. (නි)
සාදරයෙන් පිළිගනිමු! (නි)
යහපාල, දැන් මේ රටට ගෙන්වන්නේ ගෝත්‍රික යුගයේ අන්තඃපුර පවත්වාගෙන යන නායකයන් නෙමෙයි. රටේ මිනිසුන්ට මොකක්හරි පොඩිපහේ ආදර්ශයක් ගන්න පුළුවන් උගත් වැදගත්තු. (නි)
උදාර, ප්‍රශ්නය අබ්දුල් කලාම් හෝ ඔහුගේ උගත්කමක් ගැන නොවේ, එවැනි පුද්ගලයන්ගෙන් හරියට වැඩේ ගන්න උත්සහ නොකිරීම සහ නොවැදගත් පටු අරමුණු සදහා යොදාගැනීම ගැනයි. (ර)
ජෙහාන් සහ සමන්ති, මතක් කිරීම වටිනවා. ඒ කාලේ ආවේ ඒඩ්ස් වලින් ස්වයන්පොෂිත, ලෝක ත්‍රස්තවාදයට උදව් කරන, ජාතිවාදය අවුස්සන, අන්තවාදී, නුගත් නායකයෝ. නදී)
යහපාල ඇරෙන්න මෙතනට අදහස් දුන් සැමට මගේ ප්‍රණාමය! (නි)
ගෝත්‍රික යුගයේ අය අබ්දුල කලාම් වැනි උගතුන් ගැන දනීද? (නි)
ලෝකෙයේ ශ්‍රේෂ්ට නායකයින් රටට සැපත් වීම රටේ ශ්‍රී නාමයට පිටුවහලක්(නදී)
අබ්දුල් කලාම් කියන්නේ නිහතමානීකම සහ චාම්බවේ ප්‍රතිමුර්තියක්. ඒ වගේම හොඳ උගත් බුද්ධිමතෙක්. එතුමාගේ දේශන පාසල් සිසුන්ට පමණක් නොවේ පොදුවේ කොයිකාටත් තම ජීවන රටාව යහපත් විදියට හැඩගස්වා ගැනීමට මනා පිටුවහලක් වේවි. (නි)
යහපාල වගේ හිතන අය නිසා අපේ රටට උන විනාසය ගොඩක් වැඩියි. කාලයක් අයි.ටී.එන් බලපු කෙනෙක් වෙන්ඩ ඇති මේ යහපාල.(නදී)
මෙතුමා අග හිඟ කම ඇති පවුලකින් පැවත ගෙන වුත් අභ්‍යාවකාශ ඉංජිනේරු ශිල්පයේ උසස් අධ්‍යාපනය හදාරා කීර්තියට පත් වූ වියතෙක්. පද්ම භුෂන් සම්මානය ඇතුළු දෙස් විදෙස් අන්තර් ජාතික සරසවි රැසකින් පර්යේෂණ සහ අධ්‍යාපනික ප්‍රකාශන වෙනුවෙන් ආචාර්ය උපාධි රැසක් හිමි කර ගත් අග්‍රගන්‍ය බුද්ධිමතෙක්. ඒ සියල්ලටම වැඩිය පොලවේ පය ගහල ජීවත් වෙන සමාජ නියමුවෙක්. මොහුගේ දේශනයක් අහන්න අධ්‍යාපනය ලබන සිසුවෙකුට නම් වාසනාවක් තිබෙන්න ඕනා.(නදී)
අපොයි යාන්තම් ඇති, ලංකාවට වැදගත්කමක් ඇති උගත් බුද්ධිමතෙක් රාජ්‍ය අනුග්‍රහයෙන් හරි කමක් නැහැ ගොඩ බහිනවා. තව ටිකෙන් ලංකාවේ පුරවැසියන්ට ස්වාසිලන්තයේ අර යන්තම් විලි වසාගත්ත බවලතුන්ගේ ගෝත්‍රික නැටුම් ටිකක් තමයි බල බලා ඉන්න තිබුනේ. (නි)
මේ වගේ කීර්තිමත් විද්වතුන් ගෙන්වාගෙන අපේ රටේ හැදෙන දරුවන්ට ඒ අයගේ දේශනා අසන්න සැලැස්වීම ඉතාම වැදගත්. නැති නම් අපේ දරුවන් හිතන්නේ ලොකුම සමාජ තත්වය සහ කීර්තිය ලැබෙන්නේ ලංකාවේ පළාත් සභාවට රිංගා ගත්තොත් විතරයි කියලා. (නදී)
