IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අපහරණයට ලක්වූ කාන්තාවන් සහන සැළසීමට උසස් වෙළෙඳනාම සහිත භාණ්ඩ වෙන්දේසියක්

අපහරණයට ලක්වූ කාන්තාවන්ට සහන සැළසීම සඳහා දේශීය පුණ්‍ය සංවිධානයක් විසින් භාණ්ඩ වෙළෙඳසැළක් සංවිධානය කර තිබුණි.
ගුදායිබියා හි අල් නාහ්දා හි පැවැති පුණ්‍ය වෙළෙඳපොලේදී විවිධ පුද්ගලයන් විසින් පරිත්‍යාග කරන ලද උසස් තත්ත්වයේ භාණ්ඩ රැසක්ම සහන මිල ගණන් යටතේ අළෙවියට තබා තිබුණි.


මෙම වෙළෙඳ සැළෙන් ලැබුණු සියලුම ආදායම් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වූ කාන්තාවන් වෙනුවෙන් නොමිලේ නීති ආධාර, උපදේශන සහ වෛද්‍ය පහසුකම් ලබාදෙන අයීෂා යටීම් පවුල් උපදේශන මධ්‍යස්ථානය වෙත ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබුණි.


කාන්තා අයිතිවාසිකම් සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන අයීෂා යටීම් විසින් 1954 වසරේදී ආරම්භ කරන ලද බහරේන තරුණ කාන්තා සංගමය විසින් අයීෂා යටීම් පවුල් උපදේශන මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලැබීය.


“අපේ කමිටු කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි විධායක කමිටුව. ඒ හරහා ස්වේච්ඡා සේවකයන් සමග එක්ව පීඩාවට පත්වූ කාන්තාවන්ට ආධාර කරනවා” යනුවෙන් සංවිධායක ෂහාර්සාඞ් යට්මීන් පවසයි.


“කාන්තාවන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන දන්නේ නැහැ. දික්කසාදය සහ අපහරණය වැනි කාරණාවලදී මොකක් කරන්නද කියලා ඔවුන්ට හරි වැටහීමක් නැහැ” 


“මේ වෙළෙඳසැළ හැමදාම විවෘතයි. ඒත් අපි අවුරුද්දට දෙපාරක් මේ වගේ ලොකු වෙළෙඳසැල් සංවිධානය කරනවා”


“බොහෝ විට අපි බහරේන ඩිනාර් 3,000 ක වගේ මුදලක් රැස්කර ගන්නවා. මේ පාර අපි බහරේන ඩිනාර් 1,500 ක මුදලක් රැස්කර ගත්තා”
මෙම මධ්‍යස්ථානය විසින් කරන අනෙක් වැඩසටහන් අතර පරිගණක පංති, සෞඛ්‍ය සහ පෝෂණ පංති සහ මැහුම් වැඩමුළු වෙයි.



අදහස් (0)

අපහරණයට ලක්වූ කාන්තාවන් සහන සැළසීමට උසස් වෙළෙඳනාම සහිත භාණ්ඩ වෙන්දේසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site