අබ්දුල් කාලාම් මහත්මය වැනි උගත් බුද්ධිමතුන්ගේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්න ලැබීම අපේ රටේ ශිෂ්‍යයන්ට ලැබෙන දුර්ලභ ඉතා අගනා අවස්ථාවක්. එතුමා එන්නේ දේශපාලනය ගැන සම්මන්ත්‍රණ කොරන්න නෙමෙයි. මේකේ කොමෙන්ට්ස් දාන සමහරු සෑම දෙයක්ම දේශපාලඥයෝ එක්ක පටලවගන්න තරම් බුද්ධියෙන් හීනයි. (නදී)
පරිප්පු අඩු වේවිද? ඉස්සරහිට දැන් (ම)
එතුමාගේ පැමිණීම අපිට මහත් ගෞරවයක්. (ම)
ලාලනී, ඔබගේ උපකල්පන දෙකම නිවැරදි නැහැ. ඔබට මම කියන දේ තේරිලාවත් නැහැ. පටු මත වල සිරවුණහම එහෙම වෙන්න පුළුවන්.එහෙත් ඔබ තේරුම්ගන්න සුදානම් නම් මට තව තේරුම් කරන්න උත්සාහ කර බලන්න පුළුවන්. (නි)
විදේශ රටක නායකයකුගේ පැමිණීම අපි ඉහළින් අගය කළ යුතුයි. මන්ද එය අපේ රටට මහත් ගෞරවයක් ගෙන දෙන්නක් බැවිනි.මෙතන ප්‍රතිචාර දාන සමහරක් උදවිය දේශපාලනමය කෝණයකින් විතරක්ම බලනවා මිසක් එහි ඇති යහපත් දෙය අගය නොකිරීම ගැන මගේ නම් බලවත් කණගාටුව.(ම)
මෙතුමාගේ පැමිණීම අපි කාටත් ලොකු ආඩම්බරයක්. (ම)
මෙතන ඉන්න හැමෝම කතා කරන්නේ පිවිතුරු යහපාල ගැන විතරනේ. ඒ කියන්නේ යහපාල දන්නවා වැඩිම අවධානයක් ගන්න විදිය. එහෙම නැත්නම් මෙතන ඉන්න ගොඩක් අය සම්මත උගත්කමට රැවටෙන අය. උගත්කම නැති අය උගත්කමට පෙරේතයි. හරියට සල්ලි නැති අය සල්ලි වලට ආසයි වගේ. ඒත් නියම සොයන්නෝ තමන්ට ලැබෙන සෑම අවස්ථාවකිනම ඉගෙනගන්නවා. අරයා නුගත්, මෙය උගත් කිය කියා වර්ග කර කර ඉන්නේ නැහැ. නියම ආකාරයෙන් අධ්‍යනය කරන්නන්ට ස්වාසිලන්ත රජුත් එකයි, මහා සම්මත උගතත් එකයි. ඒ අයට අවශ්‍ය තමන්ට අවබෝධය වැඩිවෙන ක්‍රමයක් විතරයි. ඒත් තමන් නොදන්නා බව නොදන්නා අය උගතුන් කරේ තියාගෙන අනිත් අයට ගරහමින් තමන්ගේ මමත්වය වැඩි කරගෙන ඉන්නවා. (නි)
පිවිතුරු යහපාල මෙතන කරන්නේ බොරුවට මිනිස්සු කේන්ති ගස්සන එක. මට හැඟෙන්නේ ඔහු මහින්ද මහතාට පක්ෂ බව පිටතින් පෙන්නුවත් ඇත්තටම කරන්නේ ඔහුට වක්‍රව පහර ගසන එකයි. මේ දේ ඔබලාට වැටහේවි කියලා මම හිතනවා... (නි)
මහින්ද මහත්තයා වගේ බලවත් ශ්‍රේෂ්ඨ පාලකයෙක් නැති අඩුව දැන් දැනෙනවා (නි)
අබ්දුල්; කලාම් වැනි ශ්‍රේෂ්ඨයෙක්ගෙන් ගත හැකි ආදර්ශයන් බොහෝයි. (ම)
අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් දේශපාලුවෝ කියන බහුබූත වලට වඩා, මේ වැනි බුද්ධිමතෙකුගෙන් අහන්න ලැබෙන වචන ආදර්ශමත් සහ වචනයෙන් කියන්න බැරිතරම් වටිනවා.ඔහු ඉන්දියාවේ ජනාධිපති වුණේ ජරාජීර්ණ වූ දේශපාලනයෙන් නෙමෙයි. ඔහු කලාතුරකින් බිහිවෙන ඉතාමත් විරල මැණිකක්. ඒකේ වචන දෙකක් නැහැ (නි)
ඉන්දික ඔබට පුළුවන් ස්වාසිලන්තයට ගිහින් අධ්‍යාපනය පටන් ගන්න. මෙතන කවුරුවත් තමන්ගේ උගත්කම් දිග අරින්නේ නැහැ ඉන්දික. හැබැයි උගතුන් අගය කරනවා. මොකද එහි වටිනාකම දන්නා නිසා. (ම)
අබ්දුල් කලාම් වැනි අයට උගතුන් කියන එකට ඉන්දිකට බොහොම හිතට අමාරු වගේ. එතුමා ගැන හොඳ කියපු අයටත් දොස් කියලා තියෙන්නේ නුගතුන් කියලා. මෙයා වගේ උදවිය ජීවිතේටම දැකපු එකම උගත්තු පළාත් සභාවේ ඇත්තන්ද කොහෙද ! (නි)
අනේ බන්දුල,අර අහවලා ගැන නේද මේ කියන්නේ? (නි)
පිවිතුරු යහපාල, ඔයාට පිස්සුද? (නි)
ඔහු උතුම් පුද්ගලයෙක් (නි)
පිවිතුරු යහපාල, මෙයා මහින්ද මහත්තයා ගෙන්නපු නවාසිලන්තයේ රජ්ජුරුවෝ එක්ක සසඳන්න එපා.(නදී)
අනේ පිවිතුරුගේ මොලේ ලොකු. අබ්දුල් කලාම් වගේ ශ්‍රේෂ්ට මිනිහෙක් මේ රටට එන එකම කොච්චර ලොකු දෙයක්ද? (නදී)
මට පෙනෙන විදිහට මේ ඉන්දික කියා ලියන්නෙත් යහපාල කියලයි හිතෙන්නේ.නිහතමානි, ලෝක පුජිත වූ සම්මානනීය විද්වතෙකුගේ අරුමය නොදත් මෝඩ මිනිසුන් තමන්ගේ නොදැනුවත්කම ලජ්ජාවෙන් තොරව ප්‍රදර්ශනය කරන බවයි පෙනෙන්නේ. (නි)
අබ්දුල් කලාම් කියන්නේ මහා උගතෙක්. ඉන්දියාවේ බිහිවුන අතිශයින්ම පිළිගත් නිහතමානි නායකයෙක්.ඉතාම සරල අවංක මෙතුමා කිසිම දවසක තම බලය අයුතු ලෙස පාවිච්චි නොකළ , සුට් කේස් දෙකක් ඇඳුම් දමාගෙන ඇවිත් ඒ ලෙසින්ම ජනපති භවනින් පිටව ගියාලු. එක වරක් නෑදෑයන් කට්ටියක් ආවාම ඒ උදවිය නතර කලේ තමන්ගේ වියදමින් නිල නිවසින් බැහැර. අදටත් ගමන් කරන්නේ දුම්රියේ. ආණ්ඩුවේ බෙහෙත් පෝලිමේ ඉන්න ඡායාරුප මම අන්තර් ජාලයේ දුටුවා. යහපාල වැනි හවසට කිතුල් ගහ යට ඉඳ ගන්න උගත් කමේ වටිනාකම දන්නේ නැති දේශපාලක හෙංචයියයෙකු කියපු දෙයින් එකක් පැහැදිලියි. නීතිප්‍රකාර විභාගයක් පාස් කලේ නැති කට්ටියකට කඹුරන කොට උගත් කමින් යුක්ත අවංක දේශපාලනයේ අගය වැටහේවිද ? (නදී)
කමල් ඔබට යථා අවබෝදයක් ලැබෙන්නේ නැත්නම්, උගතුන්ගේ වටිනාකමෙන් ඔබට ඇති පලය මොකක්ද? කාට හරි එයාව පෙන්නලා අනිත් අය සසදන්න විතරයි. එත් එකෙන් ඔයාගේ ප්‍රශ්න වලට විසදුමක් එන්නෙත් නැහැ, ඔබේ හිත සන්සුන් වෙන්නේ නැහැ, ? (ර)
පිවිතුරු යහපාල කරුණාකර අන්තර් ජාලය බලන්න. අබ්දුල් කැලාම් කියන්නේ කවුද කියලා. ශ්‍රේෂ්ට ජාත්‍යන්තරයේ පිළිගත් නායකයකු කියන්නේ කවුද කියලා තවම දැකල නැති නම් මේ මහා උගතාගේ චරිතාපදානය ටිකක් කියවල බලන්න. (නදී